තමා බලයට පත්වූ පසු 12 වැදෑරුම් වැඩපිළිවෙළක් යටතේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බවත් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 8000 දක්වා වැඩි කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) අම්පාර මහජන ක්‍රීඩාංගණයේ පැවති රැලියකදී පැවසීය.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් ඉහළ දමන බවටද රාජපක්ෂ මහතා එහිදී පොරොන්දු විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොකද කියන්නේ?සුදුවෑන් ගැන ඉතිහාසය නම් ඉතින් මුලු රටම දන්නවානේ. (නි)
බොරු එපා ඕවා කරන්න තමයි අපි ඔබ තුමාට ඡන්දෙ දුන්නේ කරන්න හිතෙන්නේ පැරදුනාම නේද අපි බූරුවෝ කියල හිතුවද ? (නදී)
මහපොළ වැඩිකිරිල්ල කෙසේවෙතත් බලයට ආවොත් විවාහ ගාස්තුව රු 8000 ක් කරලා දුප්පත් කෙනෙකුට කසාදයක් බදින එකත් නැතිවෙයිද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ මිනිසුන්ට මෙච්චරටම මොළේ නැහැ කියලද හිතාගෙන ඉන්නේ දන්නේ නැහැ (නි)
ඔව් ඉතින් ඒවා එයාගේ සල්ලි නෙමෙයිනේ. දුප්පත් බදු ගෙවන්නන්ගේ සල්ලිනේ. දුප්පත් අය මේවට රැවටෙන්න එපා. (නි)
අපිට ඉන්නේ කොන්දක් තිබෙන කියන දේ කරන නායකයෙක්. (නි)
හැමදාම පුද්ගලික අංශයේ පඩි නම් වැඩිකළා (නි)
බොරු කියන්න එපා. ඔයා ඉන්නකන් අපිට සළකපු හැටි මතකයි. අපි ඕවට ඇන්දෙන්නේ නැහැ. (නි)
තාම හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලද? ඔය කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙක් විතරයි (නි)
අපිට අවශ්‍ය සල්ලි විතරක් නෙමෙයි. රටේ නිදහස,නීතිය සහ සාධාරණත්වය. එය මහින්ද ප්‍රමුඛ පිරිසට කළ නොහැකියි. (නි)
ජනාධිපති කාලේ නොකළ දේවල් දැන් කරන්නේ කොහොමද? (නි)
අපේ විශ්ව විද්‍යාල දරුවන්ට හමුදා පුහුණුව දෙන්න අදහසක් නැද්ද? (නි)
අපි දැන් කොණ්ඩය බඳින්නේ නැහැනේ. (නි)
ලැම්බෝගිනි ෆෙරෙර්රි,ෆොර්චේ කාර් යුගය මතක අපිට තව කුමට කතාද? (නි)
හැබැයි අපි ගුටිකන්න බයයි (නි)
ඇත්තටම මෙතුමා තරඟ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කියලා කවුරුහරි මෙතුමාට මතක් කරලා දෙන්න වෙයි. මෙතුමා හිතාගෙන ඉන්නේ ජනවාරි තිබුණ ජනාධිපතිවරණය ආයෙත් තියෙනවා කියලා. (නි)
ශිරන්ති, පහන්, මෙතුමා බලයේ සිටිය කාලේදීත් මහපොළ වැඩිකළ බව ඔබලා දන්නේ නැතිව ඇති. ඒ කාලයේ හැටියට 2500ක දීමනාව 4000ක් කළ එක ලොකු දෙයක්. ඒ කාලයේ කාගේ හරි ලියුමකින් විශ්ව විද්‍යාලයට ගිය එක ළමයෙකුගේ නම සහ ලිපිනය දන්නවා නම් එළි කිරීමට ශිරන්තිට මෙන්න අවස්ථාව. (නදී)
