(සිතුම් චතුරංග)
මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන අද (28) මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ.
මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවත් විරෝධතාකරුවෝ පවසති.
අපේ ඉඩම් හා අපේ උරුමයට අත නොතබනු , උතුරට මහවැලිය එපා, දෙමළ ජනාවාස තුළ සිංහල ඉදිකිරීම තවත් ජනසංහාරයක් බවට සටන්පාඨ හා පුවරු රැගෙන විරෝධතාවයේ නිරතවූහ.
විරෝධතාවයට සහය දක්වමින් මුලතිව් නගරයේ සියලූ කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබිණි.
මුලතිව් නගරයේ මධ්‍යයේ සිට විරෝධතාවය දක්වමින් පාගමනක් ද ආරම්භ කළ අතර පසුව මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ක‍්‍රීඩාංගනයට රැස්ව විරෝධතාකරුවන් ජන හමුවක් පවත්වමින් දෙමළ දේශපාලන නායකයින් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම පිළිබඳ විරෝධතාවය පළ කර සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් දකුණේ ඉන්න අයගේ ජාතිවාදී අදහස්මයි උතුරේ ඉන්න අයගෙත් තියෙන්නේ , දෙගොල්ලොම එකම කාසියේ දෙපැත්ත වගේ
මේ ජාතිවාදීන් නිසා මේ රටේ මොනම වැඩක් වත් කරන්න බැරි වෙයි, මේ විදිහට සිංහල පළාත්වල දෙමල ජනතාවට එන්න එපා කියලා විරෝදයක් පන නැගුනොත් මේ අය කියාවි ඒක ජාතිවාදයක් කියලා.
මේක මාර වැඩක්නේ, ලංකාවේ ඕනෑම තැනක ජීවත් වෙන්න ඕනෑම පුරවැසියකුට අයිතිය තියනවා. ඒගොල්ලෝ හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ කොලනියක් කියලා. ජාති බේද ඇතිවෙන්න මූලික හේතුව මේක තමයි.
ඔය තියෙන්නෙ, සංහිදියාව
මෙවැනි අන්ත වර්ගවාදී ව්‍යාපාර වලට ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ අවසර ඇත්ද...? මේවා වහාම තහනම් කලයුතු නොවේද...? ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක පදිංචි වීමට ඇති තහනම කුමක්ද...? මේ පිටුපස වර්ගවාදී දේශපාලකයින් සිටින බව පැහැදිලිය. වගකිවයුතු බලධාරීන් වහා පියවර නොගතහොත් ලංකාවේ රෝහින්ග්යාවක් ඇතිවීම වැලකිය නොහැකි වනු ඇත.
මේ අයට ලංකාවේ හැම පැත්තකම ගෙවල් දොරවල් හදාගෙන , ව්‍යාපාර කරගෙන සැපවත් ජීවිත ගත කරන්න හොදයි. සිංහලයට බැ. සංහිදියාව දොරේ ගලනවා අප්පා. හොදම දේ මුන්වත් දකුණට එපා කියල සිංහලයොත් කඩ වහලා මේ විදියට උද්ගෝෂණ කරන්න ඕනේ.
සංහිදියාවේ අස්වනු නෙලනවා ...
සන්හින්දියව දෝඔරේ ගලනවා.... කමෝන් යහපාලනය.
මේවා අපේ සිංහල රජවරුන්ගේ වැරදි. වෙනත් ජාතිකයන්ට පව් කියලා පදිංචි වෙන්න රටේ තැන් තැන් වලින් ඉඩම් දුන්නා, දැන් ඒ අයගෙන් පැවතෙන මිනිස්සු සිංහල ජාතියන්ට තමන් ඉන්න පැත්තට එන්නවත් දෙන්නේ නෑ.
මේ සිංහල අපගේ ලංකාව...
හරියට ඉතිහාසය බැලුවොත් ඕන ගොනෙක්ට තේරෙනවා මේ කෑ ගහන මිනිස්සු ගැන. කොටි පුල්ලි තාමත් තියෙන පාටයි. බැරිවෙලාවක් සිංහල අපි දෙමල අය පදිංචි කරන්න එපා කිව්වනම් කොහොම හිටීවිද?
ලංකාවේ සැම පුරවැසියකුටම ලංකාවේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි.
