අපොස සාමාන්‍ය පෙළ විභාගයට රජරටින් පෙනීසිටින දරුවනට ජයපැතීමේ පින්කමක් අනුරාධපුර මහමෙවුනා ධම්ම චේතිය අසපුවේ යොවුන් සභාව මඟින් පැවැත්විණි.
අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ආශීර්වාදය ඇතිව සංවිධානය කළ මේ පින්කම ශ්‍රද්ධා රුපවාහිනි සේවයේ සහයද ලැබිණි. රජරට ප්‍රදේශ ගණනාවක දරුවෝද දෙමාපියෝද බොහෝ දෙනෙක් මෙම පිංකම සඳහා සහභාගී වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්ගේ ආරක්ෂාව ලබන්න පුළුවන් පිටිගල. දැන් කාලේ ආරක්ෂාව ඕනෑ. බුදුමඟ කියා දීම මොනතරම් හොඳද? (නි)
හොඳ වැඩක්. (නි)
බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ තමන් වහන්සේටවත් කෙනෙක්ගේ ගැළවීම වෙනුවෙන් දෙයක් කරන්න බැරි බවත්, කළහැක්කේ මාර්ගය කියාදීම පමණක් බවත්ය. ස්වයන් වීර්යය වඩවා (තම උත්සාහයෙන්) එය සාක්ෂාත් කරගත යුතු බවත්ය. (නි)
චතුරංග, පිටිගල මිලානෝ කියන කතාව සුළුවෙන් තකන්න එපා. බුද්ධ ධර්මය ඔස්සේ සංසාරයෙන් එගොඩ වීමත් ලෞකික ජීවිතය සඳහා විභාග සමත් වීමත් දෙකක්. අනුරාධපුරය වගේ බෞද්ධයින්ට අතිශයින් වැදගත් තැනක් "සමුහ එතෙර කිරීම්" වලට යොදා ගැනීම නුසුදුසුයි කියලයි අපට හැඟෙන්නෙත්. බුද්ධ භාෂණය ඔස්සේ තරුණ පරපුරට ධාරණ ශක්තිය වැඩි දියුණු කර ගත හැකි භාවනා වැනි ක්‍රම වේද කියා දීම වඩාත් සුදුසුයි කියා අප කියන්න කැමතියි. (ර)
දැන් ඉතින් විභාග පාස්වෙන්න දරුවන්ට තියෙන්නෙ දෙවියො බුදුන්ගෙ පිහිට තමයි. (නි)