වනජීවී භාරයට ගත් ගැමියකුගේ යතුරුපැදියක් ආපසු නොදුන් බව කියමින් සීගිරිය මහසෙන්ගම ගැමියෝ පොළොන්නරුව - සීගිරිය මාර්ගයේ ගමන් කරමින් තිබූ සංචාරකයින් රැගත් වාහන 12ක් සිය බාරයට ගෙන මග හරස් කර ඇතැයි හබරණ පොලිසිය පවසයි.
හේනක නවතා තිබූ යතුරුපැදිය වනජීවී නිලධාරීන් පැමිණ සිය කාර්යාලයට රැගෙන ගොස් ඇති බවත් එය ආපසු ලබාදෙන ලෙස ඉල්ලා ගැමියෝ එහි ගියද එය යළි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුහු කුපිතව සිටින බවත් කියති.
කොට දමා පොළොන්නරු - සීගිරිය මාර්ගයේ ගමනාගමනය අවහිර කර ගැමියෝ බිම වාඩිවී සිටිති. විදේශීය සංචාරකයන් රැගත් වාහන 8ක්ද එහි නතර කර ඇත. හබරණ පොලිසිය පැමිණි මාර්ගය විවෘත කර දීමට උත්සාහ කළද එය ව්‍යර්ථවූ අතර මේ සම්බන්ධයෙන් විමසීමට වනජීවී නිලධරයන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සුළු දේවල් වලට පාරවල් වාහන එක නීතියෙන් තහනම් කරලා ඊටපස්සෙත් පාර වැහුවොත් නීතිය කඩන මිනිස්සු ඔක්කොම කූඩුවට දමන්න තියෙන්නේ. (නි)
මෙම වැරදි ආදර්ශ දුන්නේ අපේ දේශපාලකයන්ම තමයි. (නි)
කිවිසුමක් ගියත් නීතිය අතට ගන්න මේ විදිහට ඉඩ දෙනවා නම් අපි ටිකෙන් ටික ආපසු ගෝත්‍රික යුගය දක්වා යන බව නම් පැහැදිලියි. හැම කෙනාම යුක්තිය ඉෂ්ට කරවා ගන්න හදන්නේ පාරවල් අවහිර කරලා ජනතාව පීඩාවට පත්කරලා. නීතියේ ආධිපත්‍යය ගැන අපි ලොකුවට කතා කළාට කාටවත් එහෙම එකක් ඕනෑ නැහැ (නි)
මොකක්ද අපේ රටේ මිනිස්සුන්ට අලුතින් හැදිච්ච මේ රෝගය ? ඕන එකටයි එපා එකටයි හැම දෙයටම උද්ගෝෂණ සහ පාරවල් හරස් කිරීම, කලින් වගේ සුදු වෑන් තිබ්බා නම් එකෙක් "ම්ක්" කියන්නේ නැ. (අ)
මේක මහ පුදුම වැඩක්නේ. නීතියක් ක්‍රියාත්මක කරන්නත් බැහැ, පාර වහගන්නවා. මෙහෙම ගියොත් තව ටික කාලෙකින් මිනීමරන්න, කුඩු විකුණන්න, ගංජා වවන්න දෙන්න කියලත් පාර වහගෙන මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන කෑගහයි. ප්‍රජාතන්ත්‍රවාදය, සාකච්ඡාව සම්මුතිය වගේ දියුණු සංකල්ප මේ කොදෙව්වාසීන්ට ටිකක් දරාගන්න අමාරුයි වගේ. පරණ විදිහටම කෙවිටෙන්ම තමා දක්කන්න වෙන්නේ (නි)
සුදු වෑන් කාලේ ගියා. දැන් රට පාලනය කරන්නේ මුහුණු පොත, යූටියුබ් සහ ජනමාධ්‍ය. (නි)