තිබුණු ගෞරවයවත් රැකගන්න බැරිවුණා. (නි)
රට ඉන්න අපිට මොකද වෙන්නේ? අපිට හැමදාම හුළං තමා (නි)
මහින්ද මහත්තයා පරදිනවා කියූ සමහරු මේ වෙනකොට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරලා. තව ටික දවසකින් ඔවුන් කියාවි එතුමා අගමැති වෙන එක වළක්වන්න බැහැ කියලා. (නි)
ඔබතුමාම කියනවා මහා බැංකුවේ සල්ලි නැහැ කියලා. මේවට සල්ලි කොහෙන්ද හොයා ගන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද? පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් ඉහළ දමනවාලු. මේවා කරන්න පුළුවන් දේවල්ද? මිනිස්සු දැන් ඔබ හිතනවට වඩා බුද්ධිමත් (නි)
කකුල් දෙක වතුරේ දාගෙන විද්‍යා අංශයෙන් සමත් වුන මගේ දරුවාව බලහත්කාරයෙන් පටවපු හමුදා පුහුණුව දෙන්න බුස්ස හමුදා කදවුරට බාර දෙන්න යනකොට මට ඇති වුනේ කියන්න බැරි තරම් වේදනාවක්. අඩුම වසයෙන් දෙමව්පියන්ටවත් ගේට්ටුවෙන් ඇතුලට යන්න දෙන්නේ නැහැ. තවත් රටේ අසරණ දෙමාපියන්ට එවැනි වේදනාවක් දෙන්න ඕනෙම නැහැ. (නදී)
කුමා, ඔබ හරියටම හරි. (නදී)
සරත්ට විශ්වාසද අවුරුදු 10 නොකරපු දේ දැන් කරයි කියලා? (නි)
විශ්ව විද්‍යාලවල වල ඉන්න අපේ අසරණ දරුවන්ට ඉස්සර කොහොමද සැලකුවේ කියල අපි ඇස් පනාපිටම දැක්කනේ.(නදී)
බලාගෙන ගියාම මුන්නැහේට දැන් තමයි මොළේ පෑදීගෙන එන්නේ, පහුගිය අවුරුදු 10 ටම කරන්න බැරිවුණ දේවල් කරන්න.මොනතරම් හොඳද කියලා ජනතාව තේරුම්ගනීවි. (නි)
මහින්ද ඔයතරමට පම්පෝරි ගහන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඔයතරමට බලය තියනවද? (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)
දැන්ද මේවා මතක්වෙන්නේ? (නි)
ජනාධිපතිවෙලා වෙලා සිටි කාලේ කරන්න බැරිවුණ දේවල් මන්ත්‍රීකමකින් හරි අගමැතිකමකින්ද කරන්න හදන්නේ? (නි)
තව සමහරුත් දිගට හරහට ඡන්ද ගුණ්ඩු දිදී, කරන්න බැරි බව පොඩි දරුවාත් දන්නා අනුවණ පොරොන්දු දිදී රට වටේ යනවා (නි)
හොරුන්ටත් ජයවේවා කියන විතරක් නොවෙයි,ඔවුන්ට පිරිත් නූලුත් බඳින එකම රට සිරි ලංකාව. (නි)
මහින්ද මහත්තයා කිවුවා නම් ඒවා ඡන්ද පොරොන්දු නෙමෙයි. කරන පොරොන්දු තමයි. දින 100 යේ නොකරපු පොරොන්දු ගොඩයි. දැන් අවුරුදු 5 හේ ඡන්ද පොරොන්දුත් මහා ගොඩයි. මහින්ද පොරොන්දු ගැන නම් අපිට විශ්වාසයි. (නි)
ජනාදිපතිවරණේ පැරදුනාට පස්සෙනේ මෙයට මේ පොරොන්දු මතක් වෙලා තියෙන්නේ. බලයේ ඉද්දි නොකරපු දේවල් මන්ත්‍රී වෙලා කරන්නේ කොහොමද ? (නදී)
