(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහනුවර ඇතුළු මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩාවැටීම නිසා දෙදෙනකු මියගොස් මහනුවර නගරය ඇතුළු අවට නගර හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි.

දුනුවිල නිවෙසක් මතට පස්කඳු කඩා වැටීම නිසා  නිවෙසක් මතට ගලක්  පෙරළීමෙන්  දෙදෙනකු මියගොස් ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

මහනුවර දුම්රිය ස්ථානය අඩි හතකින්  යටවී ඇත. පස් කඳුකඩාවැටීම නිසා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. පොල්ගොල්ල ජලාශයද පිරී ගොස් ඇත. අකුරණ මාතලේ ඒ නවය මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනා ගමණයට දැඩි බාදා එල්ල වී ඇත.

(යොහාන් භාසුර)

0