
(අංජුල මහික වීරරත්න)
කොළඹ මහල් නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 8000කට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරියද ඔප්පු 1070ක් ලබා දීමට සැලසුම් කර තිබේ.
කොළඹ මහල් නිවාස හිමියන් 50000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අයවැයේදී ප්‍රකාශ කළ අතර මෙම හිමිකම් ඔප්පු ලබා දීම සිදු කෙරෙන්නේ ඒ අනුවයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් සින්න පදනමින් ලබා දී ඇති සහාධිපත්‍ය නිවාස ඒකක 22ක 14559ක් අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දී තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ප්‍රථම අදියර යටතේ හිමිකම් ඔප්පු ලබාදීම මිහිඳු සෙන්පුර, සිරිසර උයන, මෙත්සර උයන, ලක්මුතු සෙවණ, සිරිමුතු උයන යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරේ.
ඊට අමතරව ලක්සඳ සෙවණ, රන්දිය උයන, ලක්මුතු උයන, මුවදොර උයන, සියසත සෙවණ, පුරදොර සෙවන, ජයමග සෙවන, මිහිජය සෙවන, හෙළමුතු සෙවන, සියපත සෙවන, ලක්සෙත සෙවන යන ලක්හිරු සෙවන යන නිවාස ව්‍යාපෘති වල හිමිකම් ඔප්පු මේ වසර අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහල් නිවාස 8000 කට සින්නක්කර ඔප්පු
kasun Monday, 24 June 2024 01:59 PM
කප්පම්කාරයා...!
NAMAL Monday, 24 June 2024 01:59 PM
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !!
nimal Monday, 24 June 2024 02:43 PM
අනේ ගන්න මේක අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් හදපුවානේ
බද්රානි Monday, 24 June 2024 03:04 PM
කප්පන් ගන්න විතරක් නෙමේ, ඡන්ද ලබා ගන්න කප්පන් දෙන්නත් මෙවුන් හපන්නු...රටේ නීතිය අනුව අයිතීන් දෙනවා වෙනුවට, මුන් කියන්නේ හරියට, මෙවුන්ගේ අම්ම අප්පාගේ බුදලය පිනට බෙදනවා වගේනේ...
පිටිගල මිලානෝ Monday, 24 June 2024 04:05 PM
මේ ඔප්පු සතුටින් බාර ගන්න. මේවා ඔබට උරුම දේවල්. ඒත් මේ කපටියෝ මේවා කරන්නේ කපටි චේතනාවෙන් ඔබව මෝඩයාට අන්දවලා ඡන්දය හොරකම් කරන්න. මේවාට අහුවෙන්න එපා. බුද්ධිමතෙක් ලෙස තටයුතු කරන්න.