දඹදිව් තලයේ විශාල ධර්ම ප්‍රචාරයක් සිදු කොට අපවත් වී වදාළ බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවණ අසපු වාසී හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පින් පමුණුවමින් ගුරු ස්වාමීන් වහන්සේ වන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනය ජූලි මස 24 වන සිකුරාදා සවස 07.00 ට කඩුවෙල, හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පැවැත්වීමට නියමිතය.
මහා සංඝගත දක්ෂිණාව ජූලි මස 25 වෙනි සෙනසුරාද උදෑසන 10.00 මාලඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොතිර සසර උන එතෙර. (ර)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)
ඔබ වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා. (ස)
අපවත් වී වදාළ කුසලචිත්ත හිමිපාණන් වහන්සේ දෝහා කටාර් වැලි කතරට 2010 වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් වැඩම කර අප සැමට දහම් දැනුම බෙදාදී පුද පුජා විදි පිළිබඳව අපව දැනුවත් කරනු ලැබුවා. හිමිපාණන් වහන්සේට නිවන් සුව පතමු. දෝහා කටාර් බොදු ජන එකතුව (ම)
ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා........සාදු සාදු සාදු........... (ස)
බුද්ධගයාන් අසපුවාසී කුසලචිත්ත ස්වාමීන් වහන්සේ දඹදිව් තලයේ දහම් ප්‍රචාරය කිරීම සදහා උන කැප වීම හා වෙහෙස හොඳින්ම දන්නෙමි. අප දඹදිව වන්දනාවේ යන විටත් උන්වහන්සේ එහි වැඩ සිටියහ. ඒ වාගේම මෙහිදී ද අප උන්වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දී ඇත්තෙමු. අප විසින් මේ තාක් කරන්නා වූ සියළුම කුසල කර්මයන්ගේ පින් උන්වහන්සේට අනුමෝදම් කරමු. ඒ පින් බලයෙන් සසර දුක් නිමා වේවා! ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා! සාදු ...! සාදු ....!! සාදු ........!!! (නදී)
කෙටි ජීවිත කාලය තුළ ඔබ වහන්සේ කළ ශාසන මෙහෙවර ඇති විශ්ෂ්ටයි.අමා මහා නිවන් සුව පතමි. ධර්මප්‍රිය. (ම)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා සාදු! සාදු! සාදු! (ම)
ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබේවා (බ)
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා..! සාදු සාදු සාදු...! (ර)
ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. සාදු සාදු සාදු! (ර)
සසර නිවනට මඟපෙන්වූ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව! (නි)
කුසලචිත්ත ස්වාමින් වහන්ස, මා විසින් මුළු ජීවිත කාලය තුළදීම කළ පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා! අමාමහ නිවන් සුව බොහෝ දුර නොවේවා! සාදු ... සාදු .... සාදු .....!! (නි)
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින්, අමාමහ නිවනින් සැනසේවා !!! (නි)
මෙන්න අපි අදහන්න ඕනි සඟ රුවන. ඔබ වහන්සේට නිවන් සැප ප්‍රාර්ථනය කරමි. (අ)
ඔබවහන්සේට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරමි!!! (නි)