ශ්‍රී ලාංකිකයින් 113 දෙනකු  ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යැවීමේ මහා මොළකරු බස්නාහිර ජාත්‍යන්තර පාසලක හිමිකරුවෙකියි කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ බුද්ධි හා මෙහෙයුම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජේ.ඒ.කේ. මාක් මහතාට තොරතුරු ලැබී ඇත. මෙවැනිම විදේශගත කිරීම් සඳහා කූට ලිපි ලේඛන සෑදීම හා අධ්‍යාපන සඳහා විදේශ ගත කරන බව පවසා මිනිසුන්ගෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් මොහු අධිකරණයෙන් දඬුවම් ලබා ඇද්දැයි පොලිසිය සොයයි.