(අංජුල මහික වීරරත්න)
"මොළ හතේ ආණ්ඩුව" කූඩැල්ලන් සේ ජනතාවගේ ලේ උරා බොමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
වර්තමානයේ ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම හෝ විපක්ෂ නායකකම රැක ගන්නා සටනක් නොව අනාගත පරපුරට රටක් අයිති කර දීමේ වගකීම බව කී තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂය එම කාර්යය ඉටු කරන බවද සඳහන් කළේය.
"ඩී.එස් සේනානායක ,ඩඩ්ලි සේනානායක,ජේ.ආර් ජයවර්ධන වැනි නායකයන් සියලුම දෙනා තම දේපළ රජයට පැවරුවා. අපේ වත්මන් නායකතුමා කටයුතු කරන්නෙත් ඒ ආකාරයටයි. එතුමන්ලා රටේ දේවල් බදා ගත්තේ නැහැ "යනුවෙන්ද පාලිත තෙවරප්පෙරුම මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් අපි ගෞරව කළ මහත්මයෙක්.. දැන් මොලේ කුරුවල් වෙලා වගේ කතා කරන්නේ.. පව්...!!!
"මොළ හතේ ආණ්ඩුව" හත්පළේ ගාගෙන...
කූඩැල්ලන් වැඩිපුරම ඉන්නේ මඩවගුරුවල. ඒ අය ඒ කුඹුරුවල ලගින හරකුන්ගේ ඇඟෙත් එල්ලෙනවා. මොකද එකපාරට කූඩැල්ලන් මතක් වුණේ? පිටට පේන්නේ නැති වුණාට ඇතුල් පැත්තේ වත් එකෙක් එල්ලුණාද?
මෙයා පුංචි සන්ධියේ කැලේ පැනපු නිසා අකුරු සාත්තරේ බැහැ. ඉතින් පොතක්, පත්තරයක් කියවන්න බැහැ. මේ මෑතක කවුරු හරි කියපු දෙයක් ඇරෙන්න වෙන දෙයක් දන්නෙත් නැහැ. ඒ නිසා පරණ හොරු ගැන දන්නේ නැහැ. පව්, අනුකම්පා කරන්න...
මොනවා කරත් කමක් නැහැ. ගැහැණු පිරිමි භේදයක් නැතුව දැක්ක ගමන් කාගේත් කරේ අත දානවා තට්ටු කරනවා වගේ වැඩ නවත්වන්න... ගැහැණුන් බොහොම අපහසුවට පත්වෙනවා. ඔය ඡන්දය ගන්න හිතවත්කම් පෙන්නන්න හදන වැඩවලින්... ඔබේ හිත හොඳ වෙන්න පුළුවන් නමුත් ගමේ මිනිස්සු අර කාන්තාවන්ට කියන්නේ වෙන දෙයක්.