සෙල්ලකතරගම ඇළක තිබි ඝාතනයට ලක් වු බව කියන දෙදෙනකුගේ සිරුරු දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි.
අඟහරුවාදා (5) රාත්‍රියේ සෙල්ල කතරගම බුත්තල මාර්ගයේ විදුලි වැට ආසන්නයේ අතුරු මාර්ගයක දි පුද්ගලයින් දෙදෙනකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. එසේ මරා දැමුණු පුද්ගලයන්ගේ සිරුරු ඇළට ගෙන ගොස් දමා ඇතැයි කියති.
තිස්සමහරාමයේ පදිංචිව සිටි නානයක්කාරගේ සමන් ජයන්ත(42) එක් දරු පියකු හා ඹහුගේ කෙසෙල් කොරටුවක සේවය කළ විවාහකයකු වන පේ‍්‍රමරත්න නැමති දෙදෙනා එසේ මරා දමා ඇත.
මිය ගිය සමන් ජයන්තට අයත් යතුරු පැදිය ද කෙසෙල් කොරටුව ට යන මාර්ගයේ බිම වැටි තිබියදී සොයාගෙන ඇත. එම මාර්ගයේ තිබියදී ජංගම දුරකතනයක් ද සොයාගත් පොලිසිය බිම ලේ පැල්ලම් රැසක් ද ඇති බව කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත දකිනවට අකමැති කොටස් ඉන්නවා ඒවාට බොරු මත දක්වනවා (බ)
පසුගිය කාලේ කළ දේවල් වල සාක්කි නැති කරන්න මරණවද මෙලෙස (බ)
අනේ හිරාන් මතක නැද්ද මහින්දගේ කාලේ කරපු එව්වා.(බ)
දැන් ඉතින් පාරවල් වල බල්ලෝ බළල්ලු වගේ මරල දාල යන කාලයක් නේ තියෙන්නේ (ම)
ලංකාව හරියට දැන් මීනි කනත්තක් වගේ.මේවයේ අවසානයක් කවදා දකින්න වෙයිද..............(ම)
පොලිස් පතිතුමා කියලා තිබුණා රටේ ආරක්ෂාව තහවුරුයි කියලා (ම)
ශාන්ත මතක නැද්ද ටයර් පාර හැම තැනම ගිනි ගත් හැටි (බ)
අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා දැන් කියයි මේක දේව ශාපයක්.සොයන්න පොලිස් කණ්ඩායම් 3 ක් පත් කරනවා කියල (බ)
රත්නේ ඒක නම් ඇත්ත. කලින් තිබුණේ සුදු වෑන් එකේ ගිහින් මළ සිරුරවත් දකින්න නැති කාලයක් නේ (බ)
මිනිස්සු සල්ලි වලට අම්ම අප්පා පවා මරණ තත්වයට පත්වෙලා (ම)
මෙන්න යහපාලනය.මිනිස්සු බල්ලෝ වගේ තැන,තැන මරලා දාන්නේ.(හේ)
දැන් පේනවනේ රටට ගිය කලක් මේවා පෙනී පෙනී නව අර්ථකථනය කරන අයත් අප අතර ඉන්න එකනේ පුදුමේ (ම)
ඒ කාලෙත් මේ වගේ අපරාධ තිබුනා. නමුත් මාධ්‍ය වලින් එච්චර ප්‍රසිද්ධ වුණේ නැහැ (නි)
බල ලොබින් බලයට එන්න දගලන වෙලාවක මේ වගේ රට පුරා භිෂණයක් පැතිරිම සම්බන්ධයෙන් මිනිස්සුන්ට දෙයක් හිතන්න වෙනවා.(ම)
මොකට මිනී මරා ගන්නවද දන්නේ නෑ.(හේ)
මිනිසුන් මැරිලා හැමතැනම ඔහොම යනකොට ටයර් එහෙමත් ඒවි (හේ)
මේවා අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ ගිණුම්වලට බැර නොකර මේවාට විසඳුම් සොයන්න පාලකයිනේ. (හේ)
පිස්සු බල්ලන්ට ආදරයෙන් කරුණාවෙන් ඔලුව අතගා මෙල්ල කළහැකි යි කියන උගතුන්ගේ අවවාද අනුසාසන අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න එපා. තව තවත් බන කියන්න(කෞ).
පසුගිය කාලේ කළ දේවල් වල සාක්කි නැති කරන්න දැන් කාලේ මරන්නේ මොනවටද ? එදා කාලෙම පහසුවෙන් කරන්න තිබුන නොවැ මේවා වෙන්නේ දැන් කාලේ.. (කෞ)
නව කොටි පොඩ්ඩක් හොයල බලන්න මේ අයට තරහ කාරයෝ නැහැ (බ)
හිරාන් ඉස්සර මරපුව මාධ්‍ය දන්නෙත් නැහැ. දැනගත්තත් කටවල් වහගෙනනේ හිටියේ තමන්ගේ ජීවිතයට බයේ. අද ජනතාව නිදහසේ කතා කරනවා. ප්‍රවෘත්ති පල කරනවා. එක තමයි යහපාලනය. නිහඬව බුක්ති විඳින්න දරුවෝ. (බ)
රටේ සදාචාරය බල්ලාට ගියා යන්න පසක් වෙයි. නමුත් මෙය එක සැනින් සිදු වන්නක් නොවේ.හිරාන්.මේ තත්වයට මිනිසුන් ඇද වැටෙන්න පවුල් පරිසරය, පැවති ශිෂ්ට නොවූ දේශපාලනයන් හා අවිචාරශීලි දේශපාලන අනුගාමිකයන් වගකිව යුතුබව සිහියේ තබා ගන්න.එයට පැවති සියලු රජයන් වගකිව යුතු බව නොරහසක්. (බ)