(චමිල් රුපසිංහ)

මහනුවර උඩ පළාත ප්‍රාදේශිය ලේකම් කොඨාසයේ එගොඩ කළුගමුව නැකත්තාවත්ත මහවැලි ගං රක්ෂිතයේ ඉවුර කපා ගොඩ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙසේ විනාශ කර දමා ඇති ස්ථානයට මදක් පහලින් නිල්ලබ ඔය මහවැලි ගගට වැටෙන් ස්ථානය ද පිහිටා ඇති අතර ගඟ හා ගං ඉවුර කපා දැමිම නිසා අධික වර්ෂාවක් පැමිනියහොත් ප්‍රදේසයේ නිවෙස්ද මහවැලි ජලයට හසුවිමේ අවධානමක්ද ඇති බ ව ඔවුහු පවසති.

මේ සමබ්න්දව පේරාදෙණිය පොලිසියට පැමිනිලි ලැබි ඇති බවත් අදාල ආයතන දැනුවත් කර මේ සම්බන්දව විමර්ශනයක් අරඹා ඇති බවද පේරාදෙණිය පොලිසිය පැවසිය.