සිකුරාදා (17) සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර නගරයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන මහනුවර නගර මධ්‍යයේ ඇති කිසිදු මාර්ගයක නැවැත්විම තහනම් බව මහනුවර නගරාධිපති සේන දිසානායක මහතා පැවැසිය.
නගරාධිපති මෙසේ පැවැසුයේ මහනුවර නගරයේ රථ වාහන සැලැස්මෙන් වෙළද ප්‍රජාව මෙන්ම පාසල් ළමුන් 30000 ට අධික පිරිසකට විශාල ගැටළුවක් වන බව පවසමින් මහනුවර ඒකාබද්ධ වෙළද හා ප්‍රජා එකමුතුව මහනුවර මහනගර සභාව ඉදිරිපිට අද (17) පැවැත්වූ විරෝධතාවයට විසඳුමක් ලබාදීමට පැමිණි අවස්ථාවේය.
මහනුවර නගරයේ වාහන තදබදයට විසදුමක් ලෙස මහනුවර නගර මධ්‍යයේ ක්‍රියාත්මක කළ වැඩ සටහන සාර්ථක වුවත් එහි ඉදිරි පියවරක් ලෙස පස්වරු 3.30 න් පසු පේරාදෙණිය කොළඹ මාර්ගයේ වහාන එක් දිසාවකට ගමන් කිරිමෙන් අර්බුද රැසක් නිර්මාණය වු බවත් පස්වරුවේ ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්ම සෙනසුරාදා ඉරිදා දිනයන් හි ක්‍රියාත්මක කළහොත් එහි සිටින වෙළඳ ප්‍රජාව විශාල අර්බුද රාශියකට මුහුණ දිය හැකි බව මහනුවර ඒකාබද්ධ වෙළද හා ප්‍රජා එකමුතුව විරෝධතාවයේදී පැවැසිය.
විරෝධතාකරුවන් මහනුවර මහ නගර සභාවට ඇතුළු විමට ගත් උත්සහය පොලිසිය නවතා දමු අතර පසුව නගරාධිපති හමුවී සාකච්ඡාවකට නියෝජිතයන් 10 දෙනකුට අවස්ථාව හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න වාහනය පාක් කර ගන්න බැරි නිසා නුවර යන්නේ නැති තරම් (බ)
නුවර රථවාහන තදබදයට පිළියම තනි අතට ධාවනය නොවේ. පරණ පේරාදෙණිය මාර්ගය දෙපස මුල්ගම්පොළ දක්වා වාහන නැවතවීම තහනම් කරන්න. මාර්ගය මැද තාවකාලික බාදක යොදා දෙපසට වාහන හැරවීම පාලනය කරන්න. නගරය තුලට පිවිසෙන හා නවතා තබන වාහන වලින් අධික නැවතුම් ගාස්තුවක් අය කරන්න. (වෙළඳ වාහන හැර). නගර සේවා බස්රථ ගමනාන්ත වෙනස් කරන්න. (පිළිමතලාව-පොල්ගොල්ල) වැනි. (ර)
කඩකාරයන්ට ඕනෑ විදිහට රටක් ඉස්සරහට ගෙනියන්න බැහැ. ඔබතුමන්ලා රටේ බහුතරයක් ගැන හිතලා හොඳ තීරණයක් ගන්න. නුවර ඉඳලා කටුගස්තොටට එන්න පැයකට වඩා යනවා. උදේට පාරවල් බ්ලොක් වෙන්නේ තනිකරම පාසල් ළමුන් රැගෙන එන වාහන නිසා. මේවා සොයා බලා සුදුසු පිළියම් යොදන්න. (නි)
සුළු සුළු අපහසුතා තිබුනත් මේ වැඩපිළිවෙලින් නුවර නගරයේ තදබදය අඩු වුණා. බොරුවට "අස්සයා ගියායින් පසුව ඉස්තාලේ වහගෙන ඉන්නවා වැනි " දළදා මාලිගාව ළඟ පාරත් ඇරියා නම් ප්‍රශ්නේ ඉවරයි...! (නි)
ඒ අයට ඕනේ ඒ අයගේ බඩ ගොස්තරය විතරයි. කටුගස්‌තොට පාර හදන එකටත් මේකම තම වෙන්නේ.(අ)
ඇයි වෙළඳ ප්‍රජාවගේ උවමනාවටද වාහන යන්නේ (බ)
