වරකාපොළ මහේස්ත‍්‍රාත් නිල නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධරයකුගේ ටී 56 ගිනි අවිය අවිගත් දෙදෙනකු විසින් පැහැර ගන්නා ලදැයි වරකාපොළ පොලිසියට පැමිණිලි කැර ඇත. මුර සේවයේ යෙදුණු කොස්තාපල්වරුන් දෙදෙනකුගෙන් අයකු වතුර බීමට ගොස් සිටියදී එහි කඩාවැදුණු දෙදෙනා කොස්තාපල්ගේ මුහුණට ඇසිඞ් වැනි දියරයක් ගසා අවිය රැගෙන යතුරුපැදියකින් පලා ගොස් ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැදිගම පැත්තේ ඉන්නෙකාට ඉතා පරීක්ෂාවෙන් ඉන්න ඕන.
මට පේනනේ වතුර බොන්න ගිහින් නෙමෙයි.දෙන්නා T 56 අතේ තියන් හොදට නිදා ගන්න ඇති. අඩු ගාණේ ගල්කටස් එකක් වත් තිබුනා කිවුව නම් පිළිගන්න තිබුණා, T 56ක් නැතුව
ආචාර්ය තුමාගෙ උපදෙස් දෑන්වත් අරගමු....නෑත්නම් නඩුකාර හාමුදුරුවරුත් වර්ජනය කරයි.
අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් කිවුවලු
දැන් සිද්ධ වෙන දේවල් බැලුවහම පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා,,,,,,
මේකත් පුදුම වෙන්න දෙයක් නොවේ. මේ වගේ දේවල් ලංකාවේ හැම තැනම වෙමින් යනවා. එත් ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියල තමා පත්තර වලට ලොකු ලොකු උදවිය කියන්නේ. දැන්වත් අපේ රටේ නීතියට තැනක් දෙන්න, වැරදි වැඩ කරන මිනිසුන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න කියල රට පාලනය කරන අයගෙන් ඉල්ලා සිටිමු.
වතුර බෝතලයක් ළඟ තබාගන්න මොළයක් නැත්ද? නැත්නම් සහයෝගයෙන් ගිනි අවිය හොරකම් කලාද ????
වෙඩි තියන්න බැරි ගිනි අවි වෙන්න ඇති
අවිගත්තෝ අවියෙන්ම නැසෙති..
අපේ රට තවත් ටිමෝරයක්, සෝමාලියාවක් වෙන තුරු අපි හැමෝම උඩ බලා ගෙන ඉමු
හෙට අනිද්දට මහේස්ත‍්‍රාත්ලට උසාවි එන්නත් බැරිවෙයි. රට යන අත කුමක්ද කියලා සියලු දෙනාම තේරුම් ගත යුතුයි
කවුද දන්නෑ ඔක ගෙනියන්න ඇත්තේ
මම ලුම්බිනිත් එක්ක
රාළහාමි දැකපු හීනයක්වද්ද?
වතුර බොන්න T-56 තියලා යන්න පුලුවන්ද?
තුවක්කුව ගෙනියන්න කෝල් එකක් ගන්න යන්න ඇති
මෙතන මොකක් හරි මගඩියක් තියෙනවා.හොද පරීක්ෂනයක් අවශ්‍යයයි
අපරාදේ, දැන් උද්ඝෝෂකයින්ට, විරෝධතාකරුවන්ට වෙඩි තියල නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ මොකෙන් ද ?
ඔයින් ගියා මදැයි.....
කැමරාවල සිද්ධිය සටහන් වෙලා නැද්ද ??
P H I කෙනෙක් වෙන්න එති .මෝල්ගස් පාරෙන් බේරෙන්න
දෙයියො දනී..මම නොදනී මේ ලංකාවේ....
ඕන එකටයි නැති එකටයි ප්‍රභූ ආරක්ෂාව දාගන්න ගියාම වෙන්නෙ ඕකයි. රටේ ඉන්න ප්‍රභූන් පිරිස රකින්න පොලිස් නිලධාරියෝ මදි නිසා දැන් එක සැරේකට එක් අයෙක් හට පැය 12කටත් වැඩිය අිරක්ෂක රාජකාරි කරන්න වෙලාලු. ඔය මිනිස්සු ඉන්නෙ හුලං පාරක් වැදුනත් ඇදගෙන වැටෙන ගානට හෙම්බත් වෙලා. එහෙව් එකේ මෙහෙම බේරුනා ඇති!
ආයුධ සන්නද්ධව ඉන්න පොලීසියෙ අයවත් මංකොල්ල කනවනම් අපේ ආරක්ෂාව ගැන කවර කතාද? දැන්නම් රට ආශ්චර්යයට පැමිණිලා අවසානයි වගේ.
මට හිතෙන්නෙ මේක තුවක්කුව පැහැර ගන්න කරපු එකක් නෙමෙයි. පෞද්ගලික කෝන්තරයක්. නැත්තං ඇසිඩ් ගහන්න තරම් තරහක් මොකද??
ඇදුම් ගලවන් නොගිය පුදුමයි......
මෙවැනි අවස්ථා මින් ඉදිරියට වලක්වා ගන්න, යෙදිය යුතු සියලු පියවරයන් ගැනීම ඉතා කාලෝචිතය. මෙවැනි ස්ථාන වලට පොලිස් නිලදාරීන් ට අමතරව හමුදා නිලදාරීන් කිහිප දෙනෙකු යෙදවුවට ඇති වරදක් මට නම් නොපෙනේ. එනම් මහජනතාව ගැවසෙන තැන්වල ආරක්ෂාව තර කිරීමට අපහසු නිසා මහජනයා රැස්වීම වැළැක්විය යුතුය. මෙය රජයට විරුද්ද කණ්ඩායමක එදිරි ක්‍රියාවක් විය නොහැකියි කිව හැක්කේ කාටද? තෙරුවන් සරණයි.