කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය තමා බලයේ සිටියදී ආරම්භ කළ බවත් එහි වැඩ නතර කිරීමෙන් පසුව ඡන්දයට සති කිහිපයකට කලින් යළි ඇරඹූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියයි.
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුනට සුබ පතන ඔහු කියනුයේ ඔවුන්ගේ සිහින සාර්ථක කරගැනීමට සහාය දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද හිටියා නම් මේ වෙනකොට පාරේ 1/4 විතර හදලා කියලා හුඟ දෙනෙක් කතාවෙනවා (නි)
අනේ සාමා ගොන් කතා කියන්න එපා කලින් රජය හදන ගානටමනේ මෙයාල හදන්නෙත්. ගාන අඩු කරන්න ඕනේ නම් මන් තීරු අඩු කරනවා එ්කද හරි ක්‍රමය. කෝ එතකොට ගසා කෑවයි කියපුවා. එතකොට රනිලුත් ගසා කාලද ? (නදී)
ශාන්, සරත් ෆොන්සේකා කලිනුත් හිටියනේ කෝ යුද්දේ දිනුවද. ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයා ඊට වැඩ දහස් ගණනකින් හොඳයි කෝ එ්ත් යුද්දේ දිනුවේ නැහැනේ. එතකොට කොතනද ප්‍රශ්නේ තියෙන්නේ. නිකන් කියවන්නේ නැතුව හිතල බලල කතා කරන්න (නදී)
පිටබැද්දර ජයා අපි දැන් දන්නවා කොහෙන්ද සුදු වෑන් එන්නේ කියලා (නදී)
මේක හදන්නේ අලුත් සමාගමක් සමඟ ගියවර ලන්සුවෙන් භාගයකට සීයට පනහක් මුදල් ඉතුරුයි රටට (ම)
ජනතා නියෝජිතයන් පත් කර ගන්නේ මෙවන් දේ ට තමයි. මොන ආණ්ඩුව පත් වුණත් බොහෝ විට මේවායේ වියදම දරන්නේ මහජනතාව.(ම)
මෙයත් ඕවා ඇරඹූවේ එයාගේ කලින් ඡන්දෙ කිට්ටුව දෙගොල්ලම එකයි ප්‍රශ්නය දෙගොල්ලටම අමතක වෙලා මේවා අපේ බදු මුදල් වලින් හදන්නේ කියලා. අපේ රජය එහෙමත් නැතිනම් මම කියාගත්තහම හිතේ ගෙදරින් ගෙනත් හදනවා කියලා අපි මෝඩ නැහැ මහත්වරුනේ (නදී)
මහින්ද අධිවේගී මාර්ග හදන විට එ්ක නරකයි රනිල් හදද්දී හොඳයි. මහින්ද එෂ්ෂිම් බැංකුවේ නය ගද්දි එය නරකයි රනිල් එෂ්ෂිම් බැංකුවේ නය ගද්දි එය හොඳයි මහින්ද චීනය සමග ගනදෙනු කරද්දී කිරි ඇල්ල අපි චීනයේ යටත් විජිතයක් වෙලා කියා රනිල් චීනය සමග ගනදෙනු කරද්දී කිරි ඇල්ල අපි චීනයේ යටත් විජිතයක් වෙලා කියල කිවේ නැහැ ගොනා කිරි ඇල්ල ද මේවා අහල ඡන්දෙ දීපු අපිද ? (නදී)
මේකේ මුල් සැලැස්ම 2002 ආණ්ඩුවේ. ණය අනුමත කරගත්තේ මහින්ද වෙන්න ඇති. අපි නොදන්නා ණය ගනුදෙනු. (නදී)
බණ්ඩා, රනිල් නය ගන්නේ, රනිල්ගේ බබාලා නලවන්න නෙමෙයි (නදී)
තක්කඩි දේශපාලනය පිටු දකිමු (නදී)
බණ්ඩාර, ගොන් කතා කියන්න එපා. පාරවල් හදන එකට කවුරුවත් විරුද්ද නැහැ. විරුද්ද ඒ දේවල් වලින් හොරා කන එකට. කිලෝ මීටර් එකකින් කෝටි ගණන් හොරා නොකා මොනවා කලත් මිනිස්සු බනින්නේ නැහැ . පසුගිය ආණ්ඩුව කලේ පාරවල් හදනවට වඩා ඒවා වලින් තමා හැදුන එක. බැංකු වලින් ගිය ආණ්ඩුව ණය ගත්තේ ලොකු පොලියකට. ඒ උනාට මේ ආණ්ඩුව ගන්නේ සාධාරණ පොලියකට. ඉතින් මොකද ප්‍රශ්නේ ? ඔයාලටත් හොර වැඩ දැකල දැකල ඒවා නැතිවම ඉන්න බැහැ වගේ. (නදී)