දැන්නම් තත්ත්වය බරපතළයි වගේ. මොනවද මේ කියවන්නේ? (නි)
විදුත් කියන දේ ඇත්ත. බලය ගන්න පුළුවන්තරම් බොරු කියනවා. මහින්දව වටකරගෙන ඉන්නේ ලංකාව කාපු හොරු රංචුව. (නි)
ඕවා කරන්නේ කොහොමද? කොහෙන්ද සල්ලි? (නි)
දැන්ද ඕවා මතක්වුණේ? (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා කොහොමද ඕවා කරන්නේ? (නදී)
ජය වේවා ඔබ තුමාට, මේවා බැඳුම්කර, සුදාලා වගේ බොරු පොරොන්දු නෙමෙයි (නදී)
මේක ජනාධිපතිවරණයක් නෙමෙයිනේ! එයා හිතන්නේ පාර්ලිමේන්තුවට ගිහින් ජනාධිපති වෙන්නද? (නි)
හා හා හා... අවුරුදු 10ක් ඉදල නොකරපු දේ ? (නදී)
ඇයි ඔබතුමාට බලය තිබෙන කාලයේ ඔය දේවල් කරන්න බැරි වුනේ. ඔබ තුමා ඔය වගේ පොරොන්දු පෙර මැතිවරණ වලදීත් දීලා ඒවා ඉෂ්ඨ කලේ නැහැ නේද ? (නදී)
මේ මනුස්සයා ඉන්නකොට නොකරපු දේවල් දැන් කරනවා කියනවා. මෙයා තාමත් හිතන්නේ ශ්‍රී ලංකාකාරයෝ මොට්ට මිහරක් කියලා. (නදී)
හොඳ දැක්මකින් හදලා නිකුත් කරන,රසවත් බයිලා, මේවා අල්ල ගනිල්ලා... (නි)
අවුරුදු 10ක් ජනාධිපති වෙලා ඉන්නකොට කරපු නැති මනුස්සයා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලාද කරන්නේ? ලංකාවේ හොඳ නම ලෝකය ඉදිරියේ නැතිකරලා දැම්මා.රටේ සියලුම පොදු දේපල හොරු රැල සමඟ හොරාකෑවා.මෙවැන්නන් අපේ පාලකයන් ලෙස පත්කරගත යුතුද? උගත් බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාව අතේ තියෙන්නේ.තමන්ගේ දරුවන් ගැනවත් සිතා මෙවැන්නන් දේශපාලනයෙන් අතුගා දමන්න. (නි)
ඉතින් ඇයි ඔය වැඩේ ඒ කාලේ නොකළේ..? ලංකාවේ නුතන මිනිස්සු ඔබ හිතන තරම් මෝඩ නැහැ.මොනවා කරන්නත් දියවන්නාවට යන්න එපායැ. (නි)
බොරු නොකියා ඉන්න. බලයට ඇති කෑදරකමට එක වතාවක් පරාද වෙලා අාපහු ඉල්ලන් කනවා. අවුරුදු 10 ක් ඉඳලා කරන්න බැරි උන දේ දැන් කරන්න පුලුවන්ද.(නදී)
හිනා යන කතා! (නි)
අවුරුදු 10ක් තිස්සේ කොලා මදිද? (නදී)
මොළයක් ඇති රටට ආදරයක් ඇති කෙනෙක් කියන්න ඕනෑ රට හදන, අධ්‍යාපනය හදන වැඩපිළිවෙළක් මිස, මම පඩි වැඩිකරනවා, මහපොළ වැඩිකරනවා වගේ දේවල් නෙමෙයි. රටට සල්ලි එන රැකියා උත්පාදනය වන වැඩපිළිවෙළක් රටට ගෙනාවම මිනිස්සු අතට ඉබේම සල්ලි යනවා. (නි)
මේවා රට හිනස්සන කතා. "‘මහපොළ 8000 ක්" කරන එක තේරුමක් නැහැ. මොකද ඒ කරන්නෙත් බදු ගහලා ගන්න අපේම සල්ලි වලින්නේ. එළියට එන දරුවන්ට රස්සාවක් ඇතිවෙන දෙයක් කරනවා කියන්න. (නි)
තව ටික දවසකින් තව තව දේවල් කියයි (නි)
බලයේ ඉන්න කාලේ දිගට හරහට ගැහුවා. දැන් සත්ත්ව කරුණාව... (නි)
ඔබව අපිට විශ්වාසයි. 2550 ක් තිබුන මහපොළ 4000 ක් කළේ ඔබයි (නදී)
ඔබතුමාගේ පුද්ගලික ධනයෙන් කරනවා නම් අපිට කැමකියි. ප්‍රශ්නයක් නැහැ (නි)
හැමදාම සුරංගනා කථා කියන අපේ මහින්ද මාමා (ම)
මෙතුමාට මෙතුමාගේ ඡන්දයත් නැති එකේ ඉතින් තව මොන කතාද? (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙකුට කළ හැකි දේ හරි පුදුමයි (ම)
පුතාගේ ලියුම් වලින් සරසවියට ගිය අයට විතරද දෙන්නේ ? හරියට විබාගය පාස් වුනු අයටත් ගෙවනවද ? අවුරුදු දහයක් ජනාධිපති වෙලා නොකරපු දේවල් මන්ත්‍රී වෙලා පුලුවන්ද ? කොන්ඩේ බැඳපු කට්ටිය ඉන්නේ ලංකාවේ නෙමේ චීනයේ. අරක්කු බෝතලයට කෑම පැකට් එකට රුපියල් පන්සීයට ඡන්ද රැස්වීම්වලට දුප්පත් මිනිස්සු යනවා. ඉන්න සෙනඟ කුරුණෑගල මිනිස්සු නෙමෙයි බස් වලින් අරගෙන යන කුලියට අඩන කට්ටියනේ. පොටෝ වලින් පේනවා හැමදාම ඉන්නේ එකම හරක් රැල කියලා. බයියගෙන් ගුටිකන්න පුදුම ආශාවක්නේ තියෙන්නේ වහලුන්ට (නදී)
අවුරුදු 10ක් කලේ නැති දේවල් දැන් කරනවා කියලා කෑ ගැහුවට ඕවට අහුවෙන්න ජනතාව මෝඩ නැහැ කියලා ඔබ දන්නවද (නදී)
ජයම වේවා ඔබ තුමන්ට. කුරුණෑගල අපි ඔබ සමගයී (නදී)
පසුගිය අවුරුදු 10ක් තිස්සේ මොකද මෙතුමාට ඒ ටික කරගන්න බැරිවුණේ? අර සරසවි ළමයින් නිකන් බැටන් පොලු පහරවල් කෑවා විතරයි. (නි)
අට දාහ නෙමෙයි අසු දාහ කිවුවත් දැන් රටේ තරුණ ළමයින් ඕවාට අහුවෙන්නේ නැහැ මැතිතුමනි. (නි)
දැන් දොඩවනවා තවත් මොනවා කියයිද දන්නේ නැහැ (නදී)
දවසක් හරි රටේ නායකයා වෙලා හිටපු නිසා නම්බු දෙනවා. නැත්නම් කතාකරන විදිය අපි හොඳට දන්නවා. රෙදි ඇඳගෙනද මේවා කියන්නේ? තමන්ගේ පාලන කාලෙට කලින් ඡන්දෙට පොරොන්දු වූ 2500 පඩි වැඩි කරනවා කිවුව දේ අන්තිමට ජනාධිපති මැතිවරණය දක්වාවත් ඉටු කළාද..? හිතාගෙන ඉන්නනේ විදියට මේ රටේ මහා ජනතාව කන්නේ තණකොළ කියලා (නි)
ජනවාරි 8 වෙනිදා ඉඳලා උදේ හවා ඔය වගේ විහිළු සපයලා අපේ ලේ පිරිසිඳු කරනවට හිටපු ජනධිපතිතුමාට ස්තුතියි. (නි)
ඔබේ කාලෙ සල්ලි වලින්ද දෙන්නේ? (නි)
ඔබ තුමා අපට සහ අප රටට කරපු සේවය කිසිම නායකයෙක් කර නොමැත. එ්ක විශ්වාසයි (නදී)
කොයි කාලේ වගේද මහත්තයෝ ඕවා කරන්නේ? (නි)
අනේ සරත්ගේ පුංචි පහේ මොළේ. (නදී)
ඔය සුළඟේ පාවෙන සබන් බෝල.ඕවට ශිෂ්‍යයෝ රැවටෙයි කියලද හිතන්නේ. ඒකාලේ පහුවෙලා ගොඩක් කල්. (නි)
ඔබතුමාට මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම සේවය තමයි ඉතාම සාධාරනව විභාග නීතිරීති වලට අනුකූලව උසස් අධ්‍යාපන විභාගවලට ලියා අදාළ නීති රීති වලට අනුකූලව අවංකව ලකුණු ලබාගෙන තරුණ තරුණියනට උපාධිදාරීන් වීමේ වටිනාකම පෙන්වීම. මම මේ කතා කරන්නේ ඔබතුමාගේ හෘද සාක්ෂියටයි. (නි)
අවුරුදු 10 ක් ඉදලා ඕවා කළේ නැත්තේ ඇයි? (නදී)
පුද්ගලික අංශයට එහෙම හිතු මානාපෙට පඩි වැඩි කරන්න මොකෝ ඔබතුමා පඩි පාලක සභා පනතේ සභාපතිද ? පසුගිය අවුරුදු 10 තිස්සේ පුද්ගලික අංශයේ අපි, රජයේ සේවකයන් වගේ දස ගුණයක් මහන්සි වුනා. රටට උපරිම පලදායිතාවයක් ලබා දුන්නා. අපේ බඩ ගොස්තරය මහන්සි වෙලා අපිම සොයා ගත්තා. ඔබතුමාගේ සාටකයේ එල්ලෙන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. (නදී)
එහෙනම් එකත් එකටම අර අකුරැස්සේදී ලඟට ආපු එක්කෙනා මහපොළ වැඩි කරනවාද කියලා අහන්න වෙන්න ඇති අතේ එල්ලුනේ. (නදී)
සරත්,ඇයි ඔච්චර මෝඩ?ඔය කතා කරන්නේ අවුරුදු දහයක් බලයේ ඉදලා ඕවා නොකරපු කෙනෙක්. අනික පෞද්ගලික අංශයට පඩි වැඩි කරන්න රජයට බැහැ.ඉල්ලීමක් විතරයි කරන්න පුළුවන්.බොරු පොරොන්දු කාගේද කියලා තේරෙනවද ? (නි)
කැනඩාවේ දිසෝ, ලංකාවට ඇවිත් බැලුවොත් නරකද මහින්ද කරවපු මහා මාර්ග පද්දතියම. යටි තල පහසුකම් ගැන. මෝඩ කතා කියන්න එපා. අන්තිමට ඔහේ ලංකාවට ඇවිත් ඡන්දයක් දැම්මේ කවද්ද? ඔයාට මොනවද කරන්න පුළුවන්නේ අපේ ජනදිපතිතුමාට. කැනඩාවේ ඉදන් බොරු ටෝක් දෙන්න එපා. .ඔයාට පුළුවන් එකම දෙය ඩොලර් වලට කඩේ යාම සහ රට පාවා දෙන්න විතරයි. (නදී)
අනේ! හිටපු කාලේ නොකළ දේවල් දැන් විකාරෙන්ද මේ කියවන්නේ? හිතනවද මේ පාරත් බොරු වලට මිනිස්සු රැවටෙයි කියලා? (නි)
අලුත බඳින ජෝඩුවලට දෙනවා කිවුව ලක්ෂ දෙක දෙනවා නේද? මම ආයෙත් බඳිනවා. ඔබතුමා දිනේවා. පොරොන්දු ඉටුවේවා. (නි)
මේ වගේ අය නායකත්වයට පත් උනාම කරන්නේ අධ්‍යපනයට පලමුව සියුම් අයුරින් පහර ගහල අනාගත පරපුර මැට්ටෝ කරන එකයි. අනාගතයේ රටේ වැඩිපුර මැට්ටෝ බිහි උනාම, ඒකාධිපති පාලනයක් තුලින් පවුල් පාලනයක්, පියාගෙන් පුත්‍රයාට යන පාලනයක් ඇතිකරගන්න ලේසියි. අවුරුදු 2කට කලින් නැවත බලය ඉල්ලලා, මෙයා ගහන්න ගිය ගේම් ජනතාව නොදන්නවා කියා හිතාගෙන ඇති. මෙයා කියන දේවල් හොඳයි කියන්නේ මැට්ටෝම තමයි. (නදී)
හිතාගෙන ඉන්නේ අපි බත් කන හරක් කියලද දන්නේ නෑ. මේවා අනු ගනන් වල දේශපාලන ප්‍රයෝග. දැන් මිනිස්සු ඕවට අහු වෙන්නේ නැහැ (නදී)
ඔබ තුමා කියන දේ කරන කෙනෙක්. 2500 ට වඩා වැඩිපුර දීපු සල්ලිත් කපා ගත්තා. අන්තිමට 400 ත් නැහැ 5000ත් නැහැ. තාමත් අපිට මහපොළ ගෙවලා නැහැ. ඒකයි ඇත්ත (නදී) .
