මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඇතුළු මුළු රාජපක්ෂ පවුලම බොහෝ අපරාධ හා වංචා වලට පමණක් නොව මිනිමැරුම් වලට සම්බන්ධ බවට ඇති තොරතුරු ඇත්ත නම් ඔවුන් හිරගෙයි දැමිය යුතු යැයි හිටපු යුද හමුදාපති ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි.
මා දන්නා විදියටත්, මාගේ අදහස අනුවත් රාජපක්ෂ පවුලේ සියළු දෙනාම වාගේ ‘ඇතුලේ’ සිටිය යුතු බවයි.
‘ඔහුගේ පවුලේ සහෝදරයන් ඇතුළු සාමාජිකයන් වැජඹෙන තුරු මේ අපරාධ වලට හවුල් බව පේනවා. ඔවුන්ව නිකම්ම හිරේ දාලා වැඩක් නෑ.’ ඇමැතිවරයා එසේ පැවසුවේ රාජපක්ෂවරුන් ගැන මාධ්‍යවේදීයකු ප්‍රශ්නයක් ඇසු අවස්ථාවේ දීය.
COMMENTS
සුදේශ්, සෑම්, ලංකාව කියන්නේ ප්‍රජාතාන්ත්‍රික රටක්. මේකේ රජවරු නැහැ. ඡන්දෙන් පත්වෙන දේශපාලකයන් පමණි. ඒ අය ඡන්දෙන් පැරදුනාම ගෙදර යන්න ඕනෑ. ඔය රජ අදහස් දැන්වත් හිතෙන් අයින් කරගන්න. (නි)
මහින්ද රජෙක් තමා අපිට (නි)
දේශපාලකයින් රට ගැන හිතන්නේ නැහැ. තමන්ගේ මඩිය තර කරගන්න විතරමයි දන්නේ (නි)
දැනට ආණ්ඩුවේ ඉන්න අයගෙන් හා ඉදිරියට එන අයගෙන් මෙවැනි වැරදි සිදු කරන්න බැරි වෙන්න නීති හා අවශ්‍ය කටයුතු කරන්න නේද ඕන. (ර)
නොබියව සත්‍ය කියලා තියෙනවා. (ර)
මටනම් මහින්ද රජෙක්... (ර)
අනෙක් අය නම් තමන්ට පැවරීලා තියන වගකීම ගැන තමයි පළමුවෙන්ම කතා කරන්නේ. ඇමතිකමෙන් ප්‍රයෝජනවත් දෙයක් කලොත් නරකද.? (ර)
අනේ ඉතින් අනෙක් අය ගැනත් කුමට කතාද? (නි)
රට පෙරට! ආණ්ඩුවේ හොරකම්, මැරකම් ගැන කතාකරනවට සමහරු බය ඇයි ? (නි)
අපිටත් මහින්ද රජෙක්.....(ර)
වෛරයෙන් වෛරය නොසන්සිඳේ (නි)
තමන්ගේ පුතාට බත් ගෙනියන එක අවනම්බුවක් නම් ඡන්ද 5000 ක් ගන්න නැතුව ඇමතිකම් හොදයිද.? (ර)
මහින්ද රාජපක්ෂ කියන්නේ ගහන්න ගහන්න ශක්තිමත් වෙන සොදුරු නායකයෙක්. මමත් 62 ලක්ෂේයේ කෙනෙක් තමයි එත් කරපු මෝඩකම කියල තේරෙන්නේ දැන් තමයි. (ර)
ලැබුන ඇමතිකම පාවිච්චි කරන්න රටට වැඩක් කරන්න. (ර)
දැන්වත් රටට වැඩ කරන්න... ඔබතුමා සන්තෝස වෙන්න කාටවත් නොලැබුන චාන්ස් එකක් ඔබතුමාට ලැබිලා තියෙන්නේ. දන්නවනේ ගත්තු ඡන්ද ගාන... (ර)
මෙතුමාට හමුදාපතිකම ලැබුනෙත් රාජපක්ෂලාට පින් සිද්ධවෙන්න කියලා මතක නැද්ද? මේ නියම පාරෙන් ආ කෙනෙක්ද? හැබැයි කන්න දීපු අත හපාකන්න නම් එපා (නි)
