මොළේ උණ රෝගය සඳහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන නැති ළමා, තරුණ, වැඩිහිටි ඕනෑම අයකුට මහජන සෞඛ්‍ය කාර්යාලවලින් එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යංශයේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන කියයි.
වසංගත රෝග විද්‍යංශයේ වෛද්‍ය ආනන්ද අමරසිංහ මහතා පවසන්නේ මොළේ උණ ප්‍රතිශක්තිකරණ එන්නත (ජැපනීස් එන්සපලයිට් එන්නත) සාමාන්‍ය පරිදි වයස අවුරුද්දක් සම්පූර්ණ කරන දරුවන් දෙන බවයි.
1986 වසරේදී මෙරට වසංගත තත්ත්වයෙන් පැතිරී ගිය මොළේ උණ රෝගය මෙරටින් තුරන්වී ඇත.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මොළේ උණට එන්නත ගන්න‘
තාරානාත් Tuesday, 29 September 2015 10:12 PM
පද්මිණි , දරුවට එහෙම මොකුත් එන්නත් ගහන්න එපා. රෝග හැදිලා නැහැනේ.හැබැයි හැදුනොත් බනින්නත් එපා. ලෝකයේ අනිකුත් දියුණුවෙමින් පවතින රටවලට සාපේක්ෂව ලංකාවේ ප්‍රතිශක්තිකරන වැඩපිළිවෙල ඉතා හොඳින් පවත්වාගෙන යන වැඩපිළිවෙලක් බවයි මගේ හැඟීම නම් (නි)
කරුණාරත්න Tuesday, 29 September 2015 11:07 PM
හොඳ දැනුම්දීමක් (නි)
හිමාල් Wednesday, 30 September 2015 02:19 AM
ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල දියුණු කරන්න තමයි අපේ ඇමතිවරු එතනෝල් ගෙන්නෙව්වේ.කොහෙද ඉතින් එකත් එපා කියනවනේ. දවසට තුන් වේලක්, කෑමට පෙර එතනෝල් ඩ්‍රම් දෙක බැගින් ගැනීම අටානූවක් රෝග නවානූවක් ව්‍යාධි වලට ඉස්තරම් ප්‍රතිශක්තිකරණයක්. (බ)
දුමින්ද Tuesday, 29 September 2015 10:32 AM
එන්නතද සංකූලතා ඇති කරාවිද (බ)
විජිත් Tuesday, 29 September 2015 10:46 AM
ඉස්සෙල්ලම ඔය ඉන්ජෙක්ෂන් එක ගහන්න අපේ රටේ දේශපාලුවන්ට. (බ)
පද්මිණි Tuesday, 29 September 2015 11:48 AM
මේ මොන කතාවක්ද? රෝගයක් නැතිව එන්නතක්? කොහේ හෝ ගබඩාවක පල් වෙන නිසාද? (ම)
චමල් Tuesday, 29 September 2015 11:56 AM
ඔන්න ඔය නිකන් දෙන එක ගහගන්නකෝ. ආණ්ඩුවෙන් නිකන් දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැනේ. (ර)
ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 04:54 AM
වගකිවයුතු රජයක වගකීම රෝග නිවාරණය.එවැනි වැඩ පිළිවෙලක් හාස්‍යට ලක් කිරීම සුදුසු නැහැ..(ම)
මාධවී Tuesday, 29 September 2015 12:30 PM
විහිලුවක් නොවේ.එන්නත විදලා නැත්තම් විදගන්න.ඔය ලෙඩේ භයානක කම මම හොදටම දන්නවා...(හේ)
උපුල් Tuesday, 29 September 2015 01:45 PM
පද්මිණි මෝඩ වෙන්න එපා (බ)
චන්න බුවනක Tuesday, 29 September 2015 02:13 PM
මමත් කියන්න හැදුවේ විජිත් කියූ එකමයි. (බ)
තේජා Wednesday, 30 September 2015 12:37 PM
කොහොමද දැනගන්නේ විදලද නැද්ද කියල. දන්නා කෙනෙක් ඉන්නවද?(හේ)
චන්දි Tuesday, 29 September 2015 02:28 PM
ඉතා හොද වැඩක්..,පද්මිණි.., එන්නත ගන්න කියන්නේ එම ලෙඩේ වැළදීම වලක්වන්න (හේ)