මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය 2011 දී මලයාසියා ජාතිකයකුට පැවරිමෙන් මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු සමුපකාර හා වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු මහතා අද (11) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියා ගත්තේය.
" මහපොළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න අද කැඳවීමක් කර තිබුණා. අවශ්‍ය ප්‍රකාශ ලබා දුන්නා. ඉදිරියෙන් පරික්ෂණ සඳහා අවශ්‍ය සහය ලබා දෙනවා . මේ තත්ත්වය දකින්නේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂ මන්ත්‍රිවරුන් දඩයම් කිරිමේ ක්‍රමයක් හැටියට. මේ රජය අද රටේ සංවර්ධන කිරිම පසෙකලා කරන්නේ පලිගැනිමයි. මේක තමයි අලුත් ක්‍රමය. අද රට පාලනය කරන හැටි දැක්කාම කියන්න තියෙන්නේ මේ රටේ ජනතාව කර ගත්තේ විශාල අත්වැරද්දක් කියලා" ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මෙයාගෙන් ප්‍රශ්න කරන්න එපා.(හේ)
මේ දේශපාලඥයෝ නැතිකරන්නේ අහිංසක අපේ සල්ලි (නි)
තව හොයන්න දේවල් ගොඩක් තිබෙනවා (නි)
හිරේ ගිහිල්ලත් සමහරුන්ට ලැජ්ජාවක් නැහැනේ (නි)
තනිකරම ඇත්ත, අන්තිමට වැරදිකාරයෝ ජනතාවම තමා. (නි)
තක්කඩි දේශපාලකයන් බලු කූඩුවට දමන දවස එනතුරු මම ඇඟිලි ගනිනවා. ඒත් කෝ තවම මොකුත් නැහැනේ. (නි)
ප්‍රශ්න කරලා විතරක් වැඩක් නෑ.(හේ)
මේවා කළහැකි ව්‍යාපාරිකයන් මේ රටේ නැද්ද? (නි)
මහපොළ විතරක් නෙමෙයි, පහුගිය කාලේ රටේ ලොකු ලොතරැයි දිනුම් වලට මොනවා වුණාද කියලත් හොයා බැලුවොත් නේද හොඳ?? (නි)
පළිගැනීමක් කියන්නේ ඇයි? ඒ කියන්නේ ප්‍රශ්න කරනකොටම එහෙනම් දන්නවා තමන් වැරදි බව. (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
කිතුල් ගහට ගිය කෙනාටත් උත්තරයක් තිබුනා නම් මෙයාට උත්තරයක් නොතිබෙන්න විදියක් නැහැනේ. හැබැයි හිනහව නම් නියම සමච්චල් හිනාවක්. අනුමානයක් නැහැ මෙයාලව දවසකට හෝ මැති සබයට යැවු ඡන්දදායකයන්ට තමයි මේ හිනාවෙලා තියෙන්නේ (නි)
අනේ! මුහුණ දැක්කහම මට දුක හිතෙනවා (නි)
හොරකම් කරන අය හිරේ දාන්න ඕනෑ. ලෝකේ නිහඩ විප්ලව එතරම් සාර්ථක නැහැ. මිනිසුන්ට පාරට බහින්න වෙයි වගේ නීතිය ක්‍රිරියාත්මක කරගන්න. හොරු, මිනීමරුවෝ, වංචාකාරයෝ තවමත් බලය පෙන්වනවා. මේ රටේ නීතිය කොහෙද තියෙන්නේ? (නි)
බොහොම හොඳයි මේවා හොයක එක (නි)
අපේ රටට ඉර පායා එන බවකුයි පෙනෙන්නේ (නි)
එස්.සේනානායක.ඔබ හරියටම හරි. (නි)
අපිත් බලාඉන්නවා රුපියල් කෝටි ගණනින් ගසාකාපු කම්බා හොරුන්ට/මිනීමරුවන්ට දැඩි දඩුවම් දෙනකම්. ජෙනරල් ෆොන්සේකාව එදා ජනාධිපති කරගන්න නොලැබුනේ රටේ අවාසනාවට,අපේ අවාසනාවට සහ උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට කියලා හිතෙනවා....! (නි)
කූඩුවේ නොදැම්මත් කමක් නැහැ මෙතුමන්ලා කළ වැරදි වැඩ මේ විදිහට පෙන්නලා දෙනවා නම් ජනතාවට. එතකොටවත් ජනතාව තීරණයක් ගනිවිනේ මෙයාලගේ නිර්දෝෂිභාවයේ අඩුවැඩිකම්! (නි)
ආණ්ඩුවට එකතු වුණා නම් ඔය සේරම ප්‍රශ්න කම්මුතු වෙනවා. (නි)
රටේ නීතිය නැවත ක්‍රියාත්මකවීම හොඳ දෙයක්. නමුත් නීතිය ස්ථාපිත වෙන්නේ ඉතා මන්දගාමීව (නි)
හිනාව නම් මට එච්චර ඇල්ලුවේ නැහැ (නි)
අනේ ඔව් පළිගන්න, බිලිබාන්න වටිනාම කෙනා! හොඳ වැඩ කළ නිසානේ දැන් ඔය අපරාධ පරීක්ෂණ වලට ඇවිල්ලා කැමරා ඉස්සරහා විරිත්තන්න වෙලා තියෙන්නේ. (නි)
හොරකම වංචාවට තමා වගකිව යුතුද නැද්ද කියලා කියනනේ නැතුව. (හේ)
කවදද මේ වැරැදි කරන අය හිරේ දාන්නේ.(හේ)