IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාළු සාකච්ඡාවේදී මාළු කා ගනී

ධීවර ගැටළු සම්බන්ධයෙන් ධීවර ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත දී 14 වැනිදා දහවල් පැවති සාකච්ඡාවක් ගුටි බැට හුවමාරුවකින් නිමාවට පත් විය.

ධීවර සංස්ථාවට අයත් හලාවත පොදු මාළු වෙළද සල් භූමියේ පිහිටි කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.

හලාවත ධීවර වරාය ඉදිකිරීම, පොදු මාළු වෙළද පොළ ඉදිකිරීම,හලාවත මෝය අසල ගල් වැටියක් ස්ථාපනය කිරීම ආදී කරුණු මෙහිදී සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව අතර තුර මසුන් මැරීම සදහා යොදා ගන්න ධීවර පන්නයක් සම්බන්ධයෙන් ධීවරයින් දෙදෙනෙකු අතර ඇතිවූ කථා බහක් දුර දිග යාමෙන් පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත් විය.දෙපාර්ශවය ගුටි බැට හුවමාරු කර ගන්න අතර තුර ධීවර අමාත්‍ය  මහින්ද අමරවීර මහතාව ඔහුගේ ආරක්ෂකයින් විසින් මෝටර් රථය වෙත ගෙන ගොස් පිටත් කර හරින ලදි.

අනතුරුව එම ස්ථානයේ සිටි ධීවර නිලධාරින් සහ පොලීසිය එක්ව දෙපාර්ශවය දෙපසට යවා සිද්ධිය සමථයකට පත් කරන ලදි.

සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවූ බවට වාර්තා වී නැත.

මෙම සාකච්ඡාවට පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, වයඹ පළාත්  ධීවර ඇමති සුමල් තිසේරා,හිටපු අමාත්‍ය දයාශ්‍රිත තිසේරා යන මහත්වරුන්ද,ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ධීවර නියෝජිතයින්ද සහභාගි වී සිටියේය.

DSC09640 DSC09641



අදහස් (0)

මාළු සාකච්ඡාවේදී මාළු කා ගනී

නන්දලාල් - ප්‍රංසය Thursday, 14 January 2016 10:35 AM

එහෙනම් තල්මසුන් සමග කුම්බලාවෝ, කුනිස්සෝ එහෙම හොඳට කා ගන්න ඇති. (ර)

:       0       0

ගයන් Thursday, 14 January 2016 10:38 AM

ඔබ රැකුනොත් තමා අපිත් රැකෙන්නේ... (ර)

:       0       0

ක්‍රිස් Thursday, 14 January 2016 11:01 AM

යාළුවො මාළුවෝ වෙලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site