පළමු වසර  ශිෂ්‍ය කණ්ඩායමකට මහපොළ ශිෂ්‍යාධාර ඉල්ලමින් ශ්‍රී  ලංකා සබරගමුව විශ්ව විද්‍යාල සිසුහු අද (29) උද්ඝෝෂණයක් කළහ. පීඨ පහක ප්‍රථම වසර  සිසුන් සඳහා මෙම ශිෂ්‍යාධාර තවමත් ලැබී නොමැති බව මහා ශිෂ්‍ය සංගමයේ සභෘපති සමීර කපුවත්ත කියයි.

මේ අතර පළමු වසර සිසුන්ට ලැබිය යුතු මහපොළ ශිෂ්‍යත්වය මාස 6ක් ගතවනතුරුත් ලබා නොදීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුහුද අද එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධයක නිරත වූහ.

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුහුද සිය මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000ක් දක්වා වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් දෙහිවල නගරයේ ගුවන් පාලම අසල විරෝෂයක නිරත වූහ. අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව එය සංවිධානය කර තිබිණි.

DSC_1894 DSC_1898DSC_1936 DSC_1949 DSC_1953

ඡායාරූප - ඉෂංක සුනිමල්