අයි. පී. එල්. තරගාවලියේ 67 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (16 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 7 තියුණු ජයක් ලබාගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ ඬේවිඞ් මිලර් පන්දු 24 කදී වේගවත් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට පන්ජාබ් පිලේ නායක ඇඩම් ගිල්ක‍්‍රිස්ට් (42) සහ ශෝන් මාර්ෂ් (45) සමත්වූහ.
නවක වේග පන්දු යවන්නෙකු වන සන්දීප් ශර්මා ලකුණු 23 කට දිල්ලි පිලේ ප‍්‍රභල කී‍්‍රඩකයන් තිදෙනෙකුවම (ඬේවිඞ් වෝනර්, ඉර්ෆාන් පතන් සහ මහේල ජයවර්ධන) දවා ගනිමින් තම පිලේ ජය තහවුරු කළේය.
දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන පන්දු 42 කදී ලකුණු 39 ක් ලබාගෙන පන්ජාබ් පිලට තරමක සටනක් දීමට සමත්වුවත් තරගය ජය ගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 171
(ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 42, ශෝන් මාර්ෂ් 45, ඬේවිඞ් මිලර් නොදැවී 44, රාජ්ගෝපාල් සතිෂ් 22, අශීෂ් නෙහෙරා 38/2)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 164
(මහේල ජයවර්ධන 39, විරේන්ද්‍ර ශෙවාග් 30, බෙන් රෝරර් 49, මුරලිදරන් ගෞතම් නොදැවී 12, මෝර්නි මෝකල් නොදැවී 13, සන්දීප් ශර්මා 23/3, පියුෂ් චව්ලා 44/2)
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල ඇවිත් වෙලාව බලාගන්න.(ස)
තව ගැහුවත් ඔච්චර තමයි. මේ සෙරේ ගොඩ ඒමක් නැහැ. සංගා බැංකුවේ. මාලිංගයි තිසරයි විතරයි තාම කොක්ක ගහගෙන ඉන්නේ. හෙට සමහර විට තිසරත් එළියේ කියයිද දන්නේ නැහැ (නි)
ලබන අවුරුද්දෙ එක ක්‍රීඩකයෙක්වත් අයි පී එල් එකට ගන්නේ නැහැ. හේතුව මේ අය සෙල්ලම් කළාද දන්නේ නැහැනේ. (නි)
මේ අයට මෙහෙමවත් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ මහා සංග්‍රාමයේ ආශිර්වාදය නිසායි (නි)
ඒක පුදුම ආශිර්වාදයක්නේ. මහා සංග්‍රාමයේ අයද ඇවිත් මෙතන සෙල්ලම් කරන්නේ? (නි)
මොන උත්සාහයක්ද? මට බය අපේ කට්ටියත් සල්ලි කාලද කියලයි (නි)