
(ඩයනා උදයංගනී)
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට 29 වැනිදා රාත්‍රීයේ විශාල පිපිරුම් හඬක් සමඟ ඇතිවූ භූ කම්පන තත්ත්වයට හේතුව කුමක්දැයි සොයාබැලීම සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ තවත් කණ්ඩායමක් හෙට (1) දිනයේදී එම ප්‍රදේශයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිත බව එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සුනාමි අධ්‍යයන අංශයේ ප්‍රධානී, භූ විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ඇය ඇතුළු නිලධාරීන් හය දෙනෙකු ඇතුළත් බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ ගැන සොයාබැලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (30) දිනයේදීත් එහි ගොස් පරීක්‍ෂාවක නිරත වූ අතර එහිදී රැස්කරගත් තොරතුරු හා දත්ත ද මේ වන විට විශ්ලේෂණය කරමින් පවතින බව ඔහු කීවේය.
මෙම ඇති වූ සිද්ධියට හේතුව සෙවීමට තව දුරටත් සියුම්ව මේ ගැන පරීක්‍ෂා කළ යුතු බව පෙනී ගොස් ඇති නිසා තවත් කණ්ඩායමක් ඒ වෙනුවෙන් යෙද වූ බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
90 දශකයේ සිට මහනුවර ප්‍රදේශයට වරින්වර දැනෙන භූමි කම්පාවලට හේතුව හුණුගල් ස්ථරයක් පිහිටි ප්‍රදේශයක හැදුවා වික්ටෝරියා වේල්ලේ බලපෑම කියලා කියනවා.
හේතුව නම් කවදාවත් හොයාගන්න ලැබෙන එකක් නැහැ.
ලංකාවේ මිනිස්සුන්ට හෙන ගහලා ගියත් කමක් නෑ.. මේ රටේ වගකිව යුතු රජයේ ආයතන. ඔක්කොම වුණාට පස්සෙ කියනවා අරක නෑ, මේක නෑ කියලා. දැන් මේකටත් කියනවනේ තියෙන නිරීක්ෂණ මධ්‍යස්ථාන වැඩි කරන්න ඕනෙ කියලා.
කවුද ලොක්කෙක් කිව්වා නේද ටයිල් කැටයක් රස්නෙට පුපුරලා කියලා...? එහෙම වුණොත් මැදපෙරදිග ගෙවල්වල ගොම ගාන්නවෙයි නේද? අනේ මන්දා දන්න තරම...
භූමි කම්පාවක්ද, එහෙම නැතිනම් ලොකු බේබි අර ඉස්සර වගේම ලොකු නිධානයක් ගන්න පිපිරවිමක් වත් කළාද?