මාලිගාවට හානියක් නොවෙන. ජනතාවට සහනයක් ලැබෙනවානම් කමක් නැහැ වෙන මොනවා උනත්. (ර)
මාළිඟාව ළඟ පාර විවෘත කළා නම් සියළු ප්‍රශ්න අවසානයිනේ (නි)
පහුගිය දවස් වල "වන් වේ" කරාට පස්සේ වාහන තදබදය අඩුවෙලා පුදුම සහනයක් ජනතාවට සහ රථ වලට තිබුනේ.... ඒ සහනය මුදලාලිලාට අසහනයක් වෙලා වගේ... (ර)
මහනුවර ලෝක උරුම නගරයක්ද? වෙළඳ නගරයක්ද? බෞද්ධ නගරයක්ද? මිනිසුන් ජීවත්වෙන නගරයක්ද? බිස්නස් වැටෙනවා කියලා සිංහල වෙළඳ සංගමය “වන් වේ“ එපා කියනවා. බුද්ධාගම කියලා ඒ26 පාර අරින්න එපා කියන්නේත් සටනේ ඉන්නෙත් මේ වෙළඳ සංගමයමයි. (නි)
මීට කලින් වන්වේ කරපු එකත් නැවැත්තුවේ ඔය කඩ කාරයෝම තමයි. (ර)
නගරාධිපතිතුමනි, මේ දැවෙන ප්‍රශ්නයට දේශපාලනයෙන් තොර විසදුමක් ලබාදෙන්න. පාසල් වැන් රථ පමණක් නොව, පුද්ගලික බස් පවා අතුරු පාරවල් වල නතර කිරීමට ඉඩ නොදෙන්න. මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග පමණක් නොව, අතුරු පාරවල් පවා බ්ලොක් වන විදිහට මේ බස් නවතා තබන්නේ.(හේ)
නගරාධිපතිතුමනි, පාරේ සටන් වලට බියවෙන්න එපා. නගරයේ මාර්ග අයිති මුදලාලිලාට හෝ පන්සල වලට නොවේ. ජනතාව ගැන හිතන්න. (නි)
රටට වැදගත් වෙන්නේ මේ නගරේ මිනිස්සුද? කරුණාකර මේ කරපු වැඩේ මුළු දවසෙම ක්‍රියාත්මක කරන්න. මේ ලස්සන නගරය මේ කීප දෙනෙකුට විනාශ කරන්න දෙන්න එපා. (නි)
නගර සභාව ක්‍රියා කළ යුත්තේ වෙළදුන්ට ඕනේ විදියට නොව මහජනයාගේ සහ පාසල් සිසුන්ගේ වුවමන පරිදි එක පතට ගමන ගමනය තිබුනත් යමක් මේ වෙළද සැලෙන්ම ගන්න ඕනේ නම් ඔහු එනවා. නගර සභාව පාලනය කරන්නේ වෙළෙන්දන්ද? නගර සභාවට ආවේ වෙළෙන්දන් ගේ යහපත හදන්නදේ නැතිනම් දිනපතා කරදරකාරී පැය ගණන් කාලය කාදමන මගී ජනතාවගේ යහපත සදහා යමක් කරන්නද ?(හේ)
වන් වේ කරන එක හොදයි. ඒත් පේරාදෙනිය පැත්තට යන වාහන ටික නම් හොඳට හිර වෙනවා. ගන්නෝරුව පාරත් වන් වේ කරා නම් බ්ලොක් එක නැතිවෙයි. (ර)
ඉස්සර තිබුන ඓතිහාසික දළදා නගරය නැවත දකින්න නොලැබීම නම් කණගාටුවට කාරණයක්. (ර)
වැඩිය හිතන්න ඕනෑ නාගරිකයො ගැනද? මුදලාලිලා ගැනද? (නි)
නුවර මිනිස්සුන්ට කවදාවත් හොදක් කරන්න බැරි මේ කඩකාරයෝ ටික නිසා. යන්තම් අවුරුදු ගානකට පස්සෙ බ්ලොක් එක අඩු වුණා. ඒකටත් කෙලියා . කොන්ද පණ තියන එකෙක් වත් නෑ මෙ මුන්ට දෙකක් අනින්න (බ)
නගරදිපතිතුමනි, ඔබ ගත් හොද ක්‍රියාමාර්ගයකි. නැවත ආපස්සට හරවන්න එපා. (ර)
ව්‍යාපාරිකයෝ හිතාගෙන ඉන්නේ පාර අවහිර වුණාම බිස්නස් වැඩිවෙනවා කියලා. තදබලය අඩුවුණාම වැඩිපුර මිනිස්සු එන බව මේ අයට තේරෙන්නේ නැහැ (නි)