මහින්ද මැතිතුමාට ජයවේවා ! (නි)
ලාල් ඔබ හරියටම හරි. (නදී)
පුළුවන් නම් උපාධිදාරියන් ඇතුළු උගත් තරුණ තරුණියන් තමන්ගේ ඊළඟ පරම්පරාවට දර පලන්න වලන් හෝදන්න උයන්න ගෙන්න ගනීවි. අපි නොදන්නවයි තරුණ පරපුරට තිබෙන ආදරේ.බුදුන් පවසා තිබෙන්නේ "විශ්වය සහ පරිණාමය " යන දෙකම සෙවීම කෙළවරක් නැති බවයි. එමෙන්ම විශ්වය අනන්තයි , හරියට සංසාරය වගේ.මේ සංවාදයට බොදු හිමිනමක් සම්බන්ධ කරානම් තමයි හොඳ. (නදී
කටින් බතල හිටවනවා දැන්. 8,000 ක් කොහෙද ඔය කියන සල්ලි තියෙන්නේ? (නි)
විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 8000 දක්වා වැඩි කරපු හැටි අපි දැක්කනේ? (නදී)
රටේ අධ්‍යාපනයට ජාතික අාදායමෙන් 6% ක් වෙන් කරන්න ගෙන ගිය උද්ගෝෂණයේදී යතරු පැදියේ ගිය අසරණ ජිවිත දෙකක් නැති වුනා. කවුරු කලත් සහ ගහන අපරාද. (නදී)
මහින්දගේ කතා විස්වාස කරන්න දැන් රටේ බත් කන හරක් නැහැ. ඉන්නෙත් ටික දෙනෙක් විතරයි. (නදී)
අනේ මේ කැකිරාවේ බණ්ඩාර, ඔය පාරවල් ටික පෙන්නුවාම බණ්ඩා කොළඹ එක්ක ඇවිත් හෝ ගාන පොකුණ පෙන්නුවා වගේ අපේ රටේ මිනිස්සු මෝඩයට අන්දපු කාලේ දැන් ඉවරයි (නදී)
ඇයි දෙයියෝ මේවා කලින් කිව්වේ නැත්තේ? (නි)
වෙස් මුණු බැඳන් අාවත් අපි නෑ රැවටෙන්නේ !(නදී)
මේක ජනාධිපතිවරණයක් නෙමෙයිනේ! එයා හිතන්නේ පාර්ලිමේන්තුවට ගිහින් ජනාධිපති වෙන්නද? (නදී)
හැමදාම ඔය මිනිසුන් කරන්නේ ඉස්ටේජ් වලට ගොඩවෙලා, අනුන්ව විවේචනය කරමින් බොරු බේගල් ඇදබාමින් වයිරය රටේ වපුරපු එකයි හැමෝම කරන්නේ ඒක. දැන් හැම රැස්වීමකම ඔය එන හැම දේශපාලකයෙකුටම අහන් ඉන්න ඒ පළාත්වල දුප්පත් මිනිසුන්ට ස්ටේජ් එකට නංවාල ඔය මිනිසුන්ට තමන්ගේම අවශ්‍යතාවයන් හා මහජනතාවට මොනවද අවශ්‍ය කියලා ඇගිල්ල දික්කරල දේශපාලකයට කියන්න අවස්තාව දෙන්න ඕනේ .එ් ක්‍රමයයි සිදුවෙන්න ඕනේ අද. රටේ මිනිසුන්ගේ නිවෙස් වලට බලෙන් ඔය මිනිසුන්ව ඇදන් ගිහින් කුස්සියේ වලන් ටික පෙන්වනවා නම් මහජන මුදලින් රජ සැප විදින මිනිසුන්ට දුප්පත් මිනිසුන්ගේ දුක පෙනේවි....?(නදී)
පසුගිය අවුරුදු 10ක් තිස්සේ මොකද මෙතුමාට ඒ ටික කරගන්න බැරිවුණේ? (නදී)
කොණ්ඩය බැඳපු චීනුන්ට ඕවා කියන්න. (නි)
මට පෙනෙන්නේ කලබලයට පත්වෙලා වගේ (නි)
බලය තියෙන කාලේ කළේ නැත්තේ ඇයි? (නි)
2005 ඉඳලා 2010 වෙනකම්ම යුද්ධ කළා කියමු මහත්තයෝ. ඉතිරි අවුරුදු පහ මොකද කළේ ආයුබෝවන් (නි)
වසර 40 ක අතීත පක්ෂ දේශපාලනය දන්නා අපි, ඔබතුමා කියන දේ කරන, බොරු පොරොන්දු නොදෙන කෙනෙකු බව අත්දැකීමෙන් දනිමු. (නි)
අනේ මන්දා මේ රවට්ටන්න හදන්නේ ලෝකේ තියෙන අමාරුම විබාග පාස් කරලා ආපු ලංකාවේ ඉන්න බුද්දීමත්ම පිරිස නේද කියලා හිතෙනකොට මුන්නහේ ගැන දුකත් හිතෙනවා.(නදී)
සරත්, ඉන්නේ ලංකාවේ නෙමේ වගේ පේන්නේ , කිව්ව විදිහට 95% මෛත්‍රී, රනිල් මහතගේ ආණ්ඩුව පොරොන්දු ඉටුකර රුපියල් 10000/- රජයේ සේවකයන්ගේ වැටුප වැඩිකර. 3500/- විශ්‍රාමිකයන්ට වැඩිකර. ලංකවේ අපිට තව බොහෝ සහන හම්බවුනා. (නදී)
කුරුණෑගල අපි තණකොල කන්නේ නැහැ (නදී)
ජනාදිපති වෙලා කරන්න බැරි උණු දේවල් දැන් කරන්නේ කොහොමද. ලංකාවේ එක මොලේ තියෙන මිනිහෙක් ඉන්නවා නම් මේවා අන්දරේගේ විහිළු කියල හිතල ඡන්දය මෙතුමාට දෙන්නේ ඕනේ. මෙතුමාට ඡන්දය දෙන්නේ මේ කතා අහල නම් ලොකුම මෝඩකමක් කරන්නේ. ජනාදිපතිට බැරි දේවල් කරන්නේ කොහොමද මන්ත්‍රී කෙනෙක්. එ්ක හිතන්න බැරිද ලංකාවේ මිනිස්සුන්ට (නදී)
අවුරුදු 10 කට කරන්න බැරිවුන දේවල් දැන් කරන්න පුලුවන්ද. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා කොහොමද ඕවා කරන්නේ ? (නදී)
රට මෙතෙක් ගත් විදේශීය ණය ගෙවන්නේ කෙසේ දැයි පහදා දෙන්නේ නම් මේ සිනි බෝල ප්‍රකාශ වලට වඩා වැදගත් බව අපට හැඟේ(නදී)
මෙතුමා කළ සේවය අප රටේ වෙන කිසීම නායකයෙක් කර නැහැ. වැරදි හදාගෙන ඉදිරියට යන්න මැතිතුමනි. අපි ඔබව විස්වාස කරමු (නදී)
අධ්‍යාපනයට දීපු ප්‍රතිපාදන 1.8%ක් දක්වා අඩු කරපු එක්කෙනා නේද මේ මන්ත්‍රී කෙනෙක් වෙලා වැඩ පෙන්වන්න යන්නේ? (නදී)
දුන් පොරොන්දු කඩකරපු නායකයෙක් නෙමෙයි මෙතුමා (නදී)
විශ්ව විද්‍යාලෙ ඉන්නෙ ඔබතුමා හිතන විදිහෙ බූරුවො නෙවෙයි. 5000 ඇති. කරපු හරිය අපි හොඳටට දැක්කා. මතක තියගන්න ඔබතුමාගෙ මැරයො අපි කැටයක් කරනකොට අපිට මහපාරේ තර්ජනය කලා. නිදහසක් තිබුනද අපිට. (නදී)
අයියෝ මෙයා හැමදාම මොකක්හරි විහිළු කතාවක් කියනවා (නි)
ඔබතුමාව බලයෙන් පහකර ඉවරයි. මේක ජනාධිපතිවරණය නොවේ. බලය තිබුන කාලේ මේවා නොකළේ ඇයි? (නි)
අධ්‍යපනයට දීපු ප්‍රතිපාදන 1.8%ක් දක්වා අඩුකළ එක්කෙනා නේද මේ මන්ත්‍රී කෙනෙක් වෙලා වැඩ පෙන්වන්න යන්නේ? (නි)