අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
ජනතාවගේ පෝර සහනාධාරය කප්පාදු කරන, රටේ ආර්ථික සම්පත් විකුණන, වැඩබැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑයි හිතන මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න සියලූම ජනතාව සමඟ කොළඹට පැමිණ කොළඹ වටලා අලූත් ආණ්ඩුවක් අරං ගෙදර එන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (3) උඩවළවේ දී පැවසුවාය.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උඩවලව උප කාර්යාලය සහ පුස්තකාලය විවෘත කරමින් පැවති ජන හමුවේ දී ඇය මේ බව පැවසුවාය.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති සුරන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදුවිය.
එහිදී තවදුරටත් කතා කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය කීවාය.
‘‘මහින්ද මහත්තයා ඉන්නකම් යුද්දෙන් රට බෙදන්න බැරි බව දෙමළ ඩයස් පෝරාව දැනගෙන හිටියා. ඒ නිසා මහින්ද මහත්මයා ඉන්නකම් ඒ අයගේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි බවත් දැනගෙන හිටියා. දෙමළ ඩයස්පෝරාවට ඕනෑ විදියට නටවන්න පුළුවන් මෛත්‍රී සහ රනිල් බලයට පත් කළා. එහෙම කරලා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනාවා. මේ ව්‍යවස්ථාව සම්මත වුණොත් ස්ථිරවම රට බෙදනවා.’’
‘‘අද ආණ්ඩුවක් තියනවාද කියන ගැටලූව තියනවා. රටේ ආර්ථිකය, කර්මාන්ත සහ ගොවිතැන කඩා වැටිලා. ගම්මිරිස්, තේ, රබර්, මැණික් කර්මාන්ත කඩා වැටිලා. ආණ්ඩුවට විසඳුම් නෑ. මහින්ද මහත්තයා දුන්න පෝර සහනාධාරයට කප්පාදු කරලා ගොවියා අසරණ වෙලා.’’
‘‘අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ, පෝර සහනාධාර කප්පාදුවට විරුද්ධ, රටේ ආර්ථිකය කඩා වැටීමට විරුද්ධ සෑම කෙනෙකුටම මහින්ද රාජපක්ෂ මහත්තයා වටා එකතුවෙන්න කියා අපි ඉල්ලනවා. මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න අපි සියලූ දෙනාම පස් වෙනිදාට කොළඹට ඇවිල්ලා කොළඹ හැම තැනක්ම වටලනවා. පහුවදා ආපහු ගෙදර එන්නේ අපේ ආණ්ඩුවක් අරගෙන. ඒ ඓතිහාසික අවස්ථාවට අපිත් එක්ක රොද බැඳගෙන එකතු වෙන්න කියලා අපි හැමොගෙන් ම ඉල්ලනවා’’ යැයි ද කීය.
මේ අවස්ථාවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පක්ෂ සහ විපක්ෂ එජාපයේ සභිකයන් ද පැමිණ සිටියේය. ඇඹිලිපිටිය නගර සභාවේ සහ කොළොන්න ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂවල සභිකයන් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ආණ්ඩුව ගෙනියන්න මල්ලකුත් අරගෙන එන්න.
අනේ නිකන් "අපවිත්‍ර කතා නොකියා ඉන්නවද..? "
ඔහේ අලුත් ආණ්ඩුවට එනවනම් මම ඡන්දෙ දෙන්නේ නැහැ!
අපවිත්‍රා හොදට ලස්තිවෙලද ඉන්නේ ලොකු මල්ලක් අරගෙනම එන්න
හිතාගෙන ඇති... වහල්ලුන්ගෙ හැටි ගහල හරි ගන්න. එහෙනම් රජයක් හමුදාවක් මොකටද?
ඔබතුමී ඇත්ත කීවා දැන් ඔබතුමිලගෙ මල්ල හිස්. කලින් ඔබතුමීලගෙ මල්ල ගෙදර ඉදම්ම පුරවාගත්තානෙ. දුප්පත් මිනිහාට කන්න ඉතිරිවෙලා තියෙන ටිකටත් විදින්නද හදන්නේ .
මුළු රටම අල්ලාගෙන ඉදලා නේද පැරදිලා ගෙදර ගියේ. දැන් කියනවා මුළු කොළඹම වටලලා බලය අරන් ගෙදර යනවලු..... රටේ ජනතාව ඉන්නේ මෙතන විතරද රටේ කිසිම බෙදීමක් සිදුවෙලා නැහැ බොරු කතා ගොතමින් බලය අල්ලන්න අමාරුයි. මහින්ද ඉන්නකම් කවුරු කවුරුත් උඩ පනියි සේරම හොරු මිනිමාරුවෝ කරපු වැරදි වැඩ වලට හිරේ යනවා අධිකරණයට පෙනී සිටිනවා. මේවා නතර කරන්න. ආණ්ඩුව පෙරලන්න මෝඩයින්ට එන්න කියන්න
හරිම සරලයි !!! 5 වෙනිදාට මුළු ලංකාවේම සෙනග කොළඹට ගෙනාවත් මහින්ද අදත් මන්ත්‍රී.. 5 වෙනිදායින් පස්සෙත් මන්ත්‍රී....
ජෝන් අන්කලුත් එක්කද එන්නේ?
එදාටත් ...ගෙදර ඉන්නවා වගේ හොඳටම අරක්කු බිලා ...යකා නැටුවොත් බලාගෙනයි...
මෙතුමියගේ කතාවත් පොඩිදරුවෙක් කටපාඩම්කර කියන්න යන කතාවක සමහර කොටස් අමතක වුණාම මතක්වන කොටස් කියවනවා වගෙයි. මුලින් කියනවා වැඩ බැරි ආණ්ඩුව පලවහරින්න ඕනෑ කියා. අන්තිමට කියනවා ආණ්ඩුවක් තියනවද කියන එකත් ප්‍රශ්නයක් කියා. ආණ්ඩුවක් නැත්නම් මොකක්ද පලවා හරින්නේ?
ජනතාවගේ ඉතුරුවෙලා තියෙන ලේ ටිකත් බොන්නද අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එන්නේ?
මේ වගේ ගොන් වැස්සියන්නේ රට පාලනය කරන්න බලය ඉල්ලන්නේ ..කොළඹ වටලලා අලුත් ආණ්ඩුවක් අරගෙන යනවයි කියන්නේ ...රෙද්දවත් ඉතුරු කරන ගියොත් හොදයි
මේක සම්පුර්ණ ප්රජාතන්ත්ර විරෝධී ප්‍රකාශයක්. ඡන්දයෙන් පත්වුණු රජයක් එහෙම පෙරලන්ඩ සිතීම ත්රස්තවාදයක්.
මේ වගේ දේශපාලුවන් රටට බරක්. නරකද ඔය කට්ටිය ගිහිල්ලා කුඹුරක් මඩවපුවම? මේ නෝනටත් එතකොට පුළුවනි `පවිත්‍ර මැණිකේ ඇඹුල ගෙනල්ලා` කියල කුඹුරට යන්න!.
බොහොම හොඳයි මන්ත්‍රීතුමියනි, හැබැයි 6 වෙනිදාට මිනිස්සුන්ට බනින්න එපා... අපේ රටේ ඉන්නේ මෝඩ ජනතාවක් මෙච්චර කියලත් (අපි හිතපු තරම්) ආවේ නැහැනේ කියලා.
මොලේ නරක්වෙලා නම් ඖෂධ ගන්න. පිස්සු නොවේනම් හරි ශෝක්. මෙහෙම ලාබාලයින්ද බලය ඉල්ලන්නේ...?
හීනයක්වත් දැකලද මේ දොඩවන්නේ...!
තියන ඔක්කොම අතගාගෙන ගෙදර යන්න තමයි ගිය පාරත් හැදුවේ. නමුත් බැරිවුණා බලය තිබිලත්... කර ගන්න බැරිවෙච්ච වැඩේ මේ පාර කොහොම කරන්නද නෝනේ...?
මෙහෙම අයටද රටක් පාලන කරන්න දෙන්නෙ
ඡන්දයක් ලග එන නිසාත් හොරු කිහිපදෙනෙක් හිරේ යන්න ඉන්න නිසාත් තමන්ගේ ගැලවීම වෙනුවෙන් ජනතාව ඉදිරියට දානවා. බෝතලේට බත් පැකට් එකට අසරණ ජනතාව බිලිබාගන්නවා. ඕකෙන් ගොඩ යන්නේ ඔය දේශපාලකයෝ විතරයි. ජනතාවට ලැබෙන දෙයක් නැහැ .හැමදාම විපක්ෂය කලේ රට විනාශ කරලා බලය ගන්න හදන එක තමා.
පොලට ගිහින් බඩු ගේනව වගේද ? හික්.. හික්.. හික්..