යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන සඳහා මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි 22 වැනි දා සිට 29 වැනි දා දක්වා ගත වූ සතියේදී මත්ස්‍ය ටොන් 78ක් යුරෝපා සංගමයට අපනයනය කිරීමට හැකි වූ බව අපනයනකරුවෝ පවසති.
යුරෝපා සංගමයට අයත් රටවලට මත්ස්‍ය අපනයනයේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් පැවසීය.
සතිය තුළ වාර 96 කදී මත්ස්‍ය ටොන් 78 යුරෝපා සංගමයට ආනයනය කිරීමට හැකි වී ඇත. මත්ස්‍ය තොග අපනයනය කිරීම සමාගම් 13ක් ඔස්සේ සිදු කර ඇත. මෙලෙස අපනයන කරන ලද මසුන්ගෙන් බහුතරය ටූනා මසුන් වන අතර තෝරා, ඉස්සෝ හා පොකිරිස්සෝද වෙති.
යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අපනයනය සදහා තහනම පනවා තිබු කාලය තුළ මෙරටට අහිමිවු මුදල රුපියල් කෝටි 1600කි. යළිත් යුරෝපා සංගමයේ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් අපනයන කිරීමට හැකි වීම රට ලැබු සුවිශල් ජයග‍්‍රහණයක් බව ද අමාත්‍යවරයා එහිදි පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වට කර සාගරයි ඒ සම්පත් ආකාරයි. (ර)
ලංකාවේ අපිට ඉතින් මලු කන්න ලැබෙන්නේ නෑ. වහාම මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය පන ගන්වන්න. (ර)
මාළු විකුණන එක හොඳයි ,(හේ)
මෙච්චර අදායමක් ලැබෙනවනම් දැන් පනවපු බදු ටිකක් වත් අඩුකරන්න. (ම)
සමහරකුන්ට මීට පසේ මාළු කන්න ලැබෙන්නේ නැතිවෙයි කියලා මැසිවිලි නගන නිසා වැඩේ අත්හැරලා දාන්න වෙයි වත් ද.(හේ)
ගන්න ලකුණුවලට වඩා කැපෙන ලකුණු වැඩි නිසා ප්‍රවේශමෙන් ක්‍රීඩාවේ යෙදෙන්න. කවදත් සුඩයා, සාලයා ගේ පිහිට ලබන පංතියට ඒ සඳහා මිල වැඩි වීමක් නොවීමට අපි ප්‍රර්ථනා කරමු. (බ)
මාළු විකුණලා රට ගොඩ ගන්න පුළුවන් නම් වෙන මුකුත් එපා මැති ඇමති රොත්තම එක්කම අපි මාළු බාමු (බ)
ජය වේවා! (ම)