(සුජිත් හේවාජුලිගේ )
රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමේ (drive through test) වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරයි .
එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනවශ්‍ය සංචරණ බොහෝ දුරට පාලනය වන අතරම ආසාදිතයන් හඳුනාගැනීමටද ඉන් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහු කියයි .
සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලසීමාවේදී සමහරුන් අනවශ්‍ය ලෙස ගමන් බිමන්වල යෙදුණු බව කී මහාචාර්යවරයා එය ඉතා වැරදි ක්‍රියාවක් බවද කීවේය .
සංචාර සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී කොරෝනා පරීක්ෂණ අඩු කිරීම හොඳ නැතැයිද මෙවැනි කාලයකදී එවැනි පරීක්ෂණ සිදු කිරීම ඉතා පහසු යැයි ද ඔහු සඳහන් කරයි .
රෝගීන් වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ තවමත් නොපෙන්වන බවත් රට වසා ඇති කාලසීමාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ වැඩිකළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියයි .
පී.සී.ආර් නොකර රට වැසීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි යැයිද ඒ මහතා සඳහන් කළේය.
ලෑම්ප්(LAMP) තාක්ෂණය කොරෝනා ලක්ෂණ නොපෙන්වන අය සඳහා භාවිතා කළ හැකි අලුත්ම පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් මේ තාක්ෂණය මේ රටේ ක්‍රියාත්මක කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය .
අඩු වියදමකින් සහ අඩු කාලයකින් එම පරීක්ෂණ කළ හැකි බවද මහාචාර්යවරයා හෙළි කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට පවතින තත්වය අනුව වැඩි කළ යුත්තේ ඵන්නත් කිරීමයි...
මහාචාර්යවරු කොතරම් කීවත් අහන කෙනෙක් නෑ. මහානායකලා සුවසේ සැතපී වැඩ ඉන්නවා.. මේ තරම් විනාශයක් රටේ වෙලත් කිසි සද්දයක් නෑ. උන්වහන්සේලාට හැකියාව තියෙනවා රජයට යම් පෙළඹවීමක් කරන්න.
වාහනවලින් යන අයට මොකටද පීසීආර් පරීක්ෂණ? බොරුවට රටේත්, මිනිසුන්ගේත්, සල්ලි පිටරටවලට යවන්න හදන්න එපා.
ඔබතුමා ඉතා නිවැරදියි. නමුත් නිවට, දූෂිත පාලකයින් සහ පඹයින් වැනි ඔවුන්ගේ කීකරු නිලධාරීන්ගේ නොසැලකිල්ල හා නොහැකියාව හේතුවෙන් රටම වසංගතයට ගොදුරු වී ඇත.
අධ්‍යක්‍ෂ ජනරාල්ගේ තියෙන අනුවණ කමට පෞද්ගලික රෝහල්වල සිදුකල ඩ්‍රයිව් ත්‍රෑ PCR පරීක්ෂණ තහනම් කළා..
ලංකාවේ මේ කොරෝනා ව්‍යාප්තියට තියන ලොකුම හේතුව තමයි ඕක... අහඹු පීසීආර්.. නොකිරීම, WHO එකෙනුත් හැමතිස්සේම කිව්වේ සොයාගොස් අහඹු පීසීආර්.. කරන්න කියලා, නමුත් මම හිතන්නේ අවුරුද්දක් ගිහිල්ලත් තවම අපේ අයට දිනකට පීසීආර්.. 20000ක් වගේ තමයි කරගන්න පුළුවන්...
නියම අදහස...!!!
අනිවාර්යෙන් විය යුතු දෙයක්
මහමග යන අයට දඩ ගහනවඓ් නිසා සල්ලි වියදම් කිරිම තේරුමක් නැ
උත්තරීතර මහාචාර්යවරයෙක්... !!! ජාතියේම ගෞරවය හිමිවෙනවා. කෙළින් කතාව. බුද්ධිමත්කම වචන එකෙන් දෙකෙන් තේරෙනවා අහන් ඉන්න කෙනෙක්ට..!!! දකින්න ලැබීමත් පිනක්.. !!!
කාලෝචිත අදහසක්... නමුත් අපේ මෝඩ ගැහැණුන් හිතන්නේ රට වහලා මුට්ටියක් ගඟේ දැම්මාම ප්‍රශ්නය විසඳෙනවා කියලා. ඒ අයට ඕවා කියලා වැඩක් නැහැ.
ඉතාම වටිනා අදහසක්... ඒත් මෙවැනි උගතුන්ට නිසි තැනක් දෙන්නේ නැහැ.
ඔය මොන විදිහකින් පීසීආර් ටෙස්ට් කළත් ප්‍රතිඵල ලැබෙන්න දවස් 7-8ක් ගතවෙනවා නම් ඒකෙන් වැඩක් තිබේද?