මහාවංශය නැතිනම් ඉන්දියාවට ඉතිහාසයක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) මහචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේගේ මහාවංශ නව සංස්කරණය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ ලංකාවේ අභීත ඉතිහාසයක් තිබෙන බවයි.
‘මහානාම ස්වාමීන්වහන්සේටත් මුගලන් ස්වාමීන් වහන්සේටත් ස්තූතිවන්ත වෙනවා. මහාවංශය ලංකාවේ ඉතිහාසය විතරක් නෙමෙයි. ථේරවාදයයි ඉන්දියාවේ ඉතිහාසයයි ලියැවුණේ මහාවංසය නිසා. ජෝර්ජ් ටර්නල් ඒජන්තවරයා කළ පරිවර්තනය නිසා ධර්මාශෝක රජු කවුරුන්දැයි හඳුනාගැනීමට පුළුවන් වුණා‘ යැයි ද කී අගමැතිවරයා සිය උපදෙස් පරිදි මහාවංශයේ ඉංග්‍රීසි පරිවර්තනයක් සඳහා කමිටුවක් ද පත් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත.(හේ)
දැන් මේවද මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්න? (නි)
ඉතිහාසය කියන විෂය පාසල් වල විෂය නිර්දේශයෙන් ඉවත්කළ යුගයකුත් තිබුණා මතකයි (නි)
එ්කටද හැම එකටම ඉන්දියාවට දුවන්නේ...!! (නි)
සෙනරත් මහතා නැඟූ ප්‍රශ්නයමයි මටත් නඟන්න ඕනෑ. නව සංස්කරණයේ වචන හරඹයකින් වෙනස්කම් කර ඇත්නම්, පරණ මහාවංශය සමඟ විද්වත් පිරිස මෙය සංසන්දනය කර බලත්වා! වැරදි ඇත්නම් විවේචන ඉදිරිපත් කරත්වා! එසේ නොකළොත් අනාගත දුදරුවෝ කාගෙවත් උවමනාවන්ට වෙනස්කළ වංශ කතාවක් කියවාවි. (නි)
මහාවංසය කියන එක කාටවත් ඕන විදිහට වෙනස් කරලා ලියන්න පුළුවන් එකක් නොවෙයි. මුල් පාලි පොතේ පිටපත් කිරීමේ දෝෂ සුද්ධ කිරීම සඳහා සංසන්දනය කර බැලීමට වත් හොයා ගන්න පුස්කොල පොත් ඉතුරු වෙලා ඇති කියා මම නම් හිතන්නේ නැහැ. ටර්නර් උන්නැහේ පිටපත බොහොම අමාරුවෙන් හොයාගන ඉංගිරිසි පරිවර්තනයක් නොකළා නම් අපට මහා වංසයක් නැත්තටම නැති වෙන්න ඉඩ තිබුණා.(බ)
දුටුගැමුණු රජතුමාව ඉතිහාසයෙන් ඉවත්කරලා එහෙම නැහැ නේද? (නි)
ඕවා කියන්න ගිහිල්ලා ලොකු අයියාව තරහ කරගන්න නරකයි. (නි)
යාරිස්ට දෙන්න හොඳ උත්තර තිබෙනවා. නමුත් මෙම සභාව ඊට ගැළපෙන්නේ නැති නිසා ලියන්නේ නැත. මතක තියාගන්න මේක අරාබි නිසොල්ලාසය නොවන වග. (නි)
අර එක් කෙනෙක් කියලා තිබුනා නේද ලංකාවේ ඉතිහාසය නැවත වෙනස්කර ලියන්න ඕනෑ කියලා? ඒකේ ප්‍රතිඵලයක්වද්ද මේ? (නි)
ඉන්දියාව නැතුව මොකුත්ම කරන්න බැහැ වගෙයි (නි)
ස්වාමින් වහන්සේලාට ගිහියන් වශයෙන් අපි ස්තුති කරනවද? පින් දෙනවද? මොකක්ද හරි? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
මොකටද ඉතිහාසයක්? එ්ක සංහිඳියාවට හොඳද? (නි)
සෙනරත්, ඔයා කලින් එකවත් කියවලා තියෙනවද? අවුරුදු ගානක් තිබුණ කලින් එක කියෙවුයේ නැත්නම් ඔබට මේ හදිසියේ ඇයි ඒක කියවන්න මතක්වුණේ? බොරුවට නිකම් අනුන්ගෙ ඇදම බලන්නෙ නැතුව තමනුත් හැදෙන්න බලන්න. (නි)
මහාවංශය, පස්දුන්රට, දසරාජ ධර්ම, ලිච්ඡවී රජදරුවන්... අනේ මන්දා! (නි)
ඇත්ත කතාව. අපි එකඟයි (නි)
තව මොන මොනවට නව සංස්කරණ එයිද දන්නේ නැහැ ඉදිරියට. (ම)
මෙතුමාගේ ඉතිහාසයත් මේකට ඇතුළද්ද. (නි)
ලංකාවේ ඉතිහාසය අවුරුදු පනස් දහසකට වැඩි විය යුතුයි . එයයි අපි සෙවිය යුත්තේ. (බ)
කවුරු අධ්‍යාපන ඇමති කාලේද ඉතිහාසය විෂය නිර්දේශයෙන් ඉවත්කළේ? (නි)
ඔය මහවංශය කියන විධියට විජය ට කලින් අපට ඉතිහාසයක් තිබුනෙම නැද්ද? අපි ඔක්කොම ඉන්දියන් ඉම්පෝටඩ් ද? හරි පව් නේද අපි? (බ)
ඉන්දියාව නැත්නම් ලංකාවට බුද්ධාගම නැහැ. ලංකාවට තියෙන්නේ ඉතිහාසය විතරයි. ඒ ගැන කියව කියවා හූල්ල හූල්ලා ඉන්නවා මිසක් කිසිම දියුණුවක් වෙලා නැහැ. ලොකු කතා නැතුව රටට යමක් කර පෙන්වන්න (නි)
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ සර් කවදාවත් ඉතිහාසය වෙනස් කරන්නේ නැහැ. එතුමා හොඳ උගතෙක් මේ විෂය පිළිබඳව (නි)
එතකොට මොහෙන්දජාරෝ - හරප්පා ගැන එහෙමත් ලියලා තියෙන්නේ මහාවංශයේද? (නි)
මහාවංශය ඒ ඒ කාලවලට ඕනාවිදියට ඉතිහාසය විකුර්ති කරලා ලියාපු පක්ෂක්ග්‍රහී ලියවිල්ලක් ද . (අ)
හිතවත් මිතුරනි, ලක්දිව ඉතිහාස කතාව පුරාජේරුවට ඉස්සරට දාන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ තුළ තියෙන්නේ උණු ලේ තැවරුණු බල අරගලයක්. මැදිහත් සිතින් එය කියවන්නෙකුට හමුවෙනවා සැබෑ ලෙසම අනාගත ජනතාවට සුබසෙත සැළසු මහා රජුන් දෙදෙනෙක්. කෙනෙක් මහා පරාක්‍රමබාහු. දෙවැන්නා බුද්ධදාස. ඒ උතුමන්ගේ කාර්යයන් විමසා බලන්න. සරල සිංහල මහාවංශය කියා පොතකුත් තියෙනවා. නැත්නම් 'හෙළදිවේ තවත් යුගයක්' කියා පොතකුත් තිබෙනවා. (නි)
ඉසුරු, ලංකාවේ ප්‍රශ්න තිබුනා කියලා අනෙකුත් සියලු කටයුතු නොකර ඉන්න ඕනෑ කියලද කියන්න හදන්නේ. ප්‍රශ්න තිබුනා කියලා ග්‍රන්ථ පරිවර්තන ආදී සියලු කටයුතු නවත්වන්න ඕනෑද? (නි)
නියම වැඩක් කරලා තියෙන්නේ. අගය කළයුතුයි (නි)
මේකට මහින්දවත් ඇතුළත් කරලද? (නි)
මෙම නව සංස්කරණය මුල් පිටපතට යම් වෙනස් අදහස් ඇතුලත් කර තිබෙනවද ? මට කියවීමට ලැබී නැති නිසා ඒ ගැන තාම නොදනිමි. (බ)