අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහල යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැක.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිසුන්ට කලත් වැරදියි නොකලත් වැරදියි. දෙයක් උනාට පස්සේ විවේචන කෝටියයි. (නදී)
කාලගුණය ගැන ප්‍රවෘත්තියට ගොඩක් ස්තූතියි(දිල්)
මේ ඇත්තමයි කියන්නෙ. මෙහාට හෝ එහාට, අරවිදියට හෝ මේවිදියට වහිනවා කියල ඕන කෙනෙකුට කියන්න පුලුවන්නෙ. මේ වගේ ආයතනයකට මුදල් වෙන් කරන්නෙ අපරාදේ. (නදී)
සුගත් ඔයා දන්න තරම. (නදී)