ධීවර ගැටළු සම්බන්ධයෙන් ධීවර ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත දී 14 වැනිදා දහවල් පැවති සාකච්ඡාවක් ගුටි බැට හුවමාරුවකින් නිමාවට පත් විය.
ධීවර සංස්ථාවට අයත් හලාවත පොදු මාළු වෙළද සල් භූමියේ පිහිටි කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.
හලාවත ධීවර වරාය ඉදිකිරීම, පොදු මාළු වෙළද පොළ ඉදිකිරීම,හලාවත මෝය අසල ගල් වැටියක් ස්ථාපනය කිරීම ආදී කරුණු මෙහිදී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව අතර තුර මසුන් මැරීම සදහා යොදා ගන්න ධීවර පන්නයක් සම්බන්ධයෙන් ධීවරයින් දෙදෙනෙකු අතර ඇතිවූ කථා බහක් දුර දිග යාමෙන් පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත් විය.දෙපාර්ශවය ගුටි බැට හුවමාරු කර ගන්න අතර තුර ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාව ඔහුගේ ආරක්ෂකයින් විසින් මෝටර් රථය වෙත ගෙන ගොස් පිටත් කර හරින ලදි.
අනතුරුව එම ස්ථානයේ සිටි ධීවර නිලධාරින් සහ පොලීසිය එක්ව දෙපාර්ශවය දෙපසට යවා සිද්ධිය සමථයකට පත් කරන ලදි.
සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවූ බවට වාර්තා වී නැත.
මෙම සාකච්ඡාවට පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, වයඹ පළාත් ධීවර ඇමති සුමල් තිසේරා,හිටපු අමාත්‍ය දයාශ්‍රිත තිසේරා යන මහත්වරුන්ද,ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ධීවර නියෝජිතයින්ද සහභාගි වී සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තල්මසුන් සමග කුම්බලාවෝ, කුනිස්සෝ එහෙම හොඳට කා ගන්න ඇති. (ර)
ඔබ රැකුනොත් තමා අපිත් රැකෙන්නේ... (ර)
යාළුවො මාළුවෝ වෙලා. (ර)