එංගලන්ත පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබාගත් මහේල ජයවර්ධන (නොදැවී 168) නිසා දිනය අවසන තරගය නතර කරන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 289 ක් ලබා ගැනීමට සත්කාරක කණ්ඩායම සමත් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් ඕවා බලන්න එනවට අපිට සල්ලි දෙන්න ඕනෑ. සුද්දොත් ගාන වැඩියි කියනවානම් අපි ගැන කුමන කථාද ? මට මාසෙටම ලැබෙන්නේ රුපියල් 11000 යි. ඒකෙන් රුපියල් 5000 ක් ටිකට් එකට දුන්නම මම මාසේ ගෙවාගන්නේ කොහොමද ? අපරාදේ මම සතියක් නිවාඩු ගත්තා. ගෙදර ගිහින් ටීවී එකෙන් සුපුරුදු පරිදි මැච් එක බලනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දිනේවා ! ක්‍රිකට් බෝඩ් එක භංග වේවා !
දන්නේ නැද්ද අනේ බොරතෙල් මිල නැගල බව
ඕව බලන අපි කවදත් පරාදයි
එස්බී, ලකී ඩයස් හරි වගේ. හැබැයි මමනම් ක්‍රිකට් ගැන දන්නෙ නෑ. මම බබානේ. මහේල 168 ක් ගැහුවනම් මරු. 289/8 නම් අනික් අය කජු කාලද ?
හුරේ දාන්න කවුරුත් නැතිවෙයි.
ඇමති බන්දුල කියනවා ජීවත් වෙන්න 7500 ක් ඇති කියලා. ආසාවට මැච් එකක් බැලුවොත් මාසෙම හුලන් තමයි බොන්න වෙන්නේ.
5000 ක් කියන්නේ ඇමරිකන් ඩොලර් 40 ක් නේ.
අපරාදේ මගේ 5000
ක්‍රිකට් බෝඩ් එකට යෝජනාවක්..... වැඩේ සවුත්තු වේගෙන එනවා නම් ගාල්ල අධිකරණයට දුවලා ගිහින් වාරණ නියෝගයක් ඉල්ලන්න ඔයහැටි වේගෙන් බෝල දාන්න එපා කියලා. තමන්ගේ අයිතිවාසිකම් කඩවෙන්න යනවා කියලා ප්‍රේක්ෂකයෝ දෙන්නෙක් දාන විදියට දාන්න. පන්දාහ දීල ගත්ත ටිකට් දෙකක කොපි දෙකකුත් ෆයිල් කරන්න. පහුගිය දවස් වල ගොඩක් ප්‍රශ්න වලට හොයාගෙන ගියේ ඔය බෙහෙත තමයි.
වැඩේ බොහොම කැතයි. බෝර්ඩ් එකේ අයට රුපියල් 5000 මහ ගාණක් නූනට සාමාන්‍ය ජනතාවට මේක මහමෙරක්. ලොකු මිනිහා හා සුද්දා විතරක් බැලුවම ඇති ද ?
අනේ අනේ සුද්දන්ටම ගිය ක්‍රිකට්
ක්‍රිකට් ගහන අපේම රටේ අපේ මිනිස්සුන්ට බලන්න බැරි වෙන්න මේවගේ ලොකු මුදලක් අයකරන එකනම් හරිම අසාධාරණ වැඩක් ඔහොම ගියොත් නම් ලොකු අයගෙන් පටන් ගත්ත ක්‍රිකට් ලොකු යට විතරක්ම වේවිද දන්නේ නෑ පොඩි මිනිහට හැමදාම හුලන් කැකිරි කතාව කියන්න වෙන්නේ මේවා දකිනකොට ඇහෙනකොට
දැන් හැමදේම ලංකාවේ ගණන් නේ. ඒක නිසා ක්‍රිකට් ගණන් ඇරලා තියෙන්නේ. ඒක විතරක් අඩු ගාණට දෙන්න බැහැ. මේ ඔක්කොම ඇමරිකාවේ කුමන්ත්‍රණ
ඔය නාඩගම් බලනවට වඩා හොදයි තමන්ගේ වැඩක් පලක් කරගන්න එක. ඒත් බැරිනම් පන්සලකට කෝවිලකට ගිහින් පින් අතේ වැඩක් කරගන්න එක. ඔය සූදුවේ යෙදෙන අයට කොහෙන් ගියත් වාසියිනේ. බලන් ඉන්න අයට හුලන් තමා. වැඩක් නැති , ඒත් සල්ලි තියෙන උන් තමා ඕකට රිංගන්නේ. ඒක නිසා 5000 ක් නෙවෙයි 10000 ක් කලත් කමක් නැහැ. සුද්දන්ගේ රටවලත් ඔහොම තමයි. හොද වැඩේ.
එස්.බී. මේකත් ඇමෙරිකාව පිටින් දාන්න එපා. හෙට අනිද්දා ළමයෙක් හම්බවුණොත් කියයි ඇමරිකාව තමයි කලේ කියලා.