ලග්ගල නාරංගමුවේ සිට ලග්ගල පල්ලේගම දක්වා වෑන් රියකින් හා යතුරු පැදියකින් ගමන් ගත් පිරිසක් ලග්ගල හංවැල්ල ප්‍රදේශයේදී අද (09) උදෑසන දෙබර ප්‍රහාරයකට ලක් වී නව දෙනෙක් ලග්ගල පල්ලේගම මුලීක රෝහලට ඇතුළු කර ඇතැයි ලග්ගල පොලීසීය කියයි.
වයස අවුරුදු දොළහක පාසල් සිසුවකු හා සිසුවියක්ද තුවාල ලැබුවන් අතර සිටින බව පොලීසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මළ ගෙදරක යමින් සිටි පිරිසක්, උදෑසන සිය රාජකාරී සදහා ගමන් ගත් පිරිසක් හා පාසල් දරුවන්ද වෑන් රියේ ගමන් කර ඇතැයි පොලීසීය කියයි.
නකල්ස් සංරක්ෂිත වනාන්තරය මැදින් ඇති හංවැල්ල මාර්යේ මෙම දෙඹර කූඩුව තිබු නිසා ඒ මොහොතේ සතෙකු පැනීමෙන් හෝ දෙබර කූඩුව ඇවිස්සෙන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
වන සංරක්ෂණ නිලධාරීන් හා එක් වී එම සවස් වන විට එම දෙබර කූඩුව එතැනින් ඉවත් කිරීමට කටයුතු යොදන බවද පොලීසීය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මළ ගෙදර යද්දී දෙබරු අනිති
පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 11:00 AM
සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)