දරු දුක කාට උනත් පොදුයි. (ර)
අපිට තවම මහින්ද රජෙක් තමයි. (ර)
ඔබ කියන දේ පිළිගන්නම් හැබැයි ඔබ නිතරම කතා කරන විලාසයට නම් අපි කැමති නෑ. (ර)
යටගිය දවස හිටපු සේරිවාණිජ වෙළෙන්දා වගේනේ මේ කතාවත්. (නි)
අනිවාර්යෙන්, කාට කලත් කවුරු කලත් කළකම් පලදෙනවමයි කර්මයෙන් ගැලවෙනවා බොරු මහත්තයෝ. (ර)
මුල අමතක නම් වර්තමානය සහ අනාගතය ගැන කුමන කතාද. (ර)
අපි නම් කඩේ යන්නේ මේ රට බේරාදුන් සේනාධිනායකයාට (නි)
කට නිසා තමා මාළුවත් නැහෙන්නේ. දැන්වත් කට වහගෙන ඉන්න (නි)
මහින්ද රජෙක් තමා අපිට. (ර)
මහින්දලා මෙතුමාව උඩට අරන් හමුදාපති කරපු නිසා තමයි දැන් මේ හැමදෙයක්ම ලැබෙන්නේ. (නි)
ඔබට හමුදාපතිකම දුන් අයට ඔබ කතාකරන හැටි දැක්කහම ඉදිරි දිනයකදී ඔබ අනෙක් පුද්ගලයන්ටත් මොනවාද කියන්නේ කියලා දැන්ම හිතන්න පුළුවන්. (නි)
ඔබේ කතා කරන විලාසය හොඳ මදි. (ර)
සහන්, මෙයාට හමුදාපතිකම දීපු රාජපක්ෂලාව දැන් හපාකන හැටි දැක්කාම ඇමතිකම දීපු වික්‍රමසිංහ මහතාටත් ඒ ටිකම නොකරොත් තමයි පුදුම වෙන්න ඕන. (අ)
සෑම්, මෝඩ කතා කියන්න එපා. තමුන්ගේ නොදන්නාකම අදහස් වලින් පෙන්වන්න එපා. (නි)
අද තුර්කියේ කළා වගේ ඔබතුමා කොටි පරාජය කළගමන් වැඩේ පටන් ගත්තා නම් මේකේ මහරජාට කඩේ යන අය අද හොයාගන්නවත් නැහැ. වෙනඑකක් තියා ඡන්දෙකින් එන ආණ්ඩුවකට රට හදන්න තිබුනා. මෙහෙම කකුලෙන් අදින්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ එහෙනම්. (නි)
තවමත් වහල්ලු ඉන්න බව පේනවා (නි)
ඡන්ද ගාණ ගැන කියන අයට මම කියන්නේ, ඔය කට්ටියට තම තමන්ගේ පක්ෂ වලින් ඡන්දෙ ඉල්ලලා බලන්න කියන්නකෝ. (ර)
මෙතුමා නොදන්නවද මම දන්නේ නැහැ මෙතුමාව ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් කියලා (නි)
මහින්ද නම් අපිට රජෙක්ම තමයි. නමුත් අපිට ඔබ දේශපාලනයට නොගැළපෙන රජෙකි (නි)
මහින්ද රජෙක් තමා අපිට (නි)
ඔබ පවසන්නේ සත්‍යයක්. (නි)
වෙනස මාරයි. රට හමාරයි. (නි)
ඇමතිකමක් අරගෙන මදිවට පම්පෝරියත් ගහනවා. එ් මහ රජා නිසා තමයි අද මේ රට මෙහෙම හරි ඉතුරුවුණේ කියන එක අමතක නැහැ අපිට (නි)
