‘මහ බැංකුවට ප්‍රථම ප්‍රහාරය එල්ල කළේ ප්‍රභාකරන්. දෙවැනි ප්‍රහාරය එල්ල කළේ රනිල් වික්‍රමසිංහ. ඒ අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති කරලා.‘ යැයි සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (13) කොළඹ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
‘ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි මහ බැංකුවේ අධිපති කළේ. රටක මහ බැංකුවට ප්‍රහාරයක් එල්ලවුණාම සමස්ත ආර්ථිකයම වැටෙනවා. එහි සම්පූර්ණ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බාරගත යුතුයි‘ යැයිද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2004 සුනාමියෙන් පසු හම්බන්තොටට උදවු සුනාමිය ඇති කළේ කව්ද ? (බ)
වසර 30 යුද්දෙන් හිස එසවූ ලෙස නැගිටිමු එක රටක් ලෙස වැරදි නිවැරදි කර (අ)
මෙම මුහුණු ගොඩක් අායෙමත් කාලයකට ජනතා දේශපාලනයේ දකින්න ලැබෙන එකක් නැහැ 18 වෙනිදට පස්සේ. (නදී)
සමහරු දැන් මොකුත් දන්නෙ නැහැ. වසර 10 බංකරයක් යට හිටියා වගේ කතාව. (නි)
මහ බැංකු මගඩිය හිතන තරම් සරල කරුණක් නොවන බව අපේ ජනතාව පක්ෂ,පාට නොබලා වටහාගත යුතුයි. (නි)
හරියට හරි. මමත් එකඟයි (නි)
තුන්වන ප්‍රහාරය කවුරු එල්ල කරයිද දන්නෙ නැහැ (නි)
මම හිතන්නේ අපිට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න විතරයි දැන් (නි)
ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි මහ බැංකුවේ අධිපති කළේ ? - සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත. ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි ආරක්ෂක ලේකම් කළේ ? ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි රටේ ආර්ථිකයේ සියලු මර්මස්ථාන භාර (සියයට දහයේ) ආර්ථික සංවර්ධන ඇමති කළේ ? (අ)
මෙයාලා ප්‍රහාර එල්ල නොකල තෑනක් නම් ලංකාවේ නෑහෑ (අ)
ඕක දැන් කීපාරක් කිව්වද ! සුසිලෝ දැන් ඕක පරනවෙලා කව්රුත් ගණන් ගන්නේ නෑ. (අ)
නිවටයකු සැඟවෙන අවසාන ස්ථානය ජාතිවාදයයි.නිදහස නැති කරන තම නිදහස නැති කර ගන්නා නිදහස් සංධානය! (අ)
දැන් රනිල් මහත්තයා මේ ගැන මොකද කියන්නේ? (නි)
බාල ප්‍රමිතීන් වල තෙල් ගෙනල්ලා කෝටි ගණන් ගැහුවේ කවුද? තෙල් සංස්ථාවට දෙවැනි ප්‍රහාරය එල්ල කළේ කවුද? (නි)
හෙජින් කෝටි 25000 පාඩු කරලා රට වැනසුවේ තමුන් නෙමෙයිද හිතුවද හැම කෙනාම මෝඩයෝ කියලා ඈ ගවුම් සුසිල් මහත්තයෝ කෝ මේ සැරේ ගවුම් දන්සල කඩුවෙලට දෙන්නේ නැද්ද? ගවුම් බෙදුවේ නැත්නම් මනාප නැති වෙයි ඔයාට (අ)
තමුන්නාන්සේලාට ජාතිවාදෙයි මහා බැංකු කතාවයි ඇරෙන්න වෙන දෙයක් නැද්ද? තමන්ගේ වැඩ පිළිවෙල කියන්න. මහින්දත් අනුන්ට බැන බැන යනවා. (අ)
අපි දන්නවා හැමදේම. අපිව රවට්ටන්න බැහැ (නි)
අර බාල තෙල් ගැනත් මොනවාහරි කියන්නකෝ (නි)
අපි දැන් කතා අහන එක නවත්වලයි තියෙන්නේ (නි)
ප්‍රහාර එල්ල වෙනවා තමයි. ඒත් ඒවා සාර්ථකව මැඬපවත්වා ගැනීමයි දක්ෂතාවය වියයුත්තේ (නි)
17 වෙනිදට අපි මේ හැමදේටම උත්තර දෙන්නම්කෝ (නි)
දැන් අපිට තියෙන්නේ මේ ප්‍රහාර වලින් විනාශ වූ මහ බැංකුව බේරාගන්න (නි)
මහින්දට දෙවෙනි ප්‍රහාරයත්... (අ)
අර වතුර කලවම් තෙල් ගෙන්වලා කෝටි ගානක් ගැහුවේ කවුද දන්නෙ නැහැ (නි)
මම හිතන්නේ නම් මේ දෙපක්ෂය දෙපැත්තට බෙදිලා සන්ඩු කර ගන්නේ නැතුව තමන් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන කටයුතු ගැන ජනතාව දැනුවත් කර නම්බුකාර අයුරින් ඡන්දය ලබා ගන්නවනම් හොඳයි. මම එහෙම කියන්නේ කවදාවත් පරදින එකක් නැහැ කියල හිතපු මහිදත් පැරදුනානේ. ඉතින් අනිත් අය ගැන කවර කතාද?(අ)