ටිරොන් ඔබේ කතාවට මාත් දහස් වාරයක් එකඟයි. දේශපාලකයො හිතන් ඉන්නෙ යම් දෙයක් කලවිට ඒක කළේ උන්ගේ බූදලෙන් කියලයි (නදී)
තුවාන්, ඉතින් එහෙම වාසනාවක් නැහැනේ! (නදී)
කවුරු හැදුවත් මහජනයාගේ සල්ලි සොරකම් නොකර රට දියුණු කිරීම යුතුකමකි . (නදී)
ඔක්කොම හොඳ වැඩ මහින්ද තමා කරලා තියෙන්නේ. සරත් ෆොන්සේකා ඇතුළු පිරිස් දිනපු යුද්දෙත් මහින්ද ගිහින් ගැහුවා වගේ තමා හැසිරුනේ. මේ මනුස්සයට පුදුම හීන මානයක් තියෙන්නේ. (නදී)
කරන්න හිටපු ගාණත් අලුතෙන් කරන්න යන ගාණත් මහජනතාවගේ දැනගැනීම් සඳහා ඉදිරිපත් කරන්න. (බ)
මෙච්චර කල් නය ගත්ත විදිය දැන් පේනවනේ. නමුත් යහපාලන ආණ්ඩුව ගන්නේ විනිවිද බාවයකින් යුතුවයි එ්කයි වෙනස. ඕන කෙනෙකුට හොයල බලන්න පුළුවන් ප්‍රශ්ණ කරන්න පුළුවන් අදිකරනෙට යන්නත් පුළුවන් එහෙම කලා කියල හැන්දෑවට ඇවිත් සුදු වෑන් එකේ අරන් යන්නෙත් නැහැ. අත පය කඩන්නේත් නැහැ, අතුරුදහන් කරන්නෙත් නැහැ මේක තමයි දැන් තියෙන වෙනස (නදී)
හොඳ වැඩ වලට විතරද ට්විටරේ පණිවිඩ යවන්නේ. . කරපු හොර වැඩ වලට ඕක වැඩ කරන්නේ නැද්ද? (නදී)
විජයබාහු ලිස්සන ගහේ නැගීමේ තරඟ දැකල තියෙනවද ? මුලින් නගින්න උත්සාහ කරන අයගේ ඇඟේ ටික ටික ග්‍රීස් ගැවිලා අන්තිම හරියේදී කෙනෙක් තමයි තරඟය දිනන්නේ .අපේ රටේ යුද්දෙට වුනෙත් එ්කම තමයි . ඊට කලින් හිටිය හැම නායකයෙක්ම වැඩ කළෙත් යුද්දය දිනන්න තමයි . ක්‍රමානුකුලව සතුරාගේ බලය හා හැකියාව අඩුවෙලා මහින්ද මහත්තයාගේ කාලේදී ජග්‍රහණය කරන්න පුළුවන් වුනා. ඒකේ ලකුණු මහින්ද මහත්තයාගේ නමට බැර වුනාට කව්රු කව්රුත් මේ වැඩේට සම්මාදන් වූන බව අමතක කරන එක වැරදියි (බ)
නුවණින් දකිමු සත්‍යය. බොරුවට මුලා නොවෙමු. (නි)
දියුණු රටවල කරනු ලබන ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු දේශපාලකයින්ගේ ගිණුම් වලට බැර කර ගන්නේ නැත. ඒවා මහජන මුදල්වලින් කරනු ලබන බව ඔවුනුත් මහජනයාත් දන්නා නිසාය. ලංකාව වැනි රටවල දේශපාලකයින් මහජනයා ගොනාට අන්දවන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම සහ මෝඩකම නිසාය. ලක්ෂ ගානක් මුදල් වියදම් කර ඡන්දයක් තියා මොවුන්ව පාර්ලිමේන්තුවට යවන්නේ කොස් කොටවන්නද? දේශපාලකයින්ට කලගුණ සැලකීමෙන් වලකින්න. ඔවුන් වියදම් කරන්නේ ඔබේ මුදල්ය.(නදී)
දක්ෂිණ අධිවේග මාර්ගය පටන්ගත්තේ චන්ද්‍රිකා ආණ්ඩුවෙන්. නෙලුම් පොකුණ පටන්ගත්තේ චන්ද්‍රිකා ආණ්ඩුවෙන්. මාතර පාලම විවෘත කළේ බැන බැන. අපි නොදන්න මොණරතැන්න.... (නි)
අංගොඩ ලාල්,ඔයා කවදද රෝහලෙන් එළියට පැන්නේ? (නි)
අංගොඩ ලාල්, ඔයාගේ අවංක පිළිතුර ගොඩක් අගය කරනවා. නමුත් විජයබාහු වගේ කෙනෙක් වෙනුවෙන් කඩේ යන අයට ඔයා කියපුදෙය තේරුනාද දන්නෙ නැහැ. (නි)
කවුරු හැදුවත් මේවා හදන්නෙ අපේ බදු සල්ලි වලින් (නි)
ලංකාවේ එක ආණ්ඩුවක් අරඹන වැඩ තවත් ආණ්ඩුවකින් කරගෙන යන්න පුළුවන්.හොඳම උදාහරණය පොල්ගොල්ල වේල්ල.මේ පාර ඇරඹුවේ නැත්නම් කියනවා ව්‍යාපෘති නවතලා කියලා.ඇරඹුවාම කියනවා මේවා මගේ කියලා.ඇත්තටම මේවා ජනතාවගේ ව්‍යාපෘති.මොකද ණය ගත්තත් ගෙවන්න වෙන්නෙත් අපිටමනේ. (නි)
මහින්ද රට සංවර්දනය කලේ ක්‍රමානු කුලව. ඡන්ද බලාගෙන නොවේ. දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවෙත් ඡන්දෙටද ? (නදී)
ජනවාරි ඡන්දයට කලින් මහින්ද ගිහින් බෝර්ඩ් ලෑලි ගහල ප්‍රදර්ශනයක් කරා කිසිම ආකාරයකට වැඩපටන් ගැනිමට තරම් පසුබිමක් නොමැතිව. මහනුවර හයිවේ එකට මුල පිරුනේ එජාපය කාලයේ (නදී)
මේ මුල්ගල් තියන්න උත්සවයට වියදම කළේ බාප්පාගේ සල්ලි වලින්ද? ඡන්දෙට දවස් හා තුනක් තියෙද්දී මුල්ගල් තියන්නේ ඡන්ද ප්‍රචාරයට නෙමේද? මහින්ද කලත්, රනිල් කලත් වරදට, වරද කියන්න පුරුදු වෙන්න. නැත්නම් මෙයාලත් පිස්සු කෙලින්න පටන් ගනියි. (නදී)
ලාල් නම් අංගොඩම බව පෙනෙනවා. (නි)
මේ රටේ කිසිම සංවර්ධනයක් කිසිම රජයක් තමන්ගේ සල්ලි වලින් කරලා නැහැ. ඒ හැමෝම කළේ අපි බදු ගෙවන සල්ලි අරගෙන තමන්ගේ නම් ගහගත් එකයි. වෙන්න ඕනෑ දේ තමය් රටේ පොදු යහපත වෙනුවෙන් වැඩකරන ජනතා රජයක් හදාගැනීම (නි)
රටේ සංවර්දන සඳහා තමයි මහජනයාගෙන් බදු අයකරන්නේ. ගෙදරින් මුදල් ගෙනවිත් මහා පරිමාණ සංවර්දන ව්‍යාපෘති කරන්න බැහැ. දේශපාලන කුහකකම අතහැරලා රටට සහ අපේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කරන කෙනෙකුට සහය දෙන්න. වෙන්න ඕනෑ ඒකයි (නි)
අපරාදේ කියන්න බැහැ. කවුරු වුණත් දහදිය මහන්සියෙන් හම්බකළ සල්ලි වලින් වෙන්න ඇති මේවා කරන්න ඇත්තේ (නි)
රටක ජනාධිපතිවරයෙක් පත්කරන්නේ, ඔහුව ජනතා මුදලින් නඩතු කරන්නේ, රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න රට සතුරන්ගෙන් බේරාගන්න, රටේ සංවර්ධන ව්‍යාපෘති කරන්න. රටේ හොරකම්, දුෂණ, වංචා විශාල වශයෙන් සිදුවනවිට ඒවා මර්දනය නොකර, යුද්ධය දිනපු බව විතරක් කියමින් ඡන්දය ඉල්ලීම හැමදාම කළනොහැක (නි)
ඔය එක් කෙනෙක් කොටි ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකළාද? නමුත් මහින්ද මහත්මා අභීතව කුමන්ත්‍රණ පරාජයකොට යුද්ධය ජයගෙන රටට නිදහස ලබා දුන්නා. (නි)