ගලේවෙල සිල්වත්ගම මළ ඔය පාලම සැදීමට ගෙන ආ යකඩ කම්බි තොගයක් කොන්ත්‍රාත්කරුට නොදන්වා වැඩබිම අසල නිවසකට රැගෙනයාම ගැන පරීක්ෂණ අරඹා ඇත.රුපියල් තුන්කෝටියකට ආසන්න මුදලක් වැය කර මේ පාළම ඉදි කෙරෙනුයේ කොන්ත්‍රාත්කරුවකු විසිනි.
යකඩ කම්බි වෙනත් තැනකට රැගෙ ගොස් ඇතැයි ගමේ තරුණයෝ පිරිසක් එසැණ බවබ් අඩවියට සදහන් කළේය.
ඒ අනුව එසැණ එහි ගියේය.වැඩ බිම ඇතැම් සේවකයින්ගේ පරස්පර විරෝධි කතා නිසා එසැණ සැකය තවත් තහවුරු විය.
ඒ අනුව කොන්ත්‍රාත්කාර සමාගමේ වැඩ බිම ඉංජිනේරු පී චන්ද්‍රරත්න හා ප්‍රාදේශිය ඉංජිනේරු ජී එස් බණ්ඩාර මහත්වරු එහි ආහ. ඔවුන් පැවසුයේ අනවසරයෙන් මෙම යකඩ වෙන තැනකට ගෙන ගොස් ඇති බවයි.
එසැණ වෙබ් අඩවිය මේ ගැන උනන්දු වී වංචාව වැළැක්වීමට ගත් උත්සාහය පිළිබදව ඔවුන් සිය ස්තූතිය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අය කවදාවත් හොරකම් කරන්නේ නැහැ.මම හිතන්නේ ඔය යකඩ වැස්සට තෙමිලා මලකඩ කන නිසා පරිස්සමට වෙන තැනකට ගෙනියන්න ඇති.(දිල්)
යකඩ, වානේ හොරු ගැන කියන කොට බය හිතෙනවා. ඒ මොකද, ලොකු යකඩයෝ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න හින්ද. (දිල්)
වරෙන්තු පිට ඉන්න තවත් යකඩ හොරෙක් මතක් උනා (දී)
ගමේ නම ගැනවත් හිතන්න තිබුනා මේ වැඩේ කරන්න පෙර (නි)
මුලින්ම ලංකාදීප "එසැණ" ට අපේ ස්තුතිය හිමි වෙනවා, මහජන මුදල් කා දමන මෙවැනි හොරුන් අල්ලා ගැනීමට උදවු කිරීම ගැන. (නි)
අනේ අහිංසක මනුස්සයෙක් නැතිබැරිකමට ගේ හදාගන්න අරගෙන යන්න ඇති. මහා මුහුදෙන් වතුර බාල්දියක් ගත්තට මොකද වෙන්නේ? (නි)
ඉහළ ඉදලා පහළටම කිසිම ලැජ්ජාවක් නැතුව හොරකම් කරනවා.දැන් ඒක අපේ රටේ සාමාන්‍ය දෙයක් වෙලා. (නි)
ඔය පාලමේ වැඩකටයුතු අවසන් වෙනකොට හොද තත්ත්වයේ ගෙවල් දෙකක්වත් කොහේහරි ගොඩනැගෙයි (නි)
මෙම ව්‍යාපෘතිය පාරවල් සැදීම පිණිස මිස ගෙවල් සෑදීම පිණිස නොවන බැවි කරැණාවෙන් සලකන්න(දිල්)