මාළබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සායනික පුහුණුව ලබාදීමට රජය ගෙන ඇති තීරණයට තම සංගමය එකඟ නොවන බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසයි.
එම සිසුන්ගේ සායනික පුහුණුවට අදාළ ඉගැන්වීම් සිදු නොකිරීමටද සංගමය තීරණය කළ බවද හේ කීය.
සයිටම් ආයතනය නීත්‍යනුකූල වෛද්‍ය උපාධිය ලබාදෙන සරසවි පීඨයක් නොවන බවත් ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවය මත ගොඩ නැගූ නීති විරෝධී ලෙස මුදල් ගරන උපාධි විකුණන ආයතන බවත් නිදහස් අධ්‍යාපනයෙන් ඵල නෙළාගත් වෛද්‍යවරු කිසිසේත් ඊට ඉඩ නොතබවන බවත් හේ අවධාරණය කළේය.
එසේම දැනට දිවයින පුරා පිහිටා ඇති වෛද්‍ය පීඨවල සිසුන් ගෙන යන සයිටම් විරෝධී ව්‍යාපාරය තම සංගමය හුදෙකලා නොකරන බවත් ඊට පූර්ව සහාය දෙන බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අධිකරණ තීන්දු ගැන තීරණ ගන්නේ මේ කියන දොස්තරවරුන්ගේ සංගමයද? (බ)
ඒකනිසා වෙන්න ඇති රජයේ විශ්ව විද්‍යාලයට යන්න බැරිවුණේ නේද? (නි)
මාලබේ උපාදි අරන් එන දොස්තරලා චැනල් සෙන්ටෙර් දාගන්නතුව ඉදවී කියලා හිතනවද.? (ර)
මේ ළමයි ඔය සල්ලි වියදම් කරලා ඉන්දියාවට ගිහින් හොඳට ඉගෙනගෙන උපාධියත් අරගෙන වෙන රටකට ගිහින් හොඳට ජීවත්වෙන්න. (නි)
වෛද්‍ය සිසුන් රට පුරා ටියුෂන් කඩ දාගෙන උගන්වනවා. උගන්වන්න ඔවුන්ට ඇති සුදුසුකම කුමක්ද....? කට ඇරියොත් නිදහස් අධ්‍යාපනය. නමුත් ක්‍රියාවෙන් අධ්‍යාපනයේ නිදහස අහුරනවා. ඊර්ෂ්‍යාව මිස වෙන කුමක්ද? (නි)
ඕකට කරන්න තියෙන්නේ ඔවුන්ට ශික්ෂණ රෝහලකුත් පටන් ගන්න . (ර)
රජයේ විශ්ව විද්‍යාලයකට තේරීමට තරම් ලකුණු නොලැබූ සිසුන් දොස්තරලා කිරීම නුවන ඇති දෙයක් නොවේ. ඔවුන් දක්ෂයෝ නොවෙති. එවැන්නන් වයිද්යවරුන් වුනොත් ඔවුන්ගේ අදක්ෂ කම නිසාම රෝගීන්ගේ ජීවිත අනතුරේ. (ර)
ඉදිරියේදී දොස්තර කේනෙකුගෙන් බෙහෙත් ගන්න කලින් මොන කැම්පස් එකේද ඉගෙන ගත්තේ කියල අහන්න වෙයිද දන්නේ නෑ. අනේ මෙහෙම රටක් අපි දැක්ක මේ සම්බන්ධව රිදිල තියෙන ව්‍යාපාරික ප්‍රජාව කවුද කියල ඒ කෙන්ම හිතා ගත්තෑකි මේකේ තරම. (බ)
මේ මාෆියාව ඉවත් කිරීමට රටේ බුද්ධිමත් ජනතාව පෙළ ගැසිය යුතුයි. මෙරට මම දන්නා කාලේ ඉදන් දියුණු වෙමින් පවතින රටක්. මෙවැනි මාෆියාවන් නිසා ඉදිරියටත් එ්ක එහෙමම පවතීවි. (බ)
හා හා මේගොල්ලන්ට මතක නැතුව ඇති පහුගිය කාලේ ඒගොල්ලෝ ඉල්ලපු දේ!! (නි)
රටේ මහජනතාවගෙන් පිනට ඉගෙනගෙන චැනල් සෙන්ටර් හරහා ජනතාවගේ මුදල් මංකොල්ලයේ යෙදෙන දොස්තර මාෆියාවෙන් මේ රට බේරාගන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. (නි)
අප්පුහාමි බුද්ධිමත් වැඩි නිසා වෙන්න ඇති කැම්පස් යන්න බැරිවෙන්න ඇත්තේ... (නි)
ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකෙන්ම 1200 තැනට පහලින් .මහාචාර්යවරුන්ට දීමට වර්ගීකරණයක් නැත .සියලුම දක්ෂ විශේෂඥයන් විදේශවල ඉගෙනගත් අය. (බ)
සහකාර වෙදුන්ගෙන් ඉගෙන ගන්න එම ශිෂ්‍යන්ට අවශ්‍යත් නැත .ඔබලාට වඩා ඔවුන් බුද්ධිමත් (බ)
අප්පුහාමි වලිගය පාගාගෙන ඇති බව පෙනේ. කවුද අප්පුවො බුද්ධිමත්? උසස් පෙළින් නියම ආකාරයෙන් වෛද්‍ය විද්‍යාලයට ගිය අයද, අඩු ළකුණු සහ අප්පච්චිලාගෙ සල්ලි මලු වලින් හොර උපාධි කඩයට ගිය අයද? (නි)
රට ගිහින් එම්බීබීඑස් අරන් එනවිට හොඳයි. රටේ සල්ලි පිටරටට දීලා. ලංකාවේ දැම්මහම අමාරුයි. දෙවිවරු වගේ දොස්තරලත් ඉන්නවා. ඒ වගේම කොන්දොස්තරලටත් අන්ත අය ඉන්නවා. (නි)
සමහර අයට එස් තුනක්වත් නැතිලු. අනේ මෙහෙමත් දේවල්! (නි)
මේ ළමයි බුද්ධිමත් නැති අයනම්, ඒ අයව කොන්කරන එකද, උගන්වලා බුද්ධිමත් කරන එකද අපේ වගකීම? (ම)
උසාවි නියෝගයට පයින් ගැහුවා කියල හිරේ දැම්මනම් හරි මේ දොස්තරලා ඔක්කොම.(ම)
කරුණාකරලා දොස්තර උපාධිය අනෙත් උපාධි එක්ක සංසන්දය කරන්න එපා සල්ලිවලට ඒක ගන්න එක නැවත් විය යුතුමයි මොකද එ අය ගනුදෙනු කරන්නේ මිනිස් ජීවිත එක්ක කැපවීමක් කරලා අනෙත් අයට වඩා යමක් තේරුම් ගන්න පුළුවන් අය මේ වැඩේට තෝරලා ගන්න ඕන දොස්තර මහත්වරු පුද්ගලිකව ලෙඩුන් බලන්නේ රාජකාරියෙන් පස්සේ ඒ මෙරටේ ඒ අයට හොඳින් ජීවත් වෙන්න (හේ)