IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

කෙදිනක හෝ තමා තනතුරෙන් ඉවත් වන්නේ තනතුරෙන් රටට ඉටුවිය යුතු දේ ඉටු කිරීමට නොහැකි වුවහොත් පමණක් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය.මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම හේතුවෙන් තමන් කිසිම විටක රැකියාවෙන් ඉවත් නොවන බව ආචාර්ය විරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආයතනයේ ප්‍රධානියා ලෙස සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වගකීමක් තමන්ට තිබෙන බවත් එය ඉවත් වීමට හේතුවක් ලෙස තමන් නොදකින බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පැවැසුවේය.

පරටේ නිතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම තුළින් බැංකු ණය දීම තවදුරටත් අදිමදි කරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.බැංකුව ණය ලබා දෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් වලින් බැවින් එය අය කරගැනීමේදී බාධාවක් තිබේ නම් කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය දීමේදී බැංකු මීට වඩා පරිස්සම් වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී පරටේ නිතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සුළු හා මධ්‍ය පරිමාණ පහසුවක් නොව අපහසුවක් වනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

විශාල වශයෙන් පවතින පොලී අනුපාතික අඩු කිරීම සඳහා 2023 අගෝස්තු මස ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ගය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් ඉන් කිය වෙන්නේ නියාමන ක්‍රියාමාර්ගය හරහා අඩු වූ ප්‍රමාණයට වඩා තවදුරටත් අඩුවීමේ අවශ්‍යතාවය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජානක එදිරිසිංහ මහතා පැවැසුවේය.

2023 ජනවාරි මාසයේදී නිත්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වාණිජ බැංකුවලට පැනවූ සීමාව ලබන පළමු වැනිදා සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.
 

 



අදහස් (7)

මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව කියයි

Bandula Tuesday, 26 March 2024 08:23 PM

මිස්ට නන්දලා හැකිතාක් මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට පුළුවන් තරම් ණයට දෙන්න... බැංකුවේ සල්ලි ඊට පස්සේ බොල් ණයට කපා හරින්න... ඒකයි අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ...!

:       0       0

Prabha Tuesday, 26 March 2024 08:42 PM

ඔය වගේ සුයිප් එකක් වෙන කොහෙන් ඇදෙන්නද?

:       0       0

j.perera Wednesday, 27 March 2024 07:25 AM

ඔහු IMF රැකියාව කරන්නේ ශ්‍රී ලංකාවට නොවේ. ඔහු ඉල්ලා අස්වන්නේ නැහැ ඕස්ට්‍රේලියාවට පැනලා ශ්‍රී ලාංකීය ජනතාව සියල්ල ලිහිල් කරනවා. සහ ඔහු දන්නේ SDFR සහ SLFR අඩු කිරීම පමණි

:       5       8

Chaminda Wednesday, 27 March 2024 08:03 AM

රටේ අවම වැටුප 40% කින් ඉහල නංවා ඇති .මෙම අවම වැටුප ටැක්ස් වෙන්නෙත් නැත .එතකොට මහ බැංකුවේ අයත් දීපු වැඩි වීම ටැක්ස් කැපුනට පස්සේ මේ 40% ටත් වඩා අඩුයි නේද

:       1       7

Bamunuarachchi Wednesday, 27 March 2024 10:04 AM

බැංකු වැටුප් වැඩිකර ගැනීම වෙනම කථාවක්. එහෙත් ඔබේ ආර්ථික විද්‍යා බැංකු පරිපාලනය පිළිබඳව ඇති දැනුම රටට විශාල ලෙස වටිනවා. එමනිසා මේ රට දාලා යන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

:       10       4

Mo77 Wednesday, 27 March 2024 03:23 PM

අවුරුදු හතළිහක් විතරක් මහ බැංකුයි ඉහළ පුටුවල වැඩ කරලා රටත් බංකොලොත් කරලා පැන්ෂන් ගියාට පස්සේත්, දාලා යන්න අදහසක් නෑ. කවුද මැණික් ඉල්ලමක් වගේ තියන රස්සාවක් දාලා යන්නේ...? දැන් ඕස්ට්‍රේලියාවේ හිටියා නම් පාරවල් ගානේ ඇවිද ඇවිද කයියක් ගහලා ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

:       0       2

kumara Saturday, 30 March 2024 06:40 AM

අපෝ... මොකටද අයින් වෙන්නේ... මේ වගේ ටිකට් එකක් ආයේ ඇදන්නේ නෑනේ... ඉතින් හිතුණු වෙලාවට පඩිය වැඩිකරගන්න පුළුවන්... කාගෙන්වත් අහන්න ඕනෑ නෑ. රටේ ඉන්න අනෙක් මිනිස්සුන්ට හෙණ ගැහුවත් අපිට වැඩක් නෑ. අපි කාලා හිටියොත් අපිට ඇති ඔක්කොම ඔය හැමතැනම ඉන්නේ... එහෙම අය තමයි... හොඳයි කියන්න කෙනෙක් වත් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොදු සමා කාලයේ යුද සෙබළු 7156 ක් සේවයෙන් ඉවතට
2024 අප්‍රේල් මස 28 65 0

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජ


ලංකාවේ මරණ වැඩිවෙලා
2024 අප්‍රේල් මස 28 458 0

අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනර


ඇල්ල නාය තවත් සක්‍රිය වේ
2024 අප්‍රේල් මස 28 474 3

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත්


ජනපති කාර්යාලයේ නම විකුණා සල්ලි හොයන ජාවාරමක්
2024 අප්‍රේල් මස 28 87 0

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැ


අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු
2024 අප්‍රේල් මස 28 305 0

මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ


මන්ත්‍රී හතළිහක් පොඩි වාහනේට බැහැලා
2024 අප්‍රේල් මස 28 554 5

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 365 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1766 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1594 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site