අර සාලාව පිපිරීම වුණේ කොහොමද කියලා අපිට දැනගන්න අවශ්‍යයි. ඔබතුමාට බැරිද ඒ ගැන කියන්න? (නි)
දැන්වත් ඔය පරණ තරහ මරහ අමතක කරන්නකෝ (නි)
සමාවදීම ලංකාවේ ජනතාව ඉගෙනගත්තේ නැත්නම් මේ රට දිනපතා යන්නේ විනාශයටයි. (නි)
මුලදී මම විශ්වාස කළේ නැහැ අර සුදු කොඩි කතාව. නමුත් දැන් නම්... (නි)
ඔබතුමා වගේ පටු අදහස් දරන කෙනෙක් දේශපාලනයට නම් සුදුසු නැහැ (නි)
ඡන්දය දිනන්නේ නැතුව පාර්ලිමේන්තු එන ඇමතිලා ගැනත් අදහස් ප්‍රකාශ කරන්නකෝ (නි)
වෛරය දැන්වත් ඉවත් කළොත් හොඳ නැද්ද? (නි)
ඡන්ද 5000ක්වත් ගන්න බැරි කෙනෙකුට පිනට මන්ත්‍රීකමක්, පිනට ඇමතිකමක්, පිනට කෝටි 7කට වැඩි වාහනයක් සහ තවත් වාහන ඇතුළු සියලු සැපපහසුකම් නොමිලේ ලැබෙනකොට ඔය වගේ කතා ගැන අපිට පුදුමයක් නැහැ (නි)
මහින්ද මැතිතුමා අපට හැමදාමත් රජෙක් තමයි. ඔබතුමාත් අපිට වීරයෙක්. එ්ත් කියන්න කණගාටුයි ඔබතුමාගේ කතාව නම් අන්තිමයි. (නි)
රජෙක් වුණත් කළකම් පළදෙනවා සැමදාම (නි)
මේවා අහද්දී මගේ නම් ඇඟේ ලේ රත්වෙනවා (නි)
මහින්ද මහත්තයා වටේ හිටිය කට්ටිය තමයි එතුමාට මේ අවාසනාවන්ත තත්වය උරුමකර දුන්නේ. කවුරු මොනවා කිව්වත් එතුමා නොහිටියා නම් අද තවමත් යුද්ධය. යුද්ධය වවාගෙන කාපු හිටපු ජනාධිපතිවරුන් අතර මහින්ද නම් මට රජෙක්මයි. මාර්ෂල් කෙනෙක් වුණාට මෙතුමාගේ කතාවෙන්ම පෙනෙනවා හිතේ තියෙන මානසිකත්වය (නි)
සෑම්ගේ කතාව හරි. සමහරවිටකදී සෑම් හමුදාපති වුණා නම් අපිට යුද්ධය මීටවඩා කලින්ම දිනන්න තිබුනා. රතිඤ්ඤා සද්දේ අහපු සුනඛයින් යුද්ධය ගැන විචාරන්නේ කොහොමද කියලා අපි දන්නවනේ. අතළොස්සක් වූ සිංහලයන්ගේ පිනට පහළ වූ හමුදාපතිතුමා. මෙතුමා කළ සේවයට සැබෑ සිංහලයින් සදා ණයගැතිය (නි)
මහජනතාවගේ ඡන්දයෙන් පැරදුන ඔබට මේ ආණ්ඩුව ඇමතිකමක් දුන්නේ වක්කඩ කැඩුවා වගේ මේවගේ කුහක කතා කිය කියා ඉන්න නෙමෙයි (නි)
ඡන්ද 5000ක්වත් ගන්න බැරි කෙනෙකුට සියලු සැපපහසුකම් නොමිලේ ලැබෙනකොට ඔය වගේ කතා ගැන අපිට පුදුමයක් නැහැ. (ර)
ඡන්ද කීයක් ගත්ත කෙනෙක්ද මේ ඇමතිකමක් අරන් උඩපනින්නේ. (නි)
මෙතුමාගේ කතා විලාශය නම් හොඳ මදි, හමුදා විනයක් යටතේ වැඩ කරපු කෙනෙක් විදිහට. හැබැයි ඉතින් එදා එතුමාට කරපු අසාධාරණය හින්දා මොනතරම් වෛරයක් හිතේ තියෙනවා ඇද්ද? එතුමට එදා සළකපු විදිහ මීටවඩා නින්දිතයි. (නි)
කවුරුත් කියන විදිහට කතාව නම් අර ජනපතිවරණයට ඉල්ලපු වෙලාවේ ඇරපු කටම තමා. පරණ පිනකට ඔතනට ඇවිල්ලා දැන්වත් කට පරිස්සම් කරගත්තොත් හොඳයි. (නි)
ගරු ඇමතිතුමා මේවායින් යම් ආස්වාදයක් ලබන බව පේනවා. මම එය වරදක්ය කියා නොකියමි. මොකද අපි පෘතග්ජන මිනිස්සු නිසා. මහින්ද මේ මොහොතේ ඉතාමත් අන්ත අසරණ තත්වයට පත්වී සිටින මොහොතක ඔහුට ඔච්චම් කිරීම ඔබ වැන්නෙකුට කිසිසේත්ම නොගැළපේ (නි)
අපේ රටේ ඉන්නේ ඉතින් මමයි රජා කියන කට්ටිය. මිනිසුන්ගේ මුදලින් වැජඹෙන අය. (නි)
මහින්ද රාජපක්ෂ මහතා අපිට රජෙක් තමයි (නි)
රජාත් සමඟ ජනතා මුදල් මංකොල්ල කෑ සමහර අයට දැන් හොඳටම රිදිලා. (නි)
වැරදි ඔප්පු කරන්න. ඒකට තමයි උසාවි තියෙන්නේ. පුද්ගලික තරහවට අපහාස හා පහරදීම නවතන්න. (නි)
බලනකොට ඔක්කොම වැරදි කරලා තියෙන්නේ රාජපක්ෂලානේ. හැබැයි රටේ වුන සංවර්දනයට, යුද්ධයට ඔවුන් කිසිවක්ම කරලා නෑ, ඒවා කරලා තියෙන්නේ වෙනත් අය. (ර)
කොච්චර කව්රු උඩපැන්නත් ඉතිහාසය ලියනකොට ලියන්නේ මේ රට බේරාගත්ත නායකයා මහින්ද කියලා තමා. මම නම් එතුමා වෙනුවෙන් මගේ පණ වුණත් දෙනවා. ඒ එතුමා මේ රට අපිට ඉතුරු කරපු නිසා. දැන් සමහරු ඒක කනවා. එතුමාට රිද්දන කිසිම කෙනෙකුට හොඳක් නොවේවා කියා තමයි ලක්ෂ 58ක් ජනයා ප්‍රාර්ථනා කරන්නේ. (නි)
එහෙම තමයි. රජකම් කළත් කළකම් පළදේ (නි)
අනේ මොකටද මගේ කට මේවාට උත්තර දෙන්න! (නි)
කෙළෙහිගුණ සළකන්න. මහින්ද නැත්නම් ඔබ හමුදාපති වෙනවාද? (නි)
මෙතුමා යුද්ධය දිනාපු මහා සෙනෙවියා හැටියට හැමෝගෙම ගෞරවයට පාත්‍ර උනා .ඒ ගෞරවය ප්‍රයෝජනයට අරගෙන එතුමාව ජනපතිවරණයට තරඟ කරවලා මුළු චන්ද ප්‍රමාණයෙන් බාගයකට ආසන්න ප්‍රමාණයක් ලබාගත්තා . ඊට පසු එතුමා හිතුවා මේ ඡන්ද ඔක්කොම මගේ පුද්ගලික ඡන්ද තමයි කියලා. අන්තිමට තනියම ඉදිරිපත්වී මුළු දිස්ත්‍රික්කයෙන්ම හොඳම පරාජිතයා උනා. දැන් ලැබී තිබෙන අවස්ථාවේදී මෙහෙම කතා කරන්නේ හරියට ජනතාවගේ ඡන්දයෙන් පත් උන කෙනෙක් වගෙයි. (ර)
කවුරුත් කියනවා වගේ ඔහු රජෙක් තමයි. (නි)
මොහු සුදුසුකමක් නැති දේශපාලකයෙක් බව ජනතාව ඔප්පු කරලා පෙන්නුවා. ඒ බව තව තවත් ඔප්පු කිරීම නොවේද මේ කරන්නේ. (නි)