අද තරුණ තරුණියන්ට ස්ථිර රැකියා නැති බවත් මීළඟ අවුරුදු 5 ප්‍රධාන කාර්යය වන්නේ මේ රටට රැකියා ලක්ෂ 10ක් බිහිකිරීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ඇල්පිටිය බස්නැවතුම්පොළ ඉදිරිපිට ජනරැලියකට එක්වෙමින් පැවසීය.
පොරොන්දු වෙනුවට සැලසුම් ගෙන එන පංච මහා සංවර්ධන සැලසුම් සකස් කරන බව අගමැතිවරයා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා දෙනවා කියලා කිවුවා වගේ නෙමෙයි,ඕවා කොහොමද දෙන්නේ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් (නි)
ඇමරිකාවත් එක්ක සහයෝගයෙන් වැඩකරලා තමා මැලේසියාව, සිංගප්පූරුව, තායිවානය වගේ රටවල් දියුණූ වුණේ... බණ්ඩාර උන්නැහේ කැකිරාවේ ඉද ගෙනද රනිල්ට ආර්ථීකය ගැන උගන්නන්න එන්නේ..(ම)
රනිල් මහත්තයාගේ අදහස් හොඳයි. ඒත් ඒක ජනතාවට කියාගන්න තමයි බැරි. මහින්ද මහත්තයා බොරුවක් වුණත් ලස්සනට කියන්න දන්නවා. (නි)
යළි පුබුදමු ලංකා වේ දිගුවක්ද (ම)
බටලන්දේ ඉන්න කාලේ ඉගෙන ගත්ත ආර්ථිකය වෙන්න ඇති බටලන්දටත් අපහාසයක් (ම)
අනේ රනිල් මහත්තයෝ ඔයා කී පාරක් ඇමතිකම් අගමැතිකම් කලාද? රස්සා කීයක් දුන්නද? අර බටලන්දේ වදකාගාරේනම් දහස් ගානකට ඔයා සදහටම රස්සා දුන්න බව මුළු රටම දන්නවා. (ස)
මහින්ද කරලා පෙන්නුවා, රනිල් පොරොන්දු දෙනවා (ම)
රනිල්ගේ මනාප අංකය දන්නවද? (අ)
මෙය දෙන රැකියා. ඉන්න අයත් එලියට දායි (බ)
අනේ.....කාලෙකුත් බ්‍රේස්ලට් දුන්නේ... ඉස්සර ගුවන් පාලම් පවා එපා කියපු මිනිහනේ...(බ)
රනිල් කියන්නේ අවංක නිතියට ගරුකරන නායකයෙක් එතුමාගේ දක්ෂතා ඉදිරියේදී දැක ගතහැක එතුමා රටට වාසනාවක් ! (බ)
තියන ටිකවත් රැකගන්නකෝ (හේ)
ජය වේවා.(හේ)
අවුරුදු 5 යි, රට හමාරයි කියලා නම් කියන්න තියන්න එපා (නි)
සුරංගනා ලෝකයක් පෙන්වීම පසෙක දමා යථාර්ථය ඔවුනට ලබාදෙන්න. එවිට ඔබට අනාගතයක් ගැන සිතන්න හැකිවේවි (නි)
රජයේ රැකියා එහෙම වෙන්නේ නැහැ. රට තුළට ආයෝජකයන් ගෙන්වනවා. එතුළින් රැකියා වෙළද පොළක් නිර්මාණය කරනවා. අද ලෝකයේ ගොඩක් රටවල් කරන්නේ ඒක. මැදපෙරදිග ආසියාතික රටවල් කරන්නේ ඒක. රටට ආයෝජකයන් ගෙන්වන්න රටේ හොඳ වාතාවරණයක් හදන්න ඕනෑ. ලෝකේ දියුණු රටවල් එක්ක හොඳින් වැඩකරන්න ඕනෑ, යල්පැනගිය අදහස් වලින් මිදිලා අධ්‍යාපනය දියුණු කරන්න ඕනෑ (නි)
රනිල්ගෙන් තවත් කිසිම වගකීමක් නැති ප්‍රකාශයක්. (බ)
නාමල් දන්නා කෙහෙල්මල (බ)
අපි එකඟයි.මොකද හොරකම් නොකරපු නායකයෙක්.ඔබට කාගේත් සහය අරගෙන අපේ රට ගොඩගන්න පුළුවන් බව අපි දන්නවා (නි)
මෙතුමා දැන්මම දිනුවා වගේනේ කියවන්නේ. (නි)
දිනුවොත් අපි බලමුකෝ... (නි)
රනිල් මැතිඳුට ජය! (නි)
රැකියා ටික සාක්කුවේ ද තියෙන්නේ (බ)
2005 දී මහින්ද රට ගන්නකොට අපේ රාජ්‍ය සේවකයන් ගණන 680,000යි.දැන් ලක්ෂ 17යි. (නි)
ජය වේවා! (නි)
තරුණ පරපුර ඕවා විශ්වාස කරයිද? (නි)
අනුර , ඔයාගේ අදහසට තව කැල්ලක් එක් කරමුද ...??? " කියන දෙයක් නොකරන නායකයෙක් " කියලා. (බ)
අලින්ගේ හොරණ හඬ අහන්න අපේ මෝඩයෝ ටික රංචු ගැහිලා යනවා . මෙයාල කවද්ද කිවේ රටේ සංවර්ධනයට ස්ථිරසාර විසදුමක් . ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න ජාතික පර්තිපාත්තියක් , විදේශ ශ්‍රමිකයනට විශ්‍රාම වැටුපක්. බඩු මිල අඩුකරන ස්ථාවර කරමවෙදයක් ,මේ වගේ වටිනා ප්‍රත්පත්ති අලියෝ ලග නැහැ.ඉස්සර තිබුණා. ඒ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ, දැන් මෙයාල ලග මොකුත් නැහැ.හැමදාම කියන්නේ ඇමරිකාවට කඩේ යන දේවල් විතරයි.ක්‍රියාවට නන්වන්නේ ඇමරිකන් ප්‍රතිපත්ති විතරමයි (බ)
ඔච්චර රැකියා තොගයක් කොහොමද ඇතිකරන්නේ? (නි)
දින 180 හොඳටම ඇති අනේ පින් සිද්ධ වේවි හිටියා වගේ විරුද්ධ පක්ෂයේ නායකයා වෙලා ඉන්න මෙන්න සුබ පැතුම් (ම)
කියනකොටම තේරෙනවා ගොඩක් දේවල්. ලංකාව වගේ රටක් කොහොමද මෙච්චර රැකියා ඇතිකරන්නේ? (නි)
මට විශ්වාසයි උත්සාහය ඇතොත් මේ ඉලක්කය කරා යන එක අපහසු නොවන බව (නි)
රනිල් යනු හොර බොරු ඇත්තෙක් නෙමෙයි. ලොකයේ රටවල් අපිට උදවු කරන්නේ රනිල් අගමැති වුණොත් පමණයි (නි)
දැනට නැතිවුණ ඒවාට මොකද කරන්නේ..... (නි)