පන්නල නගරය හරහා අද (13) දහවල් හමාගිය මහසෙන් සැඩ සුළඟින් නිවාස රැසකට ද වගාවට ද හානි සිදුව තිබේ. කුලියාපිටිය කුරැණෑගල හා පන්නල කුලියාපිටිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් ගමනා ගමනයට ද බාධ එල්ල විය. කර්මාන්තපුරයේ රථ ගාලට ගසක් කඩා වැටීමෙන් වාහන කිහිපයකට හානි සිදු විය. විදුලි බලයද විසන්දී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස්, මේවා හරි විදිහට කරන්න ඕනෑ. (නි)
කුණාටුවට අපේ ඇමති කෙනෙකුගේ නමක් දෙම්මොත් හොඳ නැද්ද?(නදී)
මේක ''මහසෙන්'' නොවෙයි දන්නවනේ නම? (නදී)
පිට රට වල නම් කුණාටු වලට දාන්නේ ගැහැණු නම්. උදා: කත්‍රිනා. අපිට දාන්න තිබ්බේ පවිත්‍රා කියලා.(නදී)
මෙහෙට එන්නේ නැහැ කිව්වා. අද දවල් ගියා කිව්වා. ගුවන් තොටුපලවල් 2 ක් තියෙනවා, වරායවල් 2 ක් තියෙනවා. ඒත් කාලගුණ අනාවැකියක් කියාගන්න බැහැනේ හරියට තාම... (නි)
එය පන්නා දමා නැවත රට ගොඩ ගනිමු. (නි)
ජනකගේ අදහස නම් හරියට හරි. මිනිසුන්ව නැති කරපු විදුලි කුණාටුව පවිත්‍රා.(නදී)
වැස්සකටවත් කතරගම ගියේ නැති අය කොහොමද දන්නේ කතරගම දෙවියන් බවට පත් වුණේ මහසෙන් රජු කියලා. ඉතින් කොහොමද හරියට අනාවැකි කියන්නෙ. (නි)
මම නම් ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති අහද්දිම මේක අනුමාන කළා. එයාලා කියන්නේ හැමදාම අනුමාන කරලනේ (නි)
උතුර හරහා යනවා කියපු ''මහසෙන් '' වයඹ පැත්තට යනවා කියල කාලගුනෙට පෙනුනේ නැති හැටි ?(නදී)
සේරම කඩා බිදගෙන සුද්දයක් දුන්න නිසා පවිත්‍රා නම මේ කුනාටුවටත් ගැලපෙනවා. ඊලගට එන එකට කේලිය කියලා දමමු.(නදී)
කොහොමත් මේ දවස් වල කාලගුනේ හොද නැහැ. ටිකක් සැළකිලිමත් වෙන්න. මොකද අපේ කාලගුනේ වහිනවා කිව්වොත් පායනවා පායනවා කිව්වොත් වහිනවා (නි)
කයිවාරු විතරයිනේ. සැටලයිට් උඩ ඇරියලු නේද? කෝ මේ කාලගුන දෙපාර්තුමේන්තුව? (නි)
සුලි සුලගක් තියා කොච්චියක්වත් එන වෙලාව හරියට කියන රටක්යැ? දවසක් කෝච්චියක් වෙලාවට ආවලු මිනිස්සු පුදුම වුනාලු බැලින්නම් කලින් දවසේ මේ වෙලාවට එන්ඩ ඕනෑ එකලු. (නි)
වගකිවයුතු ලොකු අය පිස්සු නටනවා. ඉතින් කාලගුණ අනාවැකි හරියයිද? (නි)
වයඹට හැමූ මහසෙන් කුණාටුවත්, උතුරුට හැමූ මහසෙන් කුණාටුවත් ,සිංහල ද්‍රවිඩ රජවරුන්ගේ කුණාටුද? (නි)
මම ඒ නමට විරුද්දයි
රූපපෙට්ට්යේ කතාවක් ගිය එකක් තිබුනා ඒ කාලයේ. ඒකේ නම් හිටියා කාලගුනේ (නි)
