(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක අද සවස හතරට පමණ හදිසියේ ඇති වූ බව කියන කිසියම් විෂ දුමාරයක් නිසා රෝගාතුර වූ සේවිකාවන් 30 පමණ වෙන්නප්පුව සහ ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ අය අතරින් යුතු පිරිසක් රාත්‍රිය වන විට පිටව ගොස් තිබුණු බවද රෝහල් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
මාළු තොග ගබඩා කර ඇති අධි ශීතකරණ ආශ්‍රිතව මෙම විෂ දුමාරය හටගෙන ඇති බවට සැක කෙරෙන බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd