‘රටක්, සමාජයක් එක් පුද්ගලයෙකුට හෝ එක් කණ්ඩායමකට සීමාවූ දෙයක් නොවෙයි. ඒ වගේම මහරජතුමා වන්දනාවක්ද නෙමෙයි. එවැනි ක්‍රමයක් මෙරට තිබිය නොහැකියි. අපි සියලු දෙනාම එකට එකතු වී මේ ගමන යායුතුයි‘ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (12) බත්තරමුල්ල වෝටර්ස් එජ්හි පැවති උත්සවයකදී පැවසීය.
මේ සියලු දේ ගැන නිසි සංවාදවලට එළැඹි රටේ ජනතාවගේ ආදායම් නැංවීමට,නාස්තිය මුලිනුපුටා දැමීමට, අයිතිවාසිකම් රැකීමට ඉකුත් ජනවාරි 8 වැනිදා සිදු කළ මේ සටනේ ඉදිරි පියවරට ඔබ හැම දෙනාම සහාය දක්වනු ඇතැයි විශ්වාස කරන බවද අගමැති කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ රජතුමා ඇතුළු ගෝලයෝ කළ හොරකම්,දුෂණ, ස්ත්‍රී දුෂණ,මිනී මැරීම්,පැහැරගැනීම්,මත් ද්‍රව්‍ය බෙදා හැරීම් , මහජන මුදල් වැනසීම්,වගේ දේවල් නොපෙනෙන විජයබාහු,පිවිතුරු වගේ අයට අැස්වාට්ටුවට ගිහිනුත් මදි වගේ. (බ)
අපේ පාටලී ඇමති තුමාලා යුද්දේ දිනුවම වන්දනාව කළා. දැන් ඒගොල්ලන් බටහිර වන්දනාව කරන්නේ.අපිට ඕවා මතකයි.(ම)
අයුබෝන් මහරජා...! සින්දුව නට නටා වැඳගෙන කියපු ගැහැණු ළමයා දැන් කෝ...?(අ)
වන්දනා කරන්නේ ඒවාට සුදුසු පුද්ගලයන් පමණි. එ්ක හොඳට අවබෝද කර ගැනීම ඉතාම හොඳයි (නදී)
බටහිර අදිරාජ්‍ය වන්දනාවත් සුබ නැත-නොබැඳි මග ගත යුුතුයි (නදී)
මහරජ වන්දනාව නැතුව අපිට දෙවිදත්තර වන්දනාව කරන්න කියලද ඔබතුමා කියන්නේ (නදී)
හැබයි රනිල් මහත්තයෝ මොන ගමන ගියත් කමක් නෑ රට බෙදන්නේ පාවා දෙන්නේ නැතිව. නැතිනම් ඔක්කොටොම වෙන්නේ තව අවුරුදු 30 කට මලගම් යන්නයි (නදී).
ඉරිසියාව (නදී)
ඒක මහජනතාව බලාගනීනේ! (නි)
2005 වෙනසට කලින් ප්‍රබාකරන් වන්දනාව (බ)
වන්දනා නොකර ජිවත්වීමේ පුරුද්දක් ඇත්තෙම නැද්ද හැබැටම අපේ මිනිස්සුන්ට? (බ)
මේ රටේ ආර්ථිකය නගාසිටුවීම , නාස්තිය අඩුකිරීම, දුෂණය සම්පුර්ණයෙන්ම තුරන්කිරීම වැනි දේ සඳහා සාධනීය ප්‍රතිපත්ති හා දැක්මක් තියෙන දේශපාලන නායකයෙක් අද අපිට ඉන්නවා නම් ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි . ඉතින් ඔහුට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනොත් එක මේ රටෙත් මහජනතාවගේත් වාසනාව කියල තමයි මට හිතන්නේ (බ)
මෙයා වන්දනා කරන්නේ බ්‍රිතාන්‍ය රැජිණනේ. ඒකයි ඊරිසියාවයි.. (බ)
අංගොඩ ලාල් අංගොඩටම හොදයි. (අ)
ඉරිසියාවේ පැලෙනවා මෙයට එහෙම කවුරුත් සලකන්නේ නැති හින්ද. හැබැයි මෙයා පක්ෂය පාලනය කරන්නේ නම් රජෙක් වගේ තමා (අ)
2009/05/18 දින ලොවම පරදා රට නිදහස් කරගත් රජු ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා බව ඉතිහාසයේ රන් අකුරින් ලියවී හමාරය. (බ)
හරි,හරි දැන්,දැන් ගොඩාක් දේවල් කියනවා සැවොම එකතුවෙලා. ඒ වගේම ආවට ගියාට අදහස් දමනවා දොස් කියනවා නමුත් පසුගිය වක වානුව තුල සිදු උන අපරාධ, දුෂණ, කොල්ලකෑම් මත් ජාවාරම් මේවට පිළිසරණක්, නිතිය හරියට ක්‍රියාත්මක වීම, යන මේ අගාදයන් ගැන කවදද පිලියමක් සොයන්නේ ? (නදී)
මේ මැතිවරණයෙන් බහුතරය අරන් අපිට පෙන්නන්න..එතකොට අපි පිළිගන්නම් ඔබ තුමාට ලැබිය යුතු පදවියක් තමයි වගේම එක්සත් ජාතික පක්ෂයට ලැබිය යුතු බලයක් තමයි 8 වෙනිදා ලැබුනේ කියල.ප්‍රතිවාදිය තරගෙන් ඈත් කරලා නිතරග දිනුමක් ගන්න හදපු උත්සාහය වැරදුනාම ප්‍රතිවාදියාට මඩ ගහල මළමිනී ගොඩ දාල දිනුම ගන්න හදන්නේ නැතුව තම ප්‍රතිපත්ති මගින් ජනතාව දිනාගෙන ඒ මගින් ප්‍රතිවාදියාට මුණ දීල ජයගන්න එක තමයි නියම නායකයෙකුගේ ලක්ෂණ වෙන්නේ..එහෙම නැති කුමන්ත්‍රණ කාරයින්ට අපි කියන්නේ නායකයෝ කියල නෙමෙයි....අපිත් 18 වෙනිදට තව වසර පහකට ඔබේ නායකත්වය පිළිගන්නම් අපි අකමැති වුනත් බහුතර ජනතාව කැමතිනම්..(බ)
ඒකීය රටක් කියල ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙද්දී ඇයි මේ හැමෝම රට බෙදනවා බෙදනවා කියල කෑගහන්නේ.දෙමල ජාතික සන්ධානේ ඉල්ලනවා කිව්වට ඉල්ලන හැමදේම දෙනවා කියල කව්රුත් කියල නැනේ. (බ)
රජෙක් වෙන්න නම් දරු මුනුපුරු පරම්පරාවක් ඉන්න ඕන . මව් පියෝ දරවන්ට රජවරු. සැම දෙමව්පියෙක්ම මේ නිසා වන්දනාවට පාත්‍ර වෙනවා. (බ)
රට විනාශ කරන කුමන්ත්‍රණ ගැත්තෝ කොටසක් (බ)
ලාල් ඉස්පිරිතාලේ ඇතුලේ ඉඳන්ද අදහස් දමන්නේ (බ)
චම්පික රණවක මහතා මනාප අහුලා ගැනීමේ නොනිමි අරගලයක. (නදී)
මමනම් කියන්නේ මේ රට බේරගන්න උනන්දුව තිබෙන්නේ පොඩි පිරිසකට. බොහෝ දෙනෙකුට මේවා ගැන හිතන්නට තරම් වැටහීමක් බුද්ධියක් උනන්දුවක් නෑ. අන්තිමට රට ගැන කැක්කුම තියන එවුන් මේවට කෑගහල දුක් විදලා වේදනාවෙන් මැරිලා යනවා. ඒ නිසා ඉන්දියාවට පාලමක් පාරක් නොවෙයි ඔය ඉඩම් ගොඩකර විකුණන එවුන්ට කියල ඉන්දියාවයි ලංකාවයි අතර මුහුද ගොඩකරලා පර්චස් 2,3,5,10 කෑලිවලට ඕනේ එකෙකුට විකුණලා රටවල් දෙක එකක් කරලා කීයක්හරි හොයාගෙන චොකා බයිලා නටල රටට ඕනේ හෙනයක් කියල ජොලිකරලා මැරිලා යනඑක හොදයි. (බ)
දැන් එතකොට රනිල් එපා නම් මහින්දනේ ඉන්නේ. කට්ටිය කියන්නේ මහින්දව අගමැති කරමු කියලද? එතකොට ජනවාරි 8 වෙනිදා එයාව ගෙදර යැව්වේ අපරාදෙනේ. මෛත්‍රීට මහින්ද හරි යනවද? (අ)
සුනාමිය කියන්නේ ජාතියේ බරපතලම ඛේදවාචකය. සල්ලි වෙනුවෙන් මේ වගේ වෙලාවක වුණත් හොරකම් කරන්න පුළුවන් කියන්නේ ඒ වගේ කෙනෙකුට තමුන්ගේ වාසියට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නේද? ඔහුට කරුණාද ,කේපිද කියලා අදාළ නැහැ තමුන්ට වාසියක් වෙනවා නම්. රනිල් කියන්නේ ප්‍රතිපත්තිගරුක හොඳ ආර්ථික දර්ශනයක් තිබෙන මනුස්සයෙක් (නි)
එජාපය 77 දී දිනුවාටත් වඩා බලයක් අරගෙන මේ පාර 5/6 ක බලයක් ගන්නවා. (නි)
අනේ විජයබාහු උන්නැහේට නම් මේ ඉස්පිරිතාලෙට එන්න ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරන්නේ නැහැ. මොකද ඔබ වගේ අයගෙන් දැන් මේක පිරිලා තියෙන්නේ (නදී)
"බණ්ඩාර 2015-08-13 00:45:41" නැගීටින්න දැන් එළිවෙලා (නදී)
පළමුව දේශපාලක කියලා දැන් හඳුන්වන අයව දේශසේවක කියලා හඳුන්වන්න ඕනෑ. මොකද ඒ අය සේවකයෝ මිසක් පාලකයෝ නෙමෙයි. ඊළඟට රටේ පවතින අධික දුප්පත්කමත්, නොදන්නාකමත් තමයි මේ වන්දනාවට හේතු. දුප්පත්කම නැතිකර හොඳ ආර්ථිකයක් හදන්න රටේ අයට ආත්ම ගෞරවයක් ඇතුව ජීවත්වෙන්න. වන්දනාව වෙනුවට දේශ සේවකයන්ගේ වැරදි සොයා තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න හැටි උගන්වන්න. (නි)
මහරජ වන්දනාවේ යන විජයබාහු වගේ වල්ලුන්ට නම් අංගොඩ ඉස්පිරිතාලේ තමයි සුදුසු . කොහොමත් අගෝස්තු 17 ට පස්සේ හුඟක් අයට හිමි වෙන්නේ අංගොඩ ඉස්පිරිතාලෙත් වැලිකඩ මහගෙදරත් තමයි (බ)
සාමුලි /විජයබාහු මම ඔබලාට කියන්නේ වහල් මානසිකත්වයෙන් මිදෙන්න කියල විතරයි . ඔබල කැමති අදහසක් දරන්නත් , ප්‍රකාශ කරන්නත් අයිතියක් හා නිදහසක් ඔබ කාටත් තියෙනවා . අඩුම වශයෙන් දෑස් ඇරලා බලන්න කලින් මැතිවරණ වලදී රජයේ බදු මුදල් වලින් පවත්වපු අරලිය ගහ මන්දිරයේ දන්සැල් අද නැහැ නේද ? පෝස්ටර් , බැනර් වලින් වුන පරිසර දුෂණය අද අඩුවෙලා නේද ? (අ)
පරිප්පුවක් කාල ඉන්න නිසා මහින්ද මේ පාර රටට හොඳටම සේවය කරන බව විශ්වාසයි (නදී)
ලාල් වැරදියට කතා කරන්නේ!. රනිල් කියන්නේ මේ රටේ තුන් පාරක් අගමැති වුණ අසාර්ථකම නායකයෙක්. ඒ නිසා තම එතුමා සිරිසේන මහත්තයව ජනාධිපති පුටුවේ තියන්ට ඉඩ දුන්නේ. එතුමා ගැන දැනගන්ට ඕනේ නම් 77- 94 දක්වා එතුමා කරපු සේවාව ගැන හොයල බලන්ට. හැබැයි ඒවා වුනේ (ධවල පත්‍රිකාව වගේ ඒවා) නැහැ කියල විතරක් කියන්ට එපා. (බ)
ලාල් ඔතනින් සනීප උනාම ඇස් වාට්ටුවට යන්න. ඔබතුමාට ඇස් පෙනෙන්නෙත් නැද්ද කොහෙද. අනික වහල් මානසිකත්වය මොකක්ද කියන එක මුලින් ඉගෙනගෙන ඉන්න.(නදී)
ඔබතුමාට නමි වැරදිලාවත් මහා රජ කියලා කියන එකක් නෑ. මිනිස්සුන්ගේ හිතේ ඇති වු ගරැත්වයේ උපරීම නාමයක් ලෙසයි එතුමාට මහා රජ යන්නෙන් ඇමතුවෙි එවැනි භක්තියක් ගරැත්යවක් මෑත කාලයේ කිසිදු පුද්ගලයකුට හිමි නොවු අතර ඒ ගැන කුහක විමෙන් පලක් නොවෙි (බ)