මහා ජාතිය ජෝකර්ලා වන අතර ඒ ජෝකර්ලාට ටොකු ඇන ඇන සුළු කොටස් මේ රට තුල ඔවුන්ගේ බලය වපුරවමින් තව තවත් තර වෙමින් සිටී. සිංහල මිනිස්සු ඔය මුහුණු පොතේ අපේ රටේ මේ වනවිට අවුල් ජාලාවක් කර ඇති ප්‍රශ්න එහෙට මෙහෙට ශෙයා කිරීමෙන් වීරයින් නොවී ප්‍රායෝගිකව අපේ රටේ දේශපාලන බලාධිකාරිය විසින් සිදු කර සහ සිදු කරමින් ඇති සියලු පාවාදීම් වලට එරෙහිව ඉදිරියට පැමිණීමට සුදුසුම කාලය මෙයයි. අපි මේ රට සහ බෞද්ධ ධර්මය රකින සිංහලයින් නිසා ගැටුම් වලින් තොරව අප සංවිධානය වීමට වසර 203කට පසු අවසන් අවස්ථාව උදා වී ඇත. අපේ රට විවිධ ජාතීන්ගේ කොලනියක් වීමට පෙර අප ක්‍රියාත්මක විය යුතුව ඇත. මේ රට මේ රටේ දේශපාලකයින්ට තව දුරටත් කරගෙන යාමට නොහැක. ඔවුන්ට ඇත්තේ පක්‍ෂ සහ පාට ගැන වද වීම පමණි, එහෙත් අපට අපේ මාතෘ භුමිය ඒ සියල්ලටම වඩා වටින්නෝය. හොදින් හෝ නරකින් අපේ රට අප රැකිය යුතුය.
හැම කෙනාටම ලංකාව අයිතියි.
එතකොට කෝ මේ අයගේ තියෙන සංහිඳියාව? සිංහලයට විතරද බලපාන්නේ?
කොහොමද මෙයාලගේ වෛරය සිංහල අපි එක්ක. රජය සංහිදියාව පොවන්නේ සිංහල අපිට විතරයි.
දමිල සහ මුස්ලිම් ජනතාවට පමණක් කැප ජාතිවාදය
හොරකම් කෙරුවත් ඉතින් අරගොල්ලන්ටම දෙන්න වෙයිද මන්දා?
මේ රටේ සුළු ජාතීන්ට ඕන තැනක ඉඩම් ගන්ඩ පුළුවන්. ගෙවල් හදන්ඩ පුළුවන්. පල්ලි කෝවිල් හදන්ඩ පුළුවන්. නිදහසේ හිතට එන ඕන දෙයක් කියන්ඩ පුළුවන්. බැරිම නම් යුද්ද කරන්ඩත් පුළුවන්. මහා ජාතිය වෙච්ච සිංහල එකට මේවා මුකුත් කරන්ඩ බැහැනේ.
උතුර දෙමළ, නැගෙනහිර මුස්ලිම්, දකුණ හැමෝටම. මේක යකාගේ නීතියක්නේ.
විරෝධතා පල කරන්න මේ මිනිසුන්ට අයිතියක් තිබෙනවා. මේකට තමා ප්‍රජාතත්‍රවාදය කියන්නේ. .
මම මෙවර නිවාඩුවට යාපනයේ ගියා තාමත් මේ කියන ජාතිවාදය මටම දැනුණා, මේ කියන ජාතිවාදය දෙගොල්ලම කරනවා කණගාටුයි කියන්නට.
ලුම්බිණි වීරෝධතා ඉල්ලීම් මිනිසුන්ට අයිති කටයුතු තමයි ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඔබ හරි නමුත් මොනවද එයාලා කියන්නේ, ඉල්ලන්නේ සොයලා බැලුවොත් රට වටේ ජිවත් වෙන දෙමළ මිනිසුන්ටත් අපි ඔය කතාවම නේද කියන්නට සිද්ධ වෙන්නේ. මේක හරිම භයානකයි. මෙතන සිදුවන්නේ ජාති වාදයක් අපි මනුෂයන් හැටියට රටේ ඕනෑම ප්‍රදේශයක ජිවත් වීමට අයිතිය තිබිය යුතුයි , තම තමන්ගේ කැමැත්ත අනුව.
