මීරිගම පොලිසිය කිසිම සූදානමක් නැතිව පැමිණීම නිසා උසාවියත්, මහජනතාවත් කරදරයටත්, හිරිහැරයටත්, රස්තියාදුවටත් පත්වෙතියි අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය ප්‍රකාශ කළාය.
වසර දෙක තුන පැරණි නඩු බී වාර්තා මගින් කැඳවන බවත්, කොතෙකුත් අවවාද කළත් වරද නිවැරදි කර නොගන්නා බවත් මහේස්ත්‍රාත්වරිය කීවාය.
එවැනි නඩු හතරක විත්තිකරුවන් මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය එහෙනම් විත්ති කාරයන්ගෙන් ගානක් අරන් වගේ පානදුර පොලිසියේත් බීල අහුවෙන රියදුරන්ට ලයිසන් නැ කියල උසාවියේදී කියන්න කියල උපදෙස් දුන්නේ උසාවියෙන් ලයිසන් අත්හිටවන එක බේරා ගන්න (දී)
ඇත්තටමද ? (ස)
පහුගිය දවස් වල වාස් ගුණවර්ධන මහතා විසින් හොඳම පොලිස් ස්ථානාධිපති කියලා සම්මාන දුන්නු පොලිසිය නේද මේ? (නි)
මේක නම් සහතික ඇත්ත .මම පෞද්ගලිකවම මේ අපහසුතාවය වින්ද. මේ ගැන වෙනම නඩුවක් දන්න්යි තිබුනේ............................ (දී))
මේ කතාවනං සහතික ඇත්ත. මගෙත් නඩුවක් තියනවා. නඩු වාර තුනකදීම පොලිසිය එයාලගේ රාජකාරිය කරලා නැතුව නඩුව කල්දැම්මේ මීරිගව පොලිසියට හොදටම දෙහිකපලා. තවත් මගේ ගෙදර සිදුවුනු හොරකමක් ගැන පැමිණිලි කරලා දැන් අවුරුදු 2 ක් විතර වෙනවා. තවමත් හොරා ගැන ඉගියක්වත් හොයාගන්න පොලිසියට බැරිවුනා. එයාලා මහජන මුදලින් පඩි අරගන්න නිකමුන් පිරිසක් වෙලා. හැබැයි එකදෙයක් තියනවා. පොලිසි වල රථවාහන අංශ නම් හරිම කර්යක්ෂමයි. පොඩි පොඩි වැරදිවලට අහුවෙන රියදුරන්ගෙන් සන්තෝසම් ගන්නේ හරියට මාතර ගගේ කිඹුල්ලු ගොදුරු ඩැහැගන්නවා වගේ හරිම දක්ෂ විදියට. (නි)