මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනුව ආරම්භ වූ අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙලෙන ජනතාව වෙත වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතිය පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
“පිවිතුරු පැන් පූජා" වැඩ පිළිවෙළෙහි දෙවන අදියර ඔස්සේ මහමෙව්නාව භාවනා අසපුවට සහ ශ්‍රද්ධා රූපවාහිනිය සම්බන්ධ සැදැහැවතුන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 6.5ක පමණ මූල්‍යමය පිරිවැයක් දරමින් පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ අඹගස්වැව, මීගොලෑව, එකමුතුගම, තලාකොළවැව, වඩිගවැව සහ බේබියාවැව යන ගම්මානවල ජල පිරිපහදු ඒකක පහක් අභිනවයෙන් විවෘත විය.
මෙම ජල පිරිපහදු ඒකක තනවනු පිණිස ශ්‍රමදායකත්වය ලබාදී පවත්වාගැනීම පිළිබඳ වගකීම දරනු ලබන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු දෙපාර්තමේන්තුවේ සියලු දෙනා විසිනි.
මෙම පුණ්‍යක්‍රියාව සඳහා දායකත්වය දක්වන ලද්දේ මහතලාකොළවැව ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන සැදැහැවතුන්,මීගස්වැව අමිල ගමආරච්චි මහතා සහ චන්දනා දුෂාමලී මහත්මිය,අඹගස්වැව ඩයලොග් ආයතනය, බේබියාවැව ඩී.කේ. සුබසිංහ, එස්.එන්. සුබසිංහ, ජීවක සුබසිංහ, පී.පී. සුබසිංහ යන මහත්ම මහත්මීහු මීගොල්ලෑව ගින්තොට පදිංචිව සිටි මල්ලිකා ගුණවර්ධන මහත්මිය සිහිවීම පිණිස පවුලේ සහෝදර සහෝදරියන් විසිනි.
මෙම ජල පිරිපහදු ඒකකයක් සදා නිම කිරීමට ලක්ෂ 13ක මුදලක් වැය වේ. මේ අනුව එම පිරිස මෙම ජල පිරිපහදු ඒකක 5 සඳහා ලක්ෂ 65ක පමණ වූ මූල්‍යමය පිරිවැයක් දැරීමෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතියට දායක වූහ.
පිවිතුරු පැන් පූජා දෙවන අදියර විවෘත කිරීම සැප්තැම්බර් මස 03වන දින කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් ක්‍රියාවක් (ම)
මෙන්න නියම සමාජ සත්කාර.පක්ෂ, පාට, වලින් බෙදී එකිනෙකාගේ වැරදීම සොයමින් මිනිසුන්ගේ අත්‍යවශ්‍යතාවයන් මඟහරිමින් කුළල් කාගන්නා සමහර දේශපාලඥයින්ගෙන් රටට වෙන සේවයට වඩා සේවයක්. මේ සඳහා අතහිත දී මුලිකත්වය ගෙන ක්‍රියාකර ඇති ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දායක පිරිස කරනලද මහඟු සේවයයේ අගය මෙම ජලය බින්දුවක් පාසා, පානය කරනා මොහොතක් පාසා, පිපාසය නිවාගන්නා සැමගේ ඇගයීමට ලක්වනු නොඅනුමානයි (නි)
අඳුරට දොස් නොනඟා එක පහනක් දැල්වීම වටී! (නි)
මෙම සත්කාර්යය සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබාදීමට ලංකාදීප පුවත්පත හැර අනෙකුත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල වාර්තා කරුවන්ගේ ඇස් යොමු නොවීම ගැන කණගාටුවෙමි...(බ)