IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මාස 14ට නව නීති 42ක්

(අංජුල මහික වීරරත්න)

රටේ කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14 ක කාලය ඇතුලත නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමිනි. 

1977 ජේ.ආර්. ජයවර්ධන මහතා  විවෘත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වා දුන්නා සේම රටේ සිදුකළ යුතු කඩිනම් ආර්ථික පරිවර්තනය වෙනුවෙන් නව නීති රැසක් ගෙන එන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා වාණිජ කටයුතු වල නිරත රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කරමින් රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කර එම සියලු සමාගම් එක් ප්‍රධාන සමාගමකට භාර කිරීමට රජය කටයුතු කරන බව ද සඳහන් කළේය. 

පොදූ මූල්‍ය කළමනාකරණ පනතක්, පොදු ණය කළමනාකරණ පනතක්, කෘෂි නවිකරණ පනතක් මෙන්ම මෙම සියලු ඉලක්ක සපුරාගත හැකි ආර්ථික පරිවර්තන පනතක් ගෙන එන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප මෙන්ම  අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය. 



අදහස් (7)

මාස 14ට නව නීති 42ක්

PATTA hora Monday, 04 March 2024 02:41 PM

අවුරුදු පනහකට කිට්ටු කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා, තරුණ, පුලුවන් කාලේ රට විනාශ කරලා, හොම්බෙන් යන නහින, දෙහින කාලේ රට හදන්න හදනවාලු. වජිර වැහිලා වගේ.

:       4       18

පිටරටවැසියා Monday, 04 March 2024 02:57 PM

කොපමණක් නීති බලය රැක ගැනීමට සහ ජනතාව පෙලීමටද කියලත් විස්තර කරා නම් බොහෝම හොඳයි. ඒ වගේම කොච්චර නීති තිබුණත් ජනතාවට අබමල් රේණුවක තරම්වත් වැඩක් නැති, දේශපාලුවන්ට පමණක් වටිනා සහ රටේ අක්‍රීය නීති ගැනත් පැහැදිලි කරනවා නම් තවත් හොඳයි.

:       1       14

පිටරටවැසියා Monday, 04 March 2024 03:00 PM

ඔබතුමා ජනාධිපති වුණු නීතියේ හිඩැසත් ධුර කාලය නිමවීමට පෙර නව නීතියකින් වහලා දානවාද කියලා දැනගන්න කැමැතියි.

:       2       16

චන්දන Monday, 04 March 2024 03:54 PM

ඉන්දියාවත්, ඇමරිකාවත් පිනවන මෙහෙම කෙ‍නෙක් ලෝකෙම නැහැ. අලුතින් ආ ඇමරිකන් තානාපතිනිය නියමෙට වැඩේ කරයි. එයා ඇවිල්ලා ඉන්නේ පකිස්තානයට වැඩේ දීලා... කරපු ටිකේ ඉතිරිය අවසන් කරයි.. එයත් එකක එකතුවෙලා.

:       1       3

city Monday, 04 March 2024 06:06 PM

අපිට මේ රටට විනයක් අවශ්‍යයි.

:       0       0

ravin Monday, 04 March 2024 06:37 PM

අනේ මන්දා නීති හැදුවාට ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටළු රාශියක් තියනවාය කියලා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් නම් දැක්කා...

:       0       0

fairoos Monday, 04 March 2024 07:22 PM

බලය රැකගන්න මොන නීති වෙනස් කරලත් වැඩක් නැහැ... සනත් නිශාන්තට වගේ සොබාදහමින් ලැබෙයි ඔය ඉන්න සෙට් එකටම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 794 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site