(එච්. චන්දන)
නිරෝධායන නීති කඩා මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ බව කියන පුද්ගලයන් 12 දෙනකු කොවිඩ් වයිරසයට ගොදුරු වී ඇතැයි මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මහවැව - කුඩාවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් ආසාධිත අයකු බවට හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් සොයා යද්දී මෙම සූදු ක්‍රිඩාව ගැන තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
එසේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ පිරිස පිළිබදව තොරතුරු සෞඛ්‍ය නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමෙන් පසු පවුල් 06 ක් නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
එසේ නීරෝධායනයට ලක් කළ අය අතරින් පී.සී.ආර්.පරීක්ෂණයට යොමු කළ ආශ්‍රිතයන් අතරින් මෙම ආසාදිතයන් 11 දෙනා හදුනාගෙන තිබෙ.
එම 11 දෙනා කලින් හඳුනා ගත් ආසාදිතයා සමග සූදු ක්‍රිඩාවේ නිරත වූවන් බව ද සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd