2014 ජූලි 11 වැනි දා පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය මෝටර් සයිකල්කරුගේ මරණයට වගකිව යුතු කොස්තාපල්ට මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දිමට එරෙහිව මිය ගිය පුද්ගලයාගේ බිරිය අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත.
ප්‍රභාත් ඉන්දික නම් මරණකරුගේ බිරිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම පෙත්සම ඉදිරිපත් කළේය.
වගඋත්තරකරුවනට සැප්තැම්බර 17 වැනි දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු ඒ ඩබ්ලිව් ඒ සලාම් මහතා නියෝග කළේය.
පොලිසිය කියා සිටියේ මෝර්ටර් සයිකලයේ සිටි දෙදෙනා පොලිස් අන නොතකා ගිය හෙයින් වෙඩි තැබූ බවයි.
කොස්තාපල් ඩබ්ලිව් එස් වෙලගෙදරට උසාවියෙන් ඇප නියම විය. එම යතුරුපැදියේ පසුපස ගිය පුද්ගලයාගේ සාක්කිය පිළිගත නොහැකි බව ඔහුට ඇප දෙමින් අත්තනගල්ල මහේස්ත්‍රාත් ප්‍රකාශ කළැයි නීතීඥවරු අභියාචනාධිකරණයට දැනුම් දුන්හ.
මහේස්ත්‍රාත්ගේ එම තීරණය නීති විරෝධී බවත්, අසාධාරණ බවත්, නීතියට පටහැනි බවත්, අධිකරණයේ බලය ඉක්මවා යෑමක් බවත් එහෙයින් එය ඉවත් කරන ලෙසත් ඉන්දිකගේ බිරිය සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
එරන්ද සිංහාරගේ මහතාගේ උපදෙස් මත අනුර මැද්දේගොඩ, අමිල පල්ලියගේ හා නිහාල් සඳරුවන් යන නීතීඥවරු ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොදු යහපත සඳහා වන නීතිමය කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ නීතියේ සාධාරණත්වය ගැන මට ඇත්තේ කණගාටුවක් (නි)
ලංකාවේ මහේස්ත්‍රාත්වරු තීන්දු දෙන්නේ උදේට උසාවි යන්න ඉස්සර ලැබෙන ටෙලිපොන් කෝල් එකේ විදියට කියල කියන කතාව වැරදි බව ඔප්පු කරන්න මේක නියම වෙලාවක්. (නදී)
ඉතා හොඳයි (නි)
නීතිය මෙහෙම හරි මඟට ගන්න කරනා උත්සාහයට, ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ප්‍රශංසා කරමි (නි)
උපාලි, හෘද සාක්ෂියට අනුව තීන්දු දෙන්න බෑ. ලැබී තියෙන සාක්ෂි අනුවයි නීතිය අනුවයි තීන්දු දිය යුත්තේ. මෙතන වෙලා තියෙන්න එහෙම නොකිරීමයි. (නදී)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
සමහර තීන්දු තීරණ දිහා බැලුවාම අපිත් හොඳටම බයවෙනවා ආයුබෝවන් ! (නි)
ඔය විදියට පොලිසියට ඕනෑ කෙනෙකුට වෙඩි තියන්න පුළුවන්නේ. එහෙනම් සාමාන්‍ය ජනතාවටත් පිස්තෝල දුන්නා නම් හරිනේ. (නි)
ඔය තීන්දුවට රටේ බහුතරයක් විරුද්ධයි කියලයි මටත් හිතෙන්නේ. (නි)
වතුපිටිවල දොස්තරට දුන්න තීන්දුවත් අතර වෙනසක් නැහැ. (නදී)
අද උදේ මරදාන පොලිසිය ඉදිරිපිට තිරෝද රථයක් පොලිසිය ඇතුලට දාන්න කියල පොලිසියේ දෙන්නෙක් තිරෝද රථ රියදුරාට හොඳම කුණුහරුපෙන් බනිනවා. මම පොඩ්ඩක් එතන බලාගන හිටියා. ඇත්තටම රථ වාහන වරදකට පොලිසියේ කියපු දෙයට එරෙහිව කතා කලාට එයාල ඒ මනුස්සයට ලොකු ප්‍රශ්නයක් දාන්න වෙන්න ඇති. බල්ලෝ පොලිසියට අාවහම ඔහොම තමා. (නදී)
අවසානයේ ඉහළ උසාවියේ පිහිට පැතූ එක හොඳයි (නි)
දැන් අපේ ප්‍රකාශකතුමා මේ පිළිබඳව මොනවා කියයිද දන්නේ නැහැ නේද? (නි)
මොන සාක්ෂි ඇහුවත් තීන්දුව දෙනකොට සමහරු හෘද සාක්ෂිය පැත්තකින් තියනවා. (නදී)
අපේ ප්‍රකාශකතුමා මේකට හොඳ උත්තරයක් දෙයි. (නි)
මේ අර රජිනි කාන්ත් වෙඩි තිබ්බ කේස් එක නේද? පිටිපස්සෙන් වෙඩි තිබ්බම ඉස්සරහට වදින්නේ (නදී)