
(ෂේන් සෙනෙවිරත්න)
සුළි කුණාටුවත් සමග ඇති වූ නාය යාම් නිසා මසකට අධික කාලයක් නතර වූ මහනුවර - මාතලේ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වත්තේගමට සීමා කරමින් දිනකට පරීක්ෂණ මට්ටමේ දුම්රිය ගමන්වාර දෙකක් ආරම්භ කළ බව මහනුවර දුම්රිය ස්ථානය කියයි.
ඒ අනුව දුම්රිය මගීන්ට ද විවෘතව දිනකට දුම්රිය ගමන් වාර දෙකක් අද සිට ධාවනය කිරීමේ කටයුතු ආරම්භ වූ අතර පාන්දර 05.00 ට මහනුවරින් වත්තේගම බලා පිටත් වන දුම්රිය පාන්දර 05.45 ට වත්තේගමෙන් යළි මහනුවර බලා පිටත්වීමට නියමිතය.
යළි දහවල් 02.00 ට මහනුවරින් වත්තේගම බලා පිටත් වන දුම්රිය දහවල් 02.45 ට වත්තේගමෙන් මහනුවර බලා පිටත් වීමට නියමිත බව මහනුවර දුම්රිය ස්ථාන ප්‍රකාශකයෙක් කියයි.
මෙම ගමන් වාර දින 04 කට සීමාවන බවද දුම්රිය ස්ථානය ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS