හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අඟහරුවාදා (22) රාත්‍රියේ විශේෂ ආගමික වතාවත් සඳහා කතරගම කිරිවෙහෙරට හා දේවාලයට පැමිණියේය.
කතරගම පුදබිමට පැමිණ සිටි රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාද හිටපු ජනපතිට මුණු ගැසුණු අතර දෙදෙනාම එක්ව ආගමික වතාවත් වල නිරත වූහ.
මෙම අවස්ථාව සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ද එක්ව සිටි අතර රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියෝ ආගමික වතාවත් මෙහෙයවූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් දරුවෝ වඩාගෙන කරන ආටක නාටක නවත්තලා නැහැ වගේ ලොක්කා. (බ)
දේශපාලනේ සදාකල් හතුරෝද මිතුරෝද නැත (බ)
රටට හෙද ආදර්ශයක් (අ)
රටට හොඳ ආදර්ශයක් (කෞ)
මහින්ද මහත්තයට නම් සෑහෙන අපල තියෙනවා වගේ පේනවා. පිට රටවල ඇරෙන්න අපේ රටේ නම් එය නොගියපු දේවාලයක් ඇත්තෙම නැහැ.....(කෞ)
මහින්දට ආයෙත් දරු කැක්කුමක් ඇතිවෙලා වගෙයි. ඒ උනාට තුන්වෙනි පින්තුරේ ඉන්න දරුවා නම් හොඳට බිරන්තට්ටු වෙලයි ඉන්නේ ! (කෞ)
යෝෂිත පුතා රක්ෂිත බන්ධනාගාරයෙන් එලියට ගැනීමට කරපු බාර ඔප්පු කරන්න වෙන්න ඇති එන්න ඇත්තේ. එත් ඉතින් තාම නඩු පටන් ගත්තෙත් නැහැ නේ (කෞ)
රංජිත් ඇමැතියි, යෝෂිත පුතයි, මහින්දයි එකට ? මාර තුන් පුට්ටුවක් නේ ! මොනොවද දන්නේ නැහැ මේ පාර දෙවියන්ගෙන් ඉල්ලුවේ. මොකොද මහින්ද, යෝෂිත එහෙම (හොර) පොල් ගහපු පින්තුර නැත්තේ ? (අ)
පල්ලෙමල්ල්ලේ (හම්බන්තොට ) අන්දරේ එදා කීව කවිය අදට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. රජකම් කළත් ඉඳගෙන සිහසුනක් මත ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැළට හිත ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත (අ)
වේදිකා උඩ නහර පුප්පාගෙන, පපුවට ගහගෙන තර්ජන, ගර්ජන කරනවා. මැතිසභය වාග්ප්‍රහාර සඳහා රඟ මඬලක් කරගන්නා මේ අය හොඳ ගජ මිතුරෝ. අපේ රටේ දේශපාලකයන් වනාහි, එකට කනබොන, විනෝද වෙන පුදුම සත්ව කොට්ටාශයකි !! (අ)