ලුම්බිනි, ඒ වගේම රටේ ඕනෙම තැනක ගිහින් පදිංචි වෙන්නත් පුරවැසියන්ට අයිතියක් තියෙනවා. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදෙම තමයි. කොහොම හරි මේ අයට ඕනෙ ආයිමත් ගිනි අවුලන්න. යුද්ධයක් , කෝලහාලයක් පටන් ගත්තොත් වාසි මේ අයට කියලා දන්නවා
මේ ලොකු ලොකු අදහස් දාලා තියන කට්ටියට ජනාධිපතිකම දුන්නොත් මොකද්ද ගන්න ක්‍රියාමාර්ග?
නයින්ට කිරි පොවන්න බෑ කියන්නේ නිකන් නෙවෙයිනේ. කෝ වෙනදා මෙතන ජාතිවාදය සංහිඳියාව ගැන කතා කරන අය..
ජාතිවාදය විනාශ කිරීමටනම් එකම මගයි තියෙන්නේ. එනම් වාර්ගික,අාගමික,ප්‍රාදේශීය පදනමින් බිහි කරගෙන අැති සෑම දේශපාලන පක්ෂයක්ම ව්‍යවස්ථානුකූලව දිය වී යාමට සැලැස්වීම. හා සෑම ජන කොටසකටම එකම නීතියක් හා සමාන අයිතිවාසිකම් ලබා දීම. වාර්ගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, බඩගෝස්තරවාදී ජාතිවාදීන්ගේ ධනයේ සහ බලයේ පැවැත්ම රඳා පවතිනනේ ජාතිවාදී උණුසුමේ ෆැරන්හයිඩ් අංශක ගණන මත. මේ රටේ කතෝලික ජනතාව අතර ජාතිවාදී ප්‍රවනතාවක් නොමැත්තේ ඔවුනට වෙන් වූ දේශපාලන පක්ෂයක් නොමැති නිසා.
ලුම්බිණි ට තියෙන මොළේමනේ මේ මෝඩ පාලකයන්ටත් තියෙන්නෙ. ඔය ප්‍රජාතන්ත්‍රවාදය සිංහල මිනිස්සුන්ටත් තිබුණා නම්..
විරෝධතා පලකොරන්න මේ මිනිසුන්ට අයිතිය තිබෙනවාලු. අපිටත් අයිතිය තිබෙනවා විරෝධතාවයට විරුද්දව විරෝධතා පලකරන්න. ඉතින් අපි ඒ අයිතිය බුක්ති විඳිමු. සිංහලයාට රටේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය හොඳින් හෝ නරකින් ගමු. එය ජාතිවාදය නොවෙයි පදිංචි වීමට නොදීම ජාතිවාදය. මේ සෙල්ලම පටන් ගත්තේ යහපාලකයෝ ආවට පසුවයි.
යහපාලකයෝ යනකොට සිංහලයාට රටේ අයිතියත් නැති කරලයි යන්නේ.
ලක්මාල් දැක්කෙ නැද්ද පහුගිය රජය කාලෙ මේ අය මීයට පිම්බා වගේ ඉදපු හැටි. ඒ වගේ ජනාධිපති කෙනෙක් තමයි අපිට ඉන්න ඕන.
මේ සේරම කරන්නේ අර විග්නේශ්වරන් සහ දෙමළ ජාතිවාදි පක්ෂ හා ඩයස්පෝරාව.
මම නිතිය හා සාමය භාර ඇමතිනම් ඔය ඔක්කොම අල්ලලා රිමාන්ඩ් කරලා නඩු පවරනවා , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළාට සහ ජාතින් අතර අසමගිය ඇති කළාට , ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකික පුරවැසියන්ට ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචි වීමට තිබෙන අයිතියට විරුද්ධ වීමක් මේ . මේවා අපි ජිනිවා වල මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කරන්න ඕනේ .
මේක ලීඩ් කරන්නේ පල්ලියේ සුවාමිලා සෙට් එක. ඒ ෆොටෝස් නැතත් අනිත් ඒවගේ ගෙඩිය පිටින්ම දාලා තියෙනවා. පල්ලියෙන් එදත් සිංහලයට ගැසුවා.. තාමත් එහෙමයි. කාදිනල්තුමාට උතුරේ ඉන්න සුවාමිලා සෙට් එක කන්ට්‍රෝල් නැද්ද? නැතිනම් එතුමාගේ නොමසුරු ආශීර්වාදය ලැබිලද?
ඒ කලේ මෙහෙම ගියානම් අද ඇඳිරි නීතිය වැටෙන්න වැඩ කෙරිලා.