(මොහොමඩ් ආසික්)
තැපැල් සේවක වෘත්තීය සමිති සම්මේලනය ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු තැපැල් කාර්යාල අද (13) වසා තැබීම නිසා තැපැල් සේවාව මුළුමනින්ම බිඳ වැටී තිබිණි.
බොහෝ තැපැල් කාර්යාලවලට ජනතාව පැමිණ ආපසු යන අයුරු දක්නට ලැබිණි.
මහනුවර නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඩී.ඇස්.සේනානායක වීදිය මධ්‍යම වෙළඳපොළ තැපැල් කාර්යාලය ද කටුගස්තොට අකුරණ පූජාපිටිය ඇතුළු ආසන්න තැපැල් කාර්යාලය වසා තිබෙනු දක්නට ලැබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප තැපල් ස්ථානාධිපතිවරුන්ට සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට ඇති නිවාඩු අහිමියි. තමන්ගේ වියදමින් ආදේශකයෙකු යෙවිය යුතුයි. ඒක ලොකු අසාධාරණයක් අනික සෙනසුරාදා වැඩ කළාට කිසිම දීමනාවක් උප තැපැල් ස්ථානාධිපති වරුන්ට ලැබෙන්නේ........හරිම අසාධාරණයි....
මා දන්නා අයුරු රුපියල් දාහක් පමණවත් ආදායමක් නො උපයන උප තැපැල් කාර්යාල තිබෙනවා.
තැපෑල කියන්නේ සේවාවක් මිසක් ලාභ උපයන තැනක් නෙවෙයි කියලා මතක තියා ගන්න ඕන, බලධාරීන් . ඔය තැපැල් සේවකයෝ ඉතාමත්ම අගනා සේවයක් ඉටු කරන අය . ඒ ගොල්ලන්ගෙ ඉල්ලීම් සාධාරණයි .