අන්න "මහසෙන්"කියන නම වෙනස් කරන්ට කියලා කෑ ගහගහ යනවලු.(ස)
සහනාධාර එහෙම ගස කන්නන්ට දෙයියෝ දෙන වරම් මේවා.(ස)
තබුක් එහෙම නෙවේ මහත්තයෝ. ලෝක බැංකුව බලෙන් දෙන්නේ නැහැ. අපේ උදවිය ගිහින් වැදවටිලා ඉල්ලන්නේ නැති නම්. මන් නම් කියන්නේ මේවා අපේ අයට ගසා කන්ඩ පුළුවන් අවස්ථා.(නදී)
අපදා කළමනාකරණ එකේ නිලදාරියෝ ටික මහසෙන්ට වන්දනා මාන කරනවලු මේ දවස්වල. ඒ මොකද මහසෙන් තමයි එයාලගේ වෙස් ගත් මිතුරා. (ස)
කාලගුනේ දන්නේ ඇවිල්ල ගියාටත් පස්සේ.(ස)
ලංකාව පිහිටලා තියෙන්නේ නිවර්තන කලාපයේ. නිවර්තන කලාපය කියන්නේ ඉතා ඉක්මනින් වෙනස් වන කලාපයක්. එක නිසා නිවර්තන වායුගෝලය සම්බන්දව අනාවැකි කීම අමාරුයි. නිවර්තන වායු ගෝලය හරියට කාන්තාවන්ගේ හිත වගේ කියල කියන්නෙත් එකනේ. තව කරුණක් තියෙනවා. අද ලෝකේ ගොඩක් දියුනුයි. එත් ලංකාවේ කාලගුණ අනාවැකි කියන්න තියෙන්නේ අවුරුදු ගානක් පාරක උපකරණ. හරි තාක්ෂනික උපකරණ හා දැනුම ලබාගෙනීම කෙරෙහි රජයට කිසිම උවමනාවක් නෑ.(නදී)
වාසනාවකට ජිවිත හානි කිසිවක් නැතුව බේරුනේ. අපේ ගම් පළාතේ ඉන්නේ අවසනවන්තයෝ නෙමෙයි. (නි)
ලෝක බැංකුවෙන් මහසෙන් සුළි කුණාටුවේ බරපතලකම පෙන්නලා තව මොනවා මොනවා හරි සැලසුමක් හෙම කරයිද කියලා මට බයක් දැනෙනවා (නි)
මම ගිරිඋල්ලෙ. මෙහෙටත් මාර හුලගක් තමා ඇල්ලුවෙ. අපේ රටේ කාලගුණ දෙපාර්තමේන්තුවක් මොකටද තියෙනවාද මන්දා. හැමදාම කියන්නෙ ලංකාවට අවදානමක් නැහැ කියලා. ඊට පස්සෙ වෙන්න තියෙන දේවල් ඔක්කොම වුණාට පස්සෙ කියන්නෙ මේක සුළු බලපෑමක් කියලා. මේ ගොල්ලන්ට ලංකාවෙ මිනිස්සුන්ට වඩා වටින්නෙ සංචාරකයන්ගෙ පැමිණීමනෙ. ඒ ගොල්ල බයවෙයි කියලා වෙන්න ඇති හරියට නිවේදනයක් නිකුත් කරන්නෙ නැත්තෙ. (නි)
ඉතිහාසයේ බිහිවෙච්ච වැදගත්ම රජකෙනෙක්ගේ නමක් විනාශකාරී කුණාටුවකට දාපු එක වැරදියි. (නි)
මේ බටහිර බලවේග. (ස)
අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අයද මේ කුණාටුවට මහසෙන් කියලා නම දැම්මේ? ඔවුන්ට නිකමටවත් හිතුනේ නැද්ද "මහාසෝනා" කියලා දාන්න, රටේ වැව් අමුණු ඉදි කරපු රජ කෙනෙකුගේ නමක් වෙනුවට? (නි)
නියම කුණාටුව එන්නේ 21 වෙනිදට. (නි)
සුලි කුනාටුවකට 'මහසෙන්' නම යෙදීමේ ශාපයට අප රට ලක් වි ඇති බව නොඅනුමානය. කන්න දෙන අත හපනා මෙ ලකේ හොරූ ඉන්නා රටක මතු මා නොඉපදේවා මරූ. කට කයිවාරු ගරහුවට මේ ලකේ හොරූ. විදෙස් බලවේග වලටත් නම වික්කානේ සරූ (නි)