එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා අද බාරදීමට එම කණ්ඩායම් නායකයෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගියහ.
අපේක්ෂකයන් 15 බැගින් ප්‍රධාන පක්ෂ දෙකට තරග කරති. මහනුවරින් දේශපාලන පක්ෂ 17 ක් හා ස්වාධීන කණ්ඩායම් 7 ක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකි. සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන් 360 කි.
එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.
1) ලක්ෂ්මන් කිරිඇල්ල
2) අබ්දුල් හලීම් මොහොමඩ් හාෂිම්
3) රවුෆ් හකීම්
4) ලකී ජයවර්ධන
5) මයන්ත දිසානායක
6) චානක අයිලප්පෙරුම
7) පත්මලාල් ද අල්විස්
8) වන්නිනායක තෙන්නකෝන් මුදියන්සේලාගේ පුංචිබණ්ඩා වරාවැව
9) ආර්.ජී.සමරනායක
10) දුනුවිල ටිකිර බණ්ඩා හරීන්ද්‍රනාත්
11) ශාන්තිනී කෝන්ගහගේ
12) කේසර සේනානායක
13) සමන්ත අරුණ කුමාර
14) ආනන්ද අලුත්ගමගේ
15) එම්.වේලු කුමාර්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.
1) එස්.බී.දිසානායක
2) මහින්දානන්ද අලුත්ගමගේ
3) කෙහෙළිය රඹුක්වැල්ල
4) ලොහාන් රත්වත්තේ
5) එරික් ප්‍රසන්න වීරවර්ධන
6) දිලුම් අමුණුගම
7) අබ්දුල් කාදර්
8) අ.ගේ.සිරිසේන
9) අබ්දුල් මජීඩ් මොහොමඩ් සිම්සාන්
10) මහපේලිය ගෙදර ජයරත්න
11) අනුරාධ ජයරත්න
12) අනුෂා ඉද්දමල්ගොඩ
13) හසිත චතුරංග ඒකනායක
14) නිමල් ප්‍රේමවංශ
15) ලාල් සිසිර බණ්ඩාර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂණ චෝදනා ඇති කිසිකෙනෙක් මෙතන නැනේ (බ)
අනේ අපේ කරුමේ. අපේ ඡන්දෙ මෛත්‍රිපාල නිසා ආයෙම හොරුන්ගෙ මූණු බලන්ට වුණානේ (බ)
මම සැමටම සුබ පතනවා! යහපත් රටක් අපේ බලාපොරොත්තුවයි (නි)
මේ සැරේ නම් පාර්ලිමේන්තු යවන්න ඕනෑ කවුද කියලා හොඳින් හිතාබලා වැඩ කරන්න ඕනෑ (නි)
සමහර මහත්වරුන්ගේ මුහුණු දැක්කහම මට නම් හිතෙන්නේ තමන් ගැන සහ සහචරයන් ගැන පමණක් සිතමින්, මහජනතාවට සේවය කරනු සඳහා කියමින් ලොකු ලොක්කන් වීමේ තරඟයට සුදානම්වීමක් ලෙසයි (නි)
ෂුවර් එකටම එන කට්ටියකුත් මෙතන ඉන්නවා. මම ඒක දන්නවා (නි)
අපි දෙන්නම්කෝ ගානට අපේ කැමැත්ත (නි)
ජයවේවා! (නි)
දේශපාලනයෙන් අතුගා දාන්න අවශ්‍යයි කියලා මට හැඟෙන පිරිසකුත් මෙතන ඉන්නවා (නි)
රට කාපු අය කැපිල පේනවා සුසිල් ට පපුවේ අමාරුව හැදිලා බේරුනොත් ඇති (බ)