කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහු අනුස්මරණය කිරීමේ දැන්වීම් යාපන විශ්ව විද්‍යාලයයේ තැන තැන අලවා ඇතැයි උතුරේ ආරංචි කියයි.
2009 මැයි 19 වැනිදා මුලතිව් නන්දිකඩාල් කපුවේදී ප්‍රභාකරන් මැරුම් කෑවේය.
ඔහුගේ උපන් දිනය සමරමු යන්න සරසවි බිමේ තිබු දැන්වීම්වලින් කියැවිණි.කොට සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට කලබල වෙන්න එපා කියන්න තව මාස දෙකකට පස්සේ කොහොමත් ලැබේ (නදී)
සර්පයෝ කිරි දීලා හැදුවත් සර්පයෝම තමයි (නදී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මගුල් කීවලු. කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම ඕනලු. අනේ කාලේ වනේ වාසේ කීවලු. හරි හරි ඔහොම යං. කොටින්ටයි උන්ගේ හිතවාදීන්ටයි ඕන දේ අපේ අයම එකතුවෙලා කරලා දෙයි වගේ වැඩි කල් නොගොහින්ම. (නදී)
ලංකාවෙත් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විදේශ රටවලටත් මේ දවස්වල අපේ රටේ වෙන දේවල් වලට හරි සතුටු ඇති. ප්‍රභාකරන් දැකපු දවල් හීන පේනවා ඇති. (අ)
මෙහෙම හරි ළදරු සතුටක් ලබපුදෙන්. (ස)
ඕව කරන අය කවරුන්ද ඒවාට මොනවද කරන්න ඕනේ කියන එක අලුතින් කියා දෙන්න ඕනෙද ? දෙකේ පන්තියේ වැඩ නොකර අවශ්‍ය තැනට නිසි පියවර ගන්න (නදී)
තව මාස දෙකකට පස්සේ කොහොමත් පන (නදී)
ෆොන්සේකා හිටපු නිසා යුද්ධය දිනුවා. දැන් ඉතින් කාටද ඒ වගේ මොළයකින් ගහන්න පුලුවන් (නදී)
කොහොමත් ඉතින් ජන්දේ කිට්ටු වෙනකොට කොටි එනවෝ කොටි එනවෝ කියල කෑ ගහනවනේ. (නදී)
83 වර්ෂයේ කොලාහළේ අමතක වෙන්නේ කොහොමද? (නදී)
ආයි කන්න ලැහැස්ති වෙනවා වගේ (නදී)
ඔන්න ඉතින් ආපහු ඉල්ලන් කන්න හදනවා. මේ වැඩවලින් කාල බිල නිදහසේ තමන්ගේ කියා වැඩක් පලක් කරගෙන ඉන්න එකාටත් කනේ පාර වදිනවා මේ මනක්කල්පිත වැඩ නිසා. (නදී)
අපිත් කොටි තමයි හරිය. (නදී)
ඒක තමයි සරත් ෆොන්සේකා මහතා වෙන් කරලා කොන් කරලා බැහැ. ඔහුහේ සේවය අපේ රටට දිගටම ඕන කරනවා.(නදී)
නැවත කොටි එනවනම් කොට්චරනම් හොඳද? (ස)
නිමල්, ලංකාවේ ආයෙත් බෝම්බ පුපුරනවට කැමතිද ඔයාල බබාලා වගේනේ. කොටි ඉවරයි කියලද හිතන්නේ. ඔයාල රටින් පිට වෙන දේවල් දන්නේ නැහැ නොර්වේ, කැනඩාවේ වගේ ඉන්න හරි සිංහලයෙක්ගෙන් අහල බලන්න එයාල ලංකාවේ මොකද්ද කරන්න බලන් ඉන්නේ කියල. (ර)
කොටි පැරැද්දුවා කියල උදම් ඇනුවට තවමත් අපේ රට ඉපදෙන අයට ජාතිය, ආගම, කුල, දුප්පත් පොහොසත් භේදය බලපානවා නේද? කොටි පැරැද්දුවට යුද්ධය දිනුවේ නෑ. දෙමළ ජනතාවගේ හදවත් දිනුවේ නෑ. ඒක වෙන්න පුළුවන් තවමත් ප්‍රභාකරන් විමුක්තිකාමියකු වෙන්නේ මේ රටේ එක කොටසකට. (හේ)
නිමල් ඔයා හිතාගෙන ඉන්නේ ප්‍රබල හිටපු කොටි නායකයෝ රජයට හේත්තු වෙලා ඉන්නේ ආදරේට කියලද? (නදී)
සාම සාකච්ඡා පටන් ගමු ආයේ. උන්ට ඉතින් ආයුද ටිකක් දීල පාඩුවෙ උන්ගෙ නීති දාගෙන එහෙ හිටපු දෙන් අපි කොලඹ ඉමු. මහින්ද වගේ යුද්ද කරල යුද අපරාද චෝදනා දාගන්න ඕනෙ නෑනෙ. කැනඩාව එංගලන්තෙ වගේ රටවලින් සල්ලිත් ලැබෙයි (නදී)
ලක්ෂී, ඔයා හරි. (ර)
උමතුවෙන් පපුවට ගසාගත් පමණින් දේශප්‍රේමියෙක් බිහිවෙන්නේ නැත.!!!! එයට උපක්‍රමශීලිව කරන සටනත් වැදගත් ...තානාපති සේවය හිත මිතුරන් සදහා පමනක් වෙන් වී ඇති විටෙක එය හීනයක් පමනි !!! (අ)
මේක ආණ්ඩුවේ වැඩක්..මෛත්‍රිපාල මහත්තයට බයවෙලා තියෙන තරම පේනවා.(අ).
ශාන් ඔයා කියන විදිහට ඉවරයක් කරන්න පුලුවන්නම් ගොඩ නමුත් එහෙම කරන්න බැහැ. ඩොලර් වලට ගොට්ට අල්ලන අය තමා රට කන්නේ....රනිල්ලා කරේ කොටි හුරතල් කරපු එක ඉස්සරහට බලන් ඉන්නෙත් ඒක කරන්න එ්ත් අපේ සිංහලකම තියෙන කළගුණ දන්නා මිනිස්සු ඉන්නකන් මහින්ද රාජපක්ෂ පරාජය කරන්න හම්බවෙන්නේ නැහැ. (අ)
( මධූ 2014-11-23 12:38:00 ෆොන්සේකා හිටපු නිසා යුද්ධය දිනුවා. දැන් ඉතින් කාටද ඒ වගේ මොළයකින් ගහන්න පුලුවන් (නදී)-ඒක නිසාද 2010 TNA එක ෆොන්සෙකට සහය දුන්නෙ, එතකොට අද මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න හදන්නෙ, එතකොට ගුවන් හමුදාව, නවික හමුදාව බලන් හිටියද, පොලිසිය අල කෑවද? (අ)