මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මළගිය ඇත්තෝ සුප්‍රසිද්ධ නවකතාව අනවසරයෙන් මුද්‍රණය කර අලෙවි කළ බව කියන සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ වරද පිළිගත්තේය.
මහේස්ත්‍රාත් සිය තීන්දුව ලබන 28 වැනිදාට කල් තැබිණි.
සරච්චන්ද්‍ර මහතාගේ බිරිය ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව විත්තිකරු ළඟ තිබී මළගිය ඇත්තෝ පොතේ හොරට මුද්‍රණය කළ පිටපත් 31 ක්ද සොයා ගැනිණි.
සරච්චන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේ තමාට වන්දි අනවශ්‍ය බවයි. එහෙත් වැරදිකරුට උපරිම දඬුවම් පනවන ලෙස ඕ ඉල්ලා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පුදුම මිනිස්සු තමයි. (ර)
මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි මහා ගත්කරුවකුගේ පොතක් හොරට පල කිරීමට තරම් පහත තත්වයකට වැටුණු මිනිසුන් සිටින රටක අපේ ජීවිතවල වටිනාකම කුමක්ද? ලලිතා සරත්චන්ද්‍ර මැතිනියගේ කාරුණිකභාවය අගය කරමු. සමාවන්න මහාචාරයතුමනි. (ර)
කොහොම නමුත් මලගිය ඇත්තෝ කියවන අය සිටින බව දැනගැනීම සතුටක්. ඒ වගේම මෙහෙම දේවල් වෙනවා කියන්නේ එතුමාගෙන් සමාජයට විය යුතු යම්දෙයක් තවමත් සමාජය තුල ඉතිරිවී ඇති බවයි. (ර)
"දෙවොන්දරාසන්" කිසිදා නොමියෙන බව මෙයින් ඔප්පු වෙනවා . (ර)
ඔහුගෙන් වන්දියක් අරගෙන සරත්චන්ද්‍ර සාහිත්‍ය අරමුදලක් පිහිටවමු. (නි)
මළගිය ඇත්තෝ" පවා විකුණා බඩගෝස්තරය හොයාගන්නා මිනිස්සු ඉන්නා බව දැනගෙන මම ඉතාම කණගාටු උනෙමි. (ර)
පොතුත් හොරට ගහන මිනිස්සුත් ඉන්නවනේ... (ර)
මා ශ්‍රී ලංකාවට පැමිණිවිටක කොළඹ පොත් සාප්පු වලට ගොස් අලුත් හා පැරණි පොත්පත් ගැන සොයාබැලීමට අමතක කරන්නේ නැහැ.ගිය වසරේ මා ගියවිට ආචාර්ය පණ්ඩිත ගුණපාල සේනාධීරයන් වන මගේ බාප්පාගේ පැරණි පොතක් අලුතින් මුද්‍රණය කර ඇතිබව දැක සතුටට පත්වී,පොත් 2 ම මිලදී ගත්තා.බිලද ලබාගත්තා.මේ වනවිට මාගේ බාප්පා හා ඔහුගේ දයාබර බිරිඳත් වියෝ වී තිබු බැවින් මා නිකමට ඔහුගේ වැඩිමහල් දියණියට මේ බව කිව්වා. මෙය අසා ඔවුන් පුදුමයට පත්වුණා.ඔවුන් කිසිදිනෙක මේ සඳහා බලය දී තිබුනේ නැහැ.කෙසේ නමුත් පසුව කරන ලද නීතිමය දැනුම්දීමකින් යම් මුදලක් ඔවුන් වෙත ලබා දී තිබුනා.මෙය පොත් ලියා ඇති කතුවරුන්ගේ හා ප්‍රකාශකයන්ගේ පවුල්වලට කියාදිය යුතු ආරංචියක් කියා මා සිතනවා.පොත් හොරට පළකිරීම අද ජයටම කෙරෙන ව්‍යාපාරයක්.අපි කවුරුත් අවදියෙන් සිට නිසි පියවර ගන්න උත්සාහ කරමු (නි)
"මළගිය ඇත්තෝ" පවා විකුණා බඩගෝස්තරය හොයාගන්නා මිනිස්සු ශ්‍රි ලංකාවේ ඉන්නා බව දැනගෙන මම ඉතාම පුදුමයට පත්වුණා. ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය කර තිබෙන්නේ ඉතාමත් උසස් වැදගත් ක්‍රියාවක්. (නි)
පොත් හොරට ගැහීම වැරදිය. එහෙත් ගසාඇත්තේ විකුණන්නට පුළුවන් නිසාය. භාවමත්මක ගීතයක් වන් වූ දෙවෙන්දොරා සං හා නොරිකෝ සං ගේ ආදර අන්දරය තාමත් රස විඳින්නට කැමති අය සිටින බව දැනගන්නට ලැබීම සතුට හේතු විය. ලලිතා මැතිනියනි, මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා නැවත පළකළොත් හොඳ නොවේද? (නි)
ටික කාලෙට කලින් මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ 'මනමේ'ත් පොතක් වගේ අච්චු ගහලා වෙන කෙනෙක්ගේ නමක දාලා විකුණුව අයනේ අපේ ලංකාවේ ඉන්නේ. ලංකාවේ මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවනේ ඉතින් හැමදේම (නි)
ධර්ම ජයවික්‍රම, ඔයා මොකටද සමාව ඉල්ලන්නේ? (නි)