IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මළ ඔය පාළමේ යකඩ හොර පාර වහයි

ගලේවෙල සිල්වත්ගම මළ ඔය පාලම සැදීමට ගෙන ආ යකඩ කම්බි තොගයක්  කොන්ත්‍රාත්කරුට නොදන්වා වැඩබිම අසල නිවසකට රැගෙනයාම ගැන පරීක්ෂණ අරඹා ඇත.රුපියල් තුන්කෝටියකට ආසන්න මුදලක් වැය කර මේ පාළම ඉදි කෙරෙනුයේ කොන්ත්‍රාත්කරුවකු විසිනි.

යකඩ කම්බි වෙනත් තැනකට රැගෙ ගොස් ඇතැයි ගමේ තරුණයෝ පිරිසක් එසැණ බවබ් අඩවියට සදහන් කළේය.

ඒ අනුව එසැණ එහි ගියේය.වැඩ බිම ඇතැම් සේවකයින්ගේ පරස්පර විරෝධි කතා නිසා එසැණ සැකය තවත් තහවුරු විය.

ඒ අනුව කොන්ත්‍රාත්කාර සමාගමේ වැඩ බිම ඉංජිනේරු පී චන්ද්‍රරත්න හා ප්‍රාදේශිය ඉංජිනේරු ජී එස් බණ්ඩාර මහත්වරු එහි ආහ. ඔවුන් පැවසුයේ අනවසරයෙන් මෙම යකඩ වෙන තැනකට ගෙන ගොස් ඇති බවයි.

එසැණ වෙබ් අඩවිය මේ ගැන උනන්දු වී වංචාව වැළැක්වීමට ගත් උත්සාහය පිළිබදව ඔවුන් සිය ස්තූතිය පළ ක‍ළේය.



අදහස් (0)

මළ ඔය පාළමේ යකඩ හොර පාර වහයි

ගාමිණි Wednesday, 09 October 2013 02:32 PM

ලංකාවේ අය කවදාවත් හොරකම් කරන්නේ නැහැ.මම හිතන්නේ ඔය යකඩ වැස්සට තෙමිලා මලකඩ කන නිසා පරිස්සමට වෙන තැනකට ගෙනියන්න ඇති.(දිල්)

:       0       0

උපාලි Wednesday, 09 October 2013 02:32 PM

යකඩ, වානේ හොරු ගැන කියන කොට බය හිතෙනවා. ඒ මොකද, ලොකු යකඩයෝ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න හින්ද. (දිල්)

:       0       0

සුනේත්‍රා Wednesday, 09 October 2013 09:07 PM

වරෙන්තු පිට ඉන්න තවත් යකඩ හොරෙක් මතක් උනා (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 10:56 AM

ගමේ නම ගැනවත් හිතන්න තිබුනා මේ වැඩේ කරන්න පෙර (නි)

:       0       0

සේනාරත්න Wednesday, 09 October 2013 11:14 AM

මුලින්ම ලංකාදීප "එසැණ" ට අපේ ස්තුතිය හිමි වෙනවා, මහජන මුදල් කා දමන මෙවැනි හොරුන් අල්ලා ගැනීමට උදවු කිරීම ගැන. (නි)

:       0       0

දිල්රුක් Wednesday, 09 October 2013 11:34 AM

අනේ අහිංසක මනුස්සයෙක් නැතිබැරිකමට ගේ හදාගන්න අරගෙන යන්න ඇති. මහා මුහුදෙන් වතුර බාල්දියක් ගත්තට මොකද වෙන්නේ? (නි)

:       0       0

දසුනි Wednesday, 09 October 2013 05:30 PM

ඉහළ ඉදලා පහළටම කිසිම ලැජ්ජාවක් නැතුව හොරකම් කරනවා.දැන් ඒක අපේ රටේ සාමාන්‍ය දෙයක් වෙලා. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 09 October 2013 11:42 AM

ඔය පාලමේ වැඩකටයුතු අවසන් වෙනකොට හොද තත්ත්වයේ ගෙවල් දෙකක්වත් කොහේහරි ගොඩනැගෙයි (නි)

:       0       0

චන්දන ගුණතිලක Wednesday, 09 October 2013 02:28 PM

මෙම ව්‍යාපෘතිය පාරවල් සැදීම පිණිස මිස ගෙවල් සෑදීම පිණිස නොවන බැවි කරැණාවෙන් සලකන්න(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site