IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘මහමඟ යන අයට පී.සී.ආර් කරන්න‘‘

(සුජිත් හේවාජුලිගේ )

රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමේ (drive through test) වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරයි .

එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනවශ්‍ය සංචරණ බොහෝ දුරට පාලනය වන අතරම ආසාදිතයන් හඳුනාගැනීමටද ඉන් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහු කියයි .

සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලසීමාවේදී සමහරුන් අනවශ්‍ය ලෙස ගමන් බිමන්වල යෙදුණු බව කී මහාචාර්යවරයා එය ඉතා වැරදි ක්‍රියාවක් බවද කීවේය .

සංචාර සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී කොරෝනා පරීක්ෂණ අඩු කිරීම හොඳ නැතැයිද මෙවැනි කාලයකදී එවැනි පරීක්ෂණ සිදු කිරීම ඉතා පහසු යැයි ද ඔහු සඳහන් කරයි .

රෝගීන් වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ තවමත් නොපෙන්වන බවත් රට වසා ඇති කාලසීමාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ වැඩිකළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියයි .

පී.සී.ආර් නොකර රට වැසීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි යැයිද ඒ මහතා සඳහන් කළේය.

ලෑම්ප්(LAMP) තාක්ෂණය කොරෝනා ලක්ෂණ නොපෙන්වන අය සඳහා භාවිතා කළ හැකි අලුත්ම පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් මේ තාක්ෂණය මේ රටේ ක්‍රියාත්මක කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය .

අඩු වියදමකින් සහ අඩු කාලයකින් එම පරීක්ෂණ කළ හැකි බවද මහාචාර්යවරයා හෙළි කළේය .

 



අදහස් (13)

‘‘මහමඟ යන අයට පී.සී.ආර් කරන්න‘‘

සිල්වා Thursday, 03 June 2021 04:10 PM

දැනට පවතින තත්වය අනුව වැඩි කළ යුත්තේ ඵන්නත් කිරීමයි...

:       1       5

කපිල Thursday, 03 June 2021 04:12 PM

මහාචාර්යවරු කොතරම් කීවත් අහන කෙනෙක් නෑ. මහානායකලා සුවසේ සැතපී වැඩ ඉන්නවා.. මේ තරම් විනාශයක් රටේ වෙලත් කිසි සද්දයක් නෑ. උන්වහන්සේලාට හැකියාව තියෙනවා රජයට යම් පෙළඹවීමක් කරන්න.

:       0       9

Sri Lanka Thursday, 03 June 2021 04:15 PM

වාහනවලින් යන අයට මොකටද පීසීආර් පරීක්ෂණ? බොරුවට රටේත්, මිනිසුන්ගේත්, සල්ලි පිටරටවලට යවන්න හදන්න එපා.

:       14       3

Ratne Thursday, 03 June 2021 05:17 PM

ඔබතුමා ඉතා නිවැරදියි. නමුත් නිවට, දූෂිත පාලකයින් සහ පඹයින් වැනි ඔවුන්ගේ කීකරු නිලධාරීන්ගේ නොසැලකිල්ල හා නොහැකියාව හේතුවෙන් රටම වසංගතයට ගොදුරු වී ඇත.

:       1       10

upali Friday, 04 June 2021 01:01 AM

අධ්‍යක්‍ෂ ජනරාල්ගේ තියෙන අනුවණ කමට පෞද්ගලික රෝහල්වල සිදුකල ඩ්‍රයිව් ත්‍රෑ PCR පරීක්ෂණ තහනම් කළා..

:       1       8

Akila Friday, 04 June 2021 03:54 AM

ලංකාවේ මේ කොරෝනා ව්‍යාප්තියට තියන ලොකුම හේතුව තමයි ඕක... අහඹු පීසීආර්.. නොකිරීම, WHO එකෙනුත් හැමතිස්සේම කිව්වේ සොයාගොස් අහඹු පීසීආර්.. කරන්න කියලා, නමුත් මම හිතන්නේ අවුරුද්දක් ගිහිල්ලත් තවම අපේ අයට දිනකට පීසීආර්.. 20000ක් වගේ තමයි කරගන්න පුළුවන්...

:       1       11

Siri Friday, 04 June 2021 03:57 AM

නියම අදහස...!!!

:       0       9

Ruwan R Friday, 04 June 2021 04:45 AM

අනිවාර්යෙන් විය යුතු දෙයක්

:       0       10

sampath Friday, 04 June 2021 05:07 AM

මහමග යන අයට දඩ ගහනවඓ් නිසා සල්ලි වියදම් කිරිම තේරුමක් නැ

:       2       0

kumara Friday, 04 June 2021 06:52 AM

උත්තරීතර මහාචාර්යවරයෙක්... !!! ජාතියේම ගෞරවය හිමිවෙනවා. කෙළින් කතාව. බුද්ධිමත්කම වචන එකෙන් දෙකෙන් තේරෙනවා අහන් ඉන්න කෙනෙක්ට..!!! දකින්න ලැබීමත් පිනක්.. !!!

:       1       17

de silva Friday, 04 June 2021 10:07 AM

කාලෝචිත අදහසක්... නමුත් අපේ මෝඩ ගැහැණුන් හිතන්නේ රට වහලා මුට්ටියක් ගඟේ දැම්මාම ප්‍රශ්නය විසඳෙනවා කියලා. ඒ අයට ඕවා කියලා වැඩක් නැහැ.

:       2       10

Sriyani Saturday, 05 June 2021 04:06 AM

ඉතාම වටිනා අදහසක්... ඒත් මෙවැනි උගතුන්ට නිසි තැනක් දෙන්නේ නැහැ.

:       0       2

de silva Saturday, 05 June 2021 07:34 AM

ඔය මොන විදිහකින් පීසීආර් ටෙස්ට් කළත් ප්‍රතිඵල ලැබෙන්න දවස් 7-8ක් ගතවෙනවා නම් ඒකෙන් වැඩක් තිබේද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site