තැන නොතැන නොබලා ඡන්ද කටවුට් ගැසීමෙන් අපේක්ෂකයන්ගේ කීර්තියට හානියක් සිදුවනවා පමණක් නොව ඔවුන් සමච්චලයට ද පත් වෙතියි කියති.
ගම්පහ ගුවන් පාලම කෙරවලේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් පුවරුව එවැන්නක් බවත්, එය එතැන සවි කළ අය ඊට උඩින් ඇති පුවරුව නොදකින්නට ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝස්ටර් කටවුට් වලට දැනට වියදම් වූ මුදලින් අහිංසක මිනිසුන් 100 කට අංග සම්පුර්ණ ගෙවල් 100 හදලා දුන්නා නම් මිට වඩා ඡන්දෙ ගන්න තිබුනා නේද .(හේ)
මාතර නගරය ආසන්නයේ ලියුම් කණුවක ලියුමක් දැමීමට නොහැකිවන අයුරින් මෙතුමාගේ කටවුට් එකක් ගසා තිබුණි.(හේ)
දුටු සැනින් අල්ලන්න කියල තියෙන හින්ද කාටවත් නොපෙනෙන්න ගහන්න ඇති ..මේ වගේ විශාල මුදලක් වියදම් කරලා හැම තැනම කටවුට් , පෝස්ටර් ගහන්නේ ඇයි හැබැටම ... ව්‍යාපාරික දැන්වීමක් නම් ගහන්නේ මුදල් හොයන්නයි .... මේකත් එහෙමද ? (ම)
රජතුමා වටේ කැරකුන මැස්සෙක් එළවන්න කියල වඳුරෙක් රජතුමාගේ මගුල් කඩුවෙන් මැස්සට ගැහුව වගේ ජනාධිපති තුමා වටේ ඉන්න අය කරන වඳුරු වැඩ නිසා නැතිවෙන්නෙ ඒතුමාවයි. (බ)
මේ ඉන්න අපරාධකාරයට හිරු සදු පවා බයයි (බ)
අපේ මූර්තිගේ ගමේනේ මේක වෙලා තියෙන්නේ . ගම්පහ බුද්ධිමතුන්ගේ ප්‍රදේශය නේද ? අපේ අර පබා නෝනවත් පත්කළේ ගම්පහ බුද්ධිමතුන් නේ . මේකත් එ්ක පෙන්වන එක අවස්ථාවක් (බ)
ඇත්තටම රටේ ජනාධිපතිතුමා නොදන්නා කෙනෙක් නැත. එසේනම් ඇයි මේ පුවරු ගසා ප්‍රසිද්ධ කරන්නේ. එය අත්‍යවශ්‍යමද ? නැතිනම් ඔහුගෙන් වරප්‍රසාද ලබා ගැනීම සදහාද ? ඔය යන වියදම් වලින් අසරණ මිනිස්සු කී දෙනෙක් සනසන්න පුලුවන්ද ? කාටහරි යමක් කර ලැබෙන සතුට මෙයින් ලබා ගත හැකිද ? (ර)
අපේක්ෂකයාගේ යහපත් ගතිගුණ නැති නිසා තමයි..අනික් අය ඒවා කරන්නේ.(හේ)
මේ ගැන මොනවා කියන්නද මන්දා.(හේ)
ගුරා හිටගෙන කරන දේ, ගෝලයෝ දුව, දුව කරනවා. (හේ)
නියම තැනකනේ කටවුට් එක ගහලා තියෙන්නේ! (නි)
මැ කෝ ට නිතිය ක්‍රියාත්මක කරන්න බැරි නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව එලවල දලා ස්වාධීන මැතිවරණ , පොලිස් කොමිසම් ක්‍රියාත්මක කරන්න කියලා ..(හේ)
සදාචාරයක්, නීතියක්, ධර්මයක් නැති පාලකයෝ පත්කරගත්තාම මෙහෙම තමයි.(හේ)
දැන් හැම තැනම පොස්ටර්, බැනර් වලින් වැහිලා.(හේ)
බලයෙන් අන්ධව වැඩකරන අයට මේවා නොපෙනීම ගැන මම නම් පුදුම වන්නේ නැහැ. (නදී)
නියම තැන නියම කෙනාගේ කටවුට් එක සවිකරලා තියෙනවා. ඒකෙ වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. (ර)
මේවා ගහන්නේ සංවිධායකයෝ. ලකුණු දා ගන්න කරන වැඩ. (ර)
ජනාධිපතිතුමා දැන් ගස් ගල් උඩ (නදී)
කවුරු කළත් නියමෙට රාජකාරිය කරලා තියෙනවා.(හේ)
ඡන්ද දායකයෝ කා ගැනත් සිතිය යුතුයි මම හිතන්නේ. මේ වගේ විකාර වැඩ නොකරන පාලකයෝ පත්කර ගන්න. (හේ)
මේ වියදම් කරන්නේ ජනතා මුදල් නේද?(හේ)
මේ කටඅවුට්, බැනර් වලට වියදම් වෙන්නේ මහජනයාගේ මුදල්.ඇයි මේ අපරාධ කරන්නේ.මේ මුදල් වලින් නැතිබැරි පවුල් වලට ගෙවල් හදලා දෙන්න පුලුවන් නේද (හේ)
ඒ මොනවා වුනත් මේක හයි කරපු කෙනා නම් මොළය තියෙන කෙනෙක්. එකනේ හරි තැනම හයි කරලා ගිහින් තියෙන්නේ. (හේ)
නීතියක් නෑ අද රටේ.රට පුරාම ලයිට් කණුවක් පාසා විශාල ප්‍රමාණයේ පුවරු සවිකරලා .මේවා දකින බොහෝ මිනිස්සු බැන බැන යනවා.මේ යට තියන ප්‍රසාදයත් මේ තුලින් විනාස වෙනවා.මේවා දකින එකත් අප්‍රසන්නයි. (ස)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
දේශපාලනයේ දී හැල හැප්පීම් තියෙන්න පුළුවන්. අසාධාරනකම් වෙන්න පුළුවන්. එත් ඔබ ඒවා රට වෙනුවෙන් ඉවසා ජනාධිපතිතුමාටම ඡන්දය දෙන්න. (ස)
මේ ශ්‍රී ලංකාවද ? නැහැ නැහැ සෝමාලියාව . සෝමාලියාව මෙහෙම උනාට, ශ්‍රී ලංකාව මෙහෙම වෙන්නේ නැහැ. (ස)
හෙට වෙනකොට කටවුට් එක තියලා උඩ ටික ගලවලා දායිද දන්නෙත් නැහැ. අපොයි රටකට ගිය කලක්! (නි)
අප්පච්චියේ දුටු තැන අල්ලනු කියන තැන යටින් නේද කටවුට් එක හයි කරලා තියෙන්නේ ! (ස)
ගෙදර යන ගමන් කියල ගැහුව නම් තමයි හරි. (ස)
මේ වියදම් වෙන්නේ මහජනයාගේම මුදල් නොවේද? (නි)
කුලියට පෝස්ටර් ගහන මිනිස්සු කොහොමද තැන නොතැන අඳුනන්නේ? (ස)
අදාළ තැනම නේද මේ හයි කරල ගිහින් තියෙන්නේ. දැන් මොකද්ද මේකේ වැරැද්ද ? (ස)
මේවට වැය කරන සල්ලි නම් මහා අපරාධයක්. රටේ මොන තරම් ප්‍රශ්න තියනවද විසදන්න. (නදී)
ජනතාවගේ හදවතේ ජීවත්වෙනවා කියන ජනාදිපතිගේ කටවුට් මේ තරම් ගහන්නේ ඇයි? ජනාදිපතිටත් එයාගේ ගෝලයන්ටත් සුවර් නෑ වගේ මම හිතන්නේ. මෙහෙම කරන එකෙන් වෙන්නේ ජනාධිපතිට කැමති පරිසර හිතවාදියෝ එහෙම ඉන්නවා නම් තරහටම අනෙක් පැත්තට කතිරේ ගහන එක පරිසරය අපවිත්‍ර කරනවට විරුද්ධව (නදී)
මේ වගේ ප්‍රවෘත්තියක් පල කරපු ගැන ස්තුති වන්ත වෙන්න ඕන ලංකාදීපට. ගොඩක් මාධ්‍ය කරන්නේ අද කඩේ යන එක විතරයි. පින්තූර ගත්ත දෙන්නට දෙවියන්ගේ පිහිටයි (නදී)
අර කටවුට් ගහන්න එපා කියල ගුටි කාපු කෙනා මේක දැක්කොත් දෙකොනින් හිනා වේවි. (නදී)
හරියටම හරි. ඔයාලා හරියට කියවලා නැතුව කලබල වෙලානේ (නි)
දැන් මේක ගැලෙව්වොත් තොප්පිය දාගත්තා වෙනවා. බලමු මොකද වෙන්නේ කියල. (නදී)
කටවුට් එකට උඩින් ගහල තියන දැන්වීම නම් ගැලපෙනවා පොඩි සංශෝධදනයක් සමග. (ස)
මට පේන හැටියට ඊළඟට මේ මෝඩ ගෝලයෝ කටවුට් ගහන්නේ පොදු වැසිකිලියේ දොර ළඟ ! (ස)
ඉතින් උඩ තියෙන බෝඩ් එක නොකියවා ඉන්නකෝ. (ස)
හැම දේම සීමාව ඉක්මවල කරන්න ගිහාම, මෙහෙම දේවල් වෙන එක ස්වාභාවිකයි. (ස)
මේ කටඅවුට්, බැනර් වලට වියදම් වෙන්නේ මහජනයාගේ මුදල්.ඇයි මේ අපරාධ කරන්නේ.මේ මුදල් වලින් නැතිබැරි පවුල් වලට ගෙවල් හදලා දෙන්න පුලුවන් නේද? (ස)
මැතිවරණ නීති අනුවනම් ප්‍රසිද්ද ස්ථාන වල මෙවැනි දේ ප්‍රදර්ශනය තහනම් , මෙතුමා ජනාදිපති නිසා අදිකරන්යේ පිහිට පතන්නත් බැහැනේ. වෙලාවට ඡන්දෙ දීල ගෙදර යවමුද ? (නදී)
ආ දැන් බය නැතිව අපේ ඉඩම් වල බලහත්කාරයෙන් කටවුට් ගහන්න එන උදවිය ගැන දැන් පැමිණිලි කරන්න පුළුවන්. ඔය නොම්මරෙත් අපිට දැනුම් දීලා තියෙන්නේ. (නදී)
මිනිස්සුන්ගේ මිදුල් වල නැතිව ඔන්න ඔහොම තැන් වලම කටවුට් ගහන්නකෝ අපිත් සහයෝගය දෙනවා. (නදී)
නියම තැනකනේ ගහලා තියෙන්නේ (නදී)
රට පෙරට මේ වියදම් කරන්නේ මහජනයාගේ මුදල්,(හේ)
මේ ඡායාරූපකරුට සම්මානයක් දෙන්න වටිනවා (නි)
මට පේන හැටියට කටවුට් වලට වියදම් කල ගානත් අපතේ වගේ. ඒවා ගහන්න පත් කරන් ඉන්නේ මොලය උඩ ඉඳ ගත් කට්ටියක්ද කොහෙද! (නදී)
කොටුවේ ඉදන් අපේ ගෙදරට මහින්ද කණු 150යි. මම ඉන්නේ මරදානේ. (නදී)
මිනිසුන්ගේ මනසට බලෙන් ඇතුල් වෙන්න කාටවත් බෑ. (නදී)
පේනවා නේද දුරදිග නොබලා කරන වැඩ වල හැටි? (නි)
මේ කටවුට් එක මෙතන ගහපු කෙනා ගේ මොලයේ ප්‍රමාණය ගැන සිතන කොට මේක ගැහුවේ බන්දුල පෙරේරා වද්ද කියල මට හිතෙනවා. (නදී)
හොඳට කල්පනා කරලා ගහපු කටවුට් එකක්. (නදී)
කොටුවේ ඉදන් අපේ ගෙදරට මහින්ද කණු 6000යි. මම ඉන්නේ නුවර. (නදී)
අශ්චර්යමත් රට කැත කරන වැඩක් (දිල්)
මොනවා ගැහුවත් මිනිස්සුන්ගේ හිතට බලෙන් ඇතුල්වෙන්න කාටවත් බෑ. (ර)
බණ්ඩාරනායක පිලිරුවෙත් ගහපල්ලා ,රටට යනකල ඇමතිවරු නිදි මෝඩ ගෝලයෝ කරනදේ නිසා හොඳ ඇමැතිවරයකුගේ නම ට හොඳ නෑ (බ)
හැම කට උට් එකකටම කතිර (X) දහයක් (10) හෝ විස්ස (20) අඩු කරන්න. උත්තරය 2015 ජනවාරි 9 වෙනුදා උදේට පත්තරේ බල්ලන. ලංකාවේ කට්ටිය කටඋට් වලට කලබල වෙන්න එපා. (නදී)