
(අංජුල මහික වීරරත්න)
රටේ කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14 ක කාලය ඇතුලත නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමිනි.
1977 ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වා දුන්නා සේම රටේ සිදුකළ යුතු කඩිනම් ආර්ථික පරිවර්තනය වෙනුවෙන් නව නීති රැසක් ගෙන එන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා වාණිජ කටයුතු වල නිරත රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කරමින් රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කර එම සියලු සමාගම් එක් ප්‍රධාන සමාගමකට භාර කිරීමට රජය කටයුතු කරන බව ද සඳහන් කළේය.
පොදූ මූල්‍ය කළමනාකරණ පනතක්, පොදු ණය කළමනාකරණ පනතක්, කෘෂි නවිකරණ පනතක් මෙන්ම මෙම සියලු ඉලක්ක සපුරාගත හැකි ආර්ථික පරිවර්තන පනතක් ගෙන එන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප මෙන්ම අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු පනහකට කිට්ටු කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා, තරුණ, පුලුවන් කාලේ රට විනාශ කරලා, හොම්බෙන් යන නහින, දෙහින කාලේ රට හදන්න හදනවාලු. වජිර වැහිලා වගේ.
කොපමණක් නීති බලය රැක ගැනීමට සහ ජනතාව පෙලීමටද කියලත් විස්තර කරා නම් බොහෝම හොඳයි. ඒ වගේම කොච්චර නීති තිබුණත් ජනතාවට අබමල් රේණුවක තරම්වත් වැඩක් නැති, දේශපාලුවන්ට පමණක් වටිනා සහ රටේ අක්‍රීය නීති ගැනත් පැහැදිලි කරනවා නම් තවත් හොඳයි.
ඔබතුමා ජනාධිපති වුණු නීතියේ හිඩැසත් ධුර කාලය නිමවීමට පෙර නව නීතියකින් වහලා දානවාද කියලා දැනගන්න කැමැතියි.
ඉන්දියාවත්, ඇමරිකාවත් පිනවන මෙහෙම කෙනෙක් ලෝකෙම නැහැ. අලුතින් ආ ඇමරිකන් තානාපතිනිය නියමෙට වැඩේ කරයි. එයා ඇවිල්ලා ඉන්නේ පකිස්තානයට වැඩේ දීලා... කරපු ටිකේ ඉතිරිය අවසන් කරයි.. එයත් එකක එකතුවෙලා.
අපිට මේ රටට විනයක් අවශ්‍යයි.
අනේ මන්දා නීති හැදුවාට ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටළු රාශියක් තියනවාය කියලා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් නම් දැක්කා...
බලය රැකගන්න මොන නීති වෙනස් කරලත් වැඩක් නැහැ... සනත් නිශාන්තට වගේ සොබාදහමින් ලැබෙයි ඔය ඉන්න සෙට් එකටම...