නීතිපති දෙපාර්තමේන්තුවේ ඊළඟ සුදුස්සා නීතිපති ලෙස පත් කරන්නැයි ශ්‍රි ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලයි.

නීතිපති පත්කිරීම පිළිබඳව අදහස් ඉල්ලමින් රජය කළ දැනුම්දීමක් අනුව නීතිඥ සංගමය මේ බව දන්වා තිබේ.

හිටපු නීතිපති යුවන්ජන් විජේතිලක මහතාගෙන් පුරප්පාඩුවූ නීතිපති තනතුරේ මෙතෙක් වැඩ බැලීම සිදු කරනු ලැබුවේ සුහද ගම්ලත් මහතා විසිනි.