කැරිබියන් දූපතේ ශාන්ත මාටින් ගුවන් තොටුපළ පිහිටියේ වෙරළ අද්දරය. ගුවන් යානයක් අහසට නංවන හා බස්සන සැමවිටම වැල්ලේ සිටින සංචාරකයෝ මුහුද දෙසට දිවයති. සංචාරකයෝ තිදෙනෙක් ගුවන්තොටේ වැටේ එල්ලී සිටියහ. යානයේ පංකාවලින් එන සුළං පාරට මුහුණ දිය හැකි බව විමර්ශනය කිරීම ඔවුන්ගේ උත්සාහය විය. එහෙත් එය හරි ගියේ නැත. යානයේ ඇංජිමේ වේගම වැඩිවෙනවාත් සමගම පිටවූ හුලං පහරින් දෙදෙනෙක් ඇද වැටුනාහ. සංචාරක කතක් වීසිවී ගොස් හිස පාරේ වැදුනේය. සුළු තුවාල ලැබූ ඇය පොලිසියෙන්ද දඩගැසුම් කෑවාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැරිබියන් දූපත් කියන්නේ දූපත් 1000 ක් සහ රටවල් 34 ක් ඇති ස්ථානයක්. මේ මොන රටේ ගුවන්තොටුපොළද ?
ජුලියෝ ශාන්ත මාර්ටින් ගුවන් තොටුපල කියල තියෙනවා පෙන්නේ නැද්ද. ගුවන් තොටුපලේ නම මදිද?
කැරිබියන් දූපත් කියන්නේ රටවල් 13 ක්. ඇතැම් ඒවා වෙනත් රටවලට අයත් කොටස්. ශාන්ත මාටින් ගුවන්තොටුපොළ තියෙන්නේ ශාන්ත මාටින් දූපතේ. ඒ දූපත කොටස් දෙකක් එහි එක් කොටසක් පාලනය කරන්නේ ප්‍රංශය. අනෙක් කොටසේ පාලනය තිබෙන්නේ ඕලන්දයට. මේ ගුවන්තොටුපොළ පිහිටා තිබෙන්නේ ඕලන්ද පාලනයට නතුව ඇති කොටසේ.
මේක භූගෝල පාඩමක් නෙවෙයි වාද කරන්න.
භූගෝල පාඩමක් නොවුනට නොදන්න දේවල් මේවගේ ප්‍රතිචාර වලින් දැනගන්න පුළුවන්
ඕක වාද කරන්න දෙයක් නෙවෙයි. ශාන්ත මාටින් ගුවන්තොටුපොළක